(සුජිත් හේවාජුලිගේ)
කල්බදු වාරික නොගෙවූ වාහන ඇතුළු දේපළ දෙදහසක පමණ ප්‍රමාණයක් පසුගිය වසරේදී අත්පත් කරගෙන ඇති බව සමස්ත ලංකා දේපළ අත්පත් කර ගැනීමේ වෘත්තිකයන්ගේ සංගමයේ ලේකම් ප්‍රියන්ත ලියනගේ මහතා පැවසීය.
කල්බදු වාරික සම්බන්ධ ජනතාවගේ ගැටලුවලට හැකි සෑම අවස්ථාවකම සහන ලබාදීමට සංගමයක් විදියට ඉදිරිපත් වන බව පැවසූ ලේකම්වරයා කල්බදු වාරික අපහසුතාවයෙන් තොරව ගෙවීමට හැකිවන පරිදි වාහන ඇතුළු දේපළ මිලදී ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක්ද කළේය.
කල්බදු වාරික නොගෙවූ වාහන ඇතුළු දේපළ අත්පත් කරගැනීමට ගිය අවස්ථාවන්හිදී ඇතිවූ ගැටුම්වලින් තම වෘත්තිකයන් කීපදෙනෙකු මරණයට පත්ව ඇති බවත් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ බොරැල්ල ඇන් ඇම් පෙරේරා ශාලාවේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
ශ්රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය
මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි
රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ
වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (24) දහවල් වතිකාන තානාපති කාර්යාලය වෙත ගොස් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ සි
ලැගුම්හලකදී කාන්තාවක මරා ගමන් මල්ලක දමාගෙන විත් කොළඹ බැස්ටියෙන් පාරේ බස් නැවතුම්පොලේ දමා යෑමේ චෝදනාවන්ට වරදකරුවු පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සීසර්ලා ගිය වසරෙ වාහන 2000ක් උස්සලා
ගුණරත්න Monday, 10 February 2025 01:41 PM
මේ කාලකන්නි ආණ්ඩුව වාහන මිල ඉහල දැම්ම එකෙන් අහිංසක ව්‍යාපාරයක් කරගෙන ඉන්න මනුස්සයෙක්ට වාහනයක් ගන්න නැති වුනා. කෝටියක් විතර ලීසිං ගෙවන්න පොඩි බිස්නස් එකකින් ලැබෙන ආදායමෙන් පුලුවන්ද? සල්ලි වීසි කරන්න තියෙන උන් පාවිච්චි කරලා හම්පඩ වුනු වාහන අපි ගන්නෙත් පිටරටක සුපිරිම වාහනයක මිල ගෙවලා, එහෙම ගෙවලත් සැනසීමක් නැහැ හැමදාම කැඩෙන ගෙවිච්ච හුචක්කු නිසා. හැම අතින්ම තැලුනේ දුප්පතා, අරගල කරපු සමාජවාදියොන්ගේ ඊනියා ආණ්ඩුවකදීත් තැලෙන්නේ දුප්පතා. තොපෙත් ගිය ආණ්ඩුවේත් වෙනස මොකක්ද? රනිල් හිටියා නම් මීට වඩා හොඳයි.
මහජනයා Monday, 10 February 2025 01:56 PM
ඔහෙලා මරපු අය කොච්චරද කියලත් කිව්වනං. හරි සුදනො ටිකක්නෙ එකතු වෙලා ටෝක දෙන්නෙ.
Ajith Monday, 10 February 2025 03:31 PM
මෙම වාහන හිමියන්ට බරපතල හිංසන කරනවා බලහත්කාරයෙන්. මේ නින්දිත ක්‍රියාව රටෙන් තුරන් කල යුතුයි. වෙන රටවල මෙවැනි දේවල් සලකන්නේ අපරාධ හැටියට.
ඇරියස් Monday, 10 February 2025 06:04 PM
අපිට සල්ලි නැති නිසා තමයි ලීසීං දැම්මේ. අල්ලපු ගෙදර එකා ප්‍රියස් එකෙන් යනකොට අපේ ළමයි ඒවා බලලා දුක්වෙනවා. වැගන් ආර් එකක් පුලුවන් විදිහට ගෙවන්න අපිට ක්‍රමයක් හදාදෙන්න. මාසෙට 3000ක් වගේ ගෙවන්න පුළුවන් විදිහට උසාවියෙන් මේවා හදලා දෙන්න ඕනෑ.
WCA Monday, 10 February 2025 07:34 PM
ෆිනෑන්ස් දාලා වාහන ගත්තා නම් ඒවා ගෙවපල්ලා බොරුවට හැමදාම ඇවිල්ලා මීඩියා එකේ වැලලෙන්නේ නැතුව. ගෙවාගෙන යන්න බැරිනම් හොඳින් ගිහින් වාහනේ බාර දීපල්ලා...
රුවන් Monday, 10 February 2025 08:33 PM
ඇරියස් මහත්තයා මාරම කතා කියන්නේ. අල්ලපු ගෙදර එකා ෆෙරාරි එකක් ගත්තොත් අපි අඩුම ලැම්බෝගිනි එකක් හරි ගන්න ඕනෙ ලු. එකට රජය මැදිහත් වෙන්න ඕනේ ලු. මේවා ඇහුවොත් ඩොනල්ඩ් ට්‍රම්ප් කොහෙන් හිනා වෙයි ද? රජයක් වුනාම බලන්න ඕනේ ලංකාවේ 70% අමුද්‍රව්‍ය එක්ක වාහන නිෂ්පාදනය කරන වට පිටාවක්. එතකොට රජය බදු අඩු කරලා ඉතා අඩු මුදලට වාහන දෙන්න පුළුවන්. දැන් ගොඩක් රටවල මොටර් රථ නිෂ්පාදනය කරනවා. එදා උපාලිලාට රජය උදව් කරා නම් අද ලංකාවේ දුවන වාහන බහුතරයක් ලංකාවේ නිෂ්පාදනයන්. 2019 ජපානයෙන් ඩොලර් බිලියන 2ක් වාහන ආනයනය කරලා තියෙනවා