IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ස්විස්ටලන්ත කෞතුකාගරයක තිබු ආදීවාසී අස්ථි කොටස්-කෞතුක භාණ්ඩ යළි ලංකාවට

(ගයාන් සූරියආරච්චි සහ කාවින්දි කරුණාතිලක)

ස්වභාව දහමේ රස කොටස්වලින් ඇට, මස්, නහර හැදුණු ආදි වාසී ජනතාව මේම පොළොවට ණය ගැති වන අතර ඒ ණය ගෙවාදැමීමට මේ භූමියේ මිහිදන් කළ යුතු බවත් පරපුරේ නායකයා ලෙස ස්විස්ටර්ලන්තයේ සිට රැගෙන ආ මෙරට ආදිවාසී ජනතාවගේ අස්ථි කොටස් ඒ ණයෙන් නිදහස් කිරීම සිදුකරන බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැ ඇත්තෝ පැවැසීය.

වන්නිලැඇත්තෝ ඒ බව පැවැසූවේ ස්විස්ටර්ලන්තයේ බැසිල්ස් කෞතුකාගාරයේ සිට මෙරටට ගෙන්වන ලද මෙරට ආදිවාසී මානව අස්ථි කොටස් සහ සංස්කෘතික කෞතුක භාණ්ඩ කිලෝ 400 ක් පිළිබදව මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එම මාධ්‍ය හමුව අද (12) කොළඹ නෙළුම්පොකුණ ලෝටස් ශාලාවේ පැවැත්විණ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වන්නිලැඇත්තේ පැවැසූවේ ආදිවාසීන් විශ්වාස කරන ආකාරයට ස්විස්ටර්ලන්තයේ සිට මෙරටට රැගෙන ආ අස්ථි කොටස්  තවමත් සිර කූඩුවේ පවතින බවත් මෙම ආදිවාසීන්ගේ ණය ගෙවා දැමීමට නම් වැලිකැටයක තරමක හෝ පොළොවේ ගෑවෙන සේ මිහිතලයේ භූමිදානය කළ යුතු බවත් ය.

ස්විස්ටර්ලන්තයේ සිට රැගෙන මෙරට ආදිවාසී මානව අස්ථි කොටස් සහ සංස්කෘතික කෞතුක භාණ්ඩ කිලෝ 400 අතර සම්පූර්ණ ඇට සැකිළි 12 ක්, හිස් කබල් 30 ක් පවතින අතර සංස්කෘතික වශයෙන් වටිනාකමක් ඇති කෞතුක භාණ්ඩ ද රාශියක් රැගෙනවිත් ඇත. එම අස්ථි කොටස් සහ සංස්කෘතික කෞතුක භාණ්ඩ තොගය ඉදිරි පර්යේෂණ කටයුතු සදහා ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ අනුමැතිය මත නීත්‍යානුකූලව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට බාරදීම ද මෙහිදී සිදුකෙරිණි.

මෙරටට ආදිවාසී ජනතාවගේ අස්ථි කොටස් 19 වැනි සියවසේ මුල් භාගයේදී සැරසින් සහෝදරයන් විසින් පර්යේෂණ සදහා ස්විස්ටර්ලන්තයට රැගෙන ගොස් තිබූ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්විවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ඔෂාන් වෙදගේ මහතා ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් 2019 වසරේ සිට ආදිවාසීන් පිළිබදව සිදුකළ පර්යේෂණයකට අනුව ස්කොට්ලන්තයේ එඩින්බරා විශ්වවිද්‍යාලයේ කෞතුකාගාරයේ තැන්පත් කර තිබූ මිනිස් ඇට සැකිළි කීපයක් මෙරටට රැගෙන ඒමට හැකිවී තිබුණි.

පසුව ස්විස්ටර්ලන්තයේ බැසිල්ස් කෞතුකාගාරයේද මෙරට ආදි වාසීන්ගේ අස්ථි කොටස් ඇති බවට දැනගැනීමෙන් අනතුරුව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ සහයෝගීතාවය මත මෙම අස්ථි කොටස් සහ සංස්කෘතික කෞතුක භාණ්ඩ තොගය මෙරටට රැගෙන ඒමට කටයුතු කෙරිණි.

එහිදී බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා විසින් නීත්‍යානුකූලව එම අස්ථි කොටස් ඌරුවරිගේ වන්නිලැඇත්තන්ට බාර දුන් අතර අනතුරුව වන්නිලැඇත්තන් විසින් එම අස්ථි කොටස් ඉදිරි පර්යේෂණ කටුයතු සදහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට බාරදීම ද සිදුකෙරිණි.

මෙම අවස්ථාවට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, , අමාත්‍යංශ ලේකම් බුවනෙක හේරත්, අතිරේක ලේකම් නිශාන්ති ජයසිංහ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය  එම්.එම්. පද්මලාල්, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කායච්ඡේද අධ්‍යනාංශයේ මහාචාර්ය සුරංජි යසවර්ධන, ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යනාංශයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දබර අමිල හිමි යන පූජ්‍ය පක්ෂය සහ මහත්ම මහත්මීහු පැමිණ සිටියහ.

(ඡායාරූප ළහිරු හර්ෂණ)

 

 



අදහස් (4)

ස්විස්ටලන්ත කෞතුකාගරයක තිබු ආදීවාසී අස්ථි කොටස්-කෞතුක භාණ්ඩ යළි ලංකාවට

ravin Thursday, 13 June 2024 08:36 AM

කෞතුක භාණ්ඩ වර්ග 07කට අයත් භාණ්ඩ 7157ක් අස්ථානගත වි ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.

:       0       7

Saman Thursday, 13 June 2024 09:02 AM

වැද්දො ලංකාවේ ආදිවාසීන් නෙවේ මහාවංශය කියන විදිහට.

:       2       1

sarath Thursday, 13 June 2024 10:35 AM

අනේ මුන්ට පිස්සු .මේ තරම් රටේ ගැටළු තියනවා විසඳගන්න බැරි.මුන් මේ මැරුන එවුන්ගේ ඇට සැකිල්ලක් අරගෙන මොනවද මේ අපිට කරන්න පෙන්නන්නේ ?

:       3       1

Rata Perata Thursday, 13 June 2024 11:43 AM

ඕවා ස්විස්ටලන්තේ තිබුණු නිසා මේ තරම් කාලයක් තිබුනා .තව අවුරුදු 2 කින් බලන්නකෝ .ඕවා අස්ථානගත වෙලා තියේවි.අර කඩු දෙකට වෙච්ච දේ මතකයි නේ

:       0       7

ඔබේ අදහස් එවන්න

දියත

නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 886 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 404 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 265 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 809 2

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වංචා දූෂණ මඩින්න කොරියා ණය ආධාර
2024 සැප්තැම්බර් මස 27 708 1

ලංකා රජයේ වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමටද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.


කොළඹ පොත් මංගල්‍ය ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 27 319 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37742 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24883 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 260 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site