(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
අතුරුගිරිය හබරකඩ හන්දියේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි මධ්‍යස්ථානයකට ලොරි රථයකින් ගෙනවිත් තිබූ සෙවිලි තහඩු තොගයක් ඉවත් කරමින් සිටි පුද්ගලයෙකු ඉන් බිමට වැටී අද (28) දා සවස ජීවිතක්ෂයට පත්ව ඇතැයි අතුරුගිරිය පොලීසිය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ හෝකන්දර හෝකන්දර උතුර පදිංචි එච්. ගුණපාල නමැති (63) හැවිරිදි ලොරි රථ සහායකයකු බව පොලිසිය කියයි .
මෙම පුද්ගලයා (28) දා සවස 3 පමණ , අතුරුගිරිය හබරකඩ හන්දියේ පිහිටි හාඩ්වෙයාර් ආයතනයකට ලොරි රථයකින් ගෙනවිත් තිබූ ඇස්බැස්ටෝස් සෙවිලි තහඩු තොගයක් ඉවත් කරමින් සිට තිබේ .
එම සෙවිලි තහඩු තොගය හාඩ්වෙයාර් ආයතයේ ස්ථාන දෙකක ගබඩා කිරීමට නියමිතව තිබූ අතර ඉන් එක් ස්ථානයක කොටසක් ගබඩාකොට ඉතිරි කොටස තවත් ස්ථානයකට ගබඩා කිරීම සඳහා ලොරි රථය පසුපසට ධාවනය කරමින් තිබියදී ලොරි රථයේ තට්ටුව මත රැඳී සිටි සහායකයා එක්වරම ඉන් බිමට වැටී අනතුරකට ලක්ව තිබේ.
පසුව මේ බව දුටු හාඩිවෙයාර් ආයතයේ රැඳී සිටි පුද්ගලයින් පැමිණ අනතුරට ලක්ව සිටි පුද්ගලයා ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී රෝගියා පරීක්ෂාකළ වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඔහු මිය ගොස් ඇති බවයි.
ඒ අනුව මියගිය ගිය පුද්ගලයාගේ මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු චින්තක උදයකුමාර මහතා විසින් (01) දා සිදුකිරීමට නියමිතය .
සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය පොලිසිය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාරද මහතාගේ උපදෙස් මත ප්‍රධාන පොලිස් පරීක්ෂක ක්‍රිස්ටෝපර් මහතා ඇතුළු නිලධාරීහු ඉදිරි පරීක්ෂණ පවත්වති .
රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා
ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.
මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.
කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ
පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සෙවිලි තහඩු ලොරියකින් ඉවත් කරමින් සිටියදී වැටී මරුට