IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


සසුනඹරේ රන් තරුවක් නිවුණා, මහ නාහිමි සඳු නිවනින් නිවුණා

 

(ඩයනා උදයංගනී)

විචිත්‍ර ධර්ම කථිකයාණන් වහන්සේ නමක මෙන්ම සුපේෂල ශික්‍ෂාකාමී මහ තෙරනමක් වූ ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාමාධිපති, අග්ගමහා පණ්ඩිත අපවත් වී වදාළ කොටුගොඩ ශ්‍රී ධම්මාවාස ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහ නාහිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව, කොළඹ නිදහස් චතුරස්‍රයේදී අද (25) පස්වරුවේ පැවැත්විණි.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ද සහභාගීත්වයෙනි.

මහ නා හිමියන්ගේ දේහය රැගත් ආදාහන පෙරහැර දේහය උන්වහන්සේ විහාරාධිපතීත්වය දැරූ ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානයේ සිට කොළඹ නිදහස් චතුරස්‍රය කරා වැඩම කරවීමෙන් අනතුරුව ආදාහන පූජෝත්සවයේ කටයුතු ඇරඹිණි.

ත්‍රෛනිකායික මහා සංඝරත්නය නියෝජනය කරමින් ආචාර්ය නියංගොඩ විජිතසිරි මල්වතු පාර්ශවයේ අනු නා හිමියෝ, මකුලෑවේ ශ්‍රී විමල ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහා හිමියෝ සහ ශාස්ත්‍රපති ගංතුනේ අස්සජි ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සභාපති, වැඩබලන උත්තරීතර මහ නායක හා අමරපුර චූලගන්ඨි පාර්ශවයේ මහ නා හිමියෝ පැවිදි අනුශාසනයන් සිදුකළහ.

ඉන්පසු මහ නා හිමියන්ගේ විදේශීය ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා නියෝජනය කරමින් මියන්මාර, චීන හා වියට්නාම භික්‍ෂූන් වහන්සේලා පිරිසක් දේහයට පුෂ්පෝපහාර දැක්වීම සිදුකෙරුණු අතර උන්වහන්සේගේ ශිෂ්‍ය මැදවච්චියේ ධම්මජෝති හිමියෝ ඉංග්‍රීසි බසින් අනුශාසනාවක් පැවැත්වූහ. සෙසු ආගමික පූජකවරුන් නියෝජනය කරමින් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ ද මෙහිදී අදහස් දැක්වීම විශේෂත්වයක් විය.

ගිහි පාර්ශවය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ, විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ශෝක පණිවුඩය සභාවට ඉදිරිපත් කරමින් වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්‍ෂ, අමරපුර නිකායාභිවෘද්ධි දායක සභාවේ මහලේකම් ආර්.ඒ.ඩී සිරිසේක යන මහත්වරුන් අදහස් දැක්වූයේ ඉන් අනතුරුවය.

රාජ්‍ය ගෞරව දැක්වෙන අවමංගල උත්සවයන්හි දක්නට ලැබෙන ආචාර වෙඩිමුර, ගුවනින් මල් ඉසීම් වැනි කටයුතු කොටුගොඩ ධම්මාවාස මහ නා හිමියන්ගේ අවමඟුල් උත්සවයේදී දක්නට නොලැබුණු අතර සරළ අල්පේච්ඡ දිවිපෙවෙතක් ගත කළ උන්වහන්සේ ප්‍රතිපත්තිවලට අනුකූල නොවන බැවින් බැවින් එම අංගයන් ඉවත් කරවූ බව අමරපුර නිකායාභිවෘද්ධි සභාවේ ලේකම්වරයා පැවසීය.

ගිහිකතා හා ශෝක ප්‍රකාශ අවසානයේදී බුද්ධයායේ ධම්මාලෝක හිමියෝ පුණ්‍යානුමෝදනාව සිදුකළහ.

අනතුරුව කොටුගොඩ ශ්‍රී ධම්මාවාස මහ නා හිමියන්ගේ දේහය උන්වහන්සේගේ ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා සහ අමරපුර කාරක සංඝ සභික භික්‍ෂූන් වහන්සේලා විසින් නිදහස් චතුරස්‍ර භූමියේ පසෙක සිවුරේ වර්ණයෙන් ඉදිකර තිබූ දර්ශනීය චිතකය කරා වැඩම කරවනු ලැබිණි. මහ නා හිමියන්ගේ බෑණනුවන් දෙපලක් විසින් පස්වරු 6.20 ට පමණ චිතකයට ගිනිදැල් වූ අතර අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ශ්‍රී ධම්මාවාස ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා නාහිමියන් තම උදාරතර ශාසනික මෙහෙවර නිමා කරමින් දැයට සමුදුන්නේ රැස්ව සිටි සියලු දෙනාගේ සෝ සුසුම් මධ්‍යයේය.

මහ නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවය සිදුකෙරෙන අවස්ථාවේදී අවට පරිසරය අඳුරු ස්වභාවයක් ගෙන තිබුණේ මහ නා හිමියන් දැයෙන් සමුගැනීමේ ශෝකයෙන් සොබාදහම ද කම්පා වූවාක් මෙනි.

කොවිඩ් අවදානම හේතුවෙන් සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව අදාහන පූජෝත්සවයේ වැඩකටයුතු සැලසුම් කර තිබූ අතර එම භූමියේ රැඳී සිටීමට අවකාශ සලසා තිබුණේ ආසන පනවා තිබූ ප්‍රමාණයට පමණි.

එමෙන්ම ආදාහන පූජෝත්සවය පැවති කාලසීමාව තුළ කොළඹ නිදහස් චතුරස්‍රය අවට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තිබිණි.

(ළහිරු හර්ෂණ)



අදහස් (1)

සසුනඹරේ රන් තරුවක් නිවුණා, මහ නාහිමි සඳු නිවනින් නිවුණා

සමිත සේනක අලුත්ගමගේ. Friday, 26 March 2021 01:19 AM

කොටුගොඩ ධම්මාවාස අපේ මහානායක හාමුදුරුවන් වහන්සේ වචනයේ පරිසමාප්ථාර්ථයෙන්ම සිල්වත් භික්ෂූන් වහන්සේ නමක්. උන්වහන්සේට නිවන්සුව අත්වේවා .. !!! ඒත් අප හදවතේේ තිබුණු ඒ පිරිසිඳු සංවේදී කෘතවේදීත්වය ඒ අයුරින්ම පවත්වා ගැනීමට නොහැකි වුනේ මේ වෙලාවට කිසිසේත්ම අවශ්‍ය නැති දේශපාලන කතා නිසා. මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගැනීමට, දේශපාලනයට ආරක් ගත්, ඇතැම් චීවරධාරීන් වෙර දරනු පෙනුනා. මේ අනවශ්‍ය අය මේ උතුම් සංවේගී අවස්ථාවට මැදිහත් නොවී, රාජ්‍ය අනුග්‍රහය පමණක් ලබාදී, ශාසනේ වැඩේ හාමුදුරුවරුන්ටම බාරදී, සිටියා නම්, කොපමණ අගේද? මේ රටේ පක්ෂ විපක්ෂ බොහෝ දේශපාලකයන් ගිය මග උරුලෑවා ගියා වගේ තිබෙන යුගයක, ඇතැම් චීවර ධාරින්ගේද සහායෙන් ආගමේ එල්ලීමට දැඟලීම මොනතරම් පිළිකුල් සහගතද? දේශපාලනය නැමැති මස්කඩය බුදුදහමත් සමග සහජීවනයෙන් මිශ්‍රකිරීමට සලසා රට රවටා වාසි ගැනීමට කෙරෙනා සියලුම උප්පරවැට්ටි ගැන සිහිකල්පනාවෙන් සිතා බලමු. පිළීගඳ ගහන මස්කඩය හා බුදුදහම එකක් නොව දෙකකි.

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති අද ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 801 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 768 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 651 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 6775 11

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


අලුත් ජනපතිට IMF සහය
2024 සැප්තැම්බර් මස 24 2130 3

මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි


තිරප්පනය අනතුරු
2024 සැප්තැම්බර් මස 24 17 0

තිරප්පනය සහ කැකිරාව යන පොලිස් වසම්තුල සිදුවූ රිය අනතුරු දෙකකින් යුද හමුදා සෙබළෙකු සහ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34206 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23981 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 154 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 480 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 216 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site