(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පෞද්ගලික විශ්ව විද්‍යාලයක 18 හැවිරිදි සිසුවකු පදවාගෙන ආ වි 8 වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථයක් බම්බලපිටිය මුහුදු මාවතේදී මෝටර් රථ දෙකක හා විදුලි කණුවක ගැටී අනතුරට පත්ව ඇතැයි බම්බලපිටිය පොලිසිය කියයි.
එම සරසවි සිසුවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ පුත්‍රයකු බවට නිල නොවන තොරතුරු ලැබී ඇත .
අනතුරින් කිසිදු පුද්ගලයකුට තුවාල සිදු වී නැති අතර ජීප් රථය පැදවූ සිසුවා කම්පනයට පත්ව පුද්ගලික රෝහලකට ඇතුළත් ව ඇත.
වැල්ලවත්ත සිට කොල්ලුපිටිය දෙසට මුහුදු මාර්ගය ඔස්සේ ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී ජීප් රථය මාර්ගයේ සිදුකර තිබූ කැණීමක් බේරීම සඳහා දකුණු පසට ගැනීමේදී ලිස්සා ගොස් දකුණු පස නවතා තිබූ මෝටර් රථ දෙකක ගැටි අනතුරුව විදුලි කණුවක ගැටී මෙම අනතුර වී ඒ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අනතුර වන අවස්ථාවේදී ජීප් රථයේ සිව් දෙනෙකු ගමන් කර ඇති අතර නවතා තිබූ මෝටර් රථ දෙකේ කිසිවකු සිට නැතැයි පොලිසිය කියයි.ෙඅනතුරින් වාහන තුනට සහ විදුලි කණුව බරපතල අලාභ සිදු වී ඇත.
සරසවි සිසුවා පැද වූ සුඛෝපභෝගී මෝටර් රථය වාහනවල ගැටීමෙන් අනතුරුව අඩි කීපයක් උඩින් යන අයුරු අසල සවිකර තිබූ සීසීටීවී කැමරාවක සටහන් වී ඇතැයි පොලීසිය කියයි.
වැඩිමහල් සහෝදරයා අතදරා සිටි පිහියෙන් බාල සහෝදරයාගේ පාදයක් කැපී බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි ගෑන්ඩ්පාස් පොලිසිය කියයි.
රුපියල් විසි හතර කෝටි තිස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විදේශීය ගුවන් මගියෙකු අද(20 ) අලුයම රේගු මත්ද
සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන්ගේ සංඛ්‍යාව ඉහළයාම හේතුවෙන් කොටුව හා මහනුවර අතර තවත් විශේෂ දුම්රිය දෙකක් ලබන 28 දක්වා ධාවනයට යෙදවීමට දෙපාර්තමේන
කිතුනුවන්ගේ ශුද්ද වූ සතියේ අවසන් දිනය වන පාස්කු ඉරිදා අදට යෙදී ඇත.
මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව, හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනි තැන වැසි හෝ ගිගුරුම
සීගිරිය අභයභූමියේ සීගිරි පව්ව පෙනෙන මානයේ මහා පරිමාණ බොරළු පස් කැපීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව සීගිරිය සුරැකීමේ සංවිධානය පවසයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සිසුවා පැදවු රිය විදුලි කණුවක ගැටෙයි
පැරකුම් Sunday, 07 May 2023 02:02 PM
තාත්තා මන්ත්‍රී නම් කේස් එක ඔතැනින්ම ඉවරයි...
Bamunuarachchi Sunday, 07 May 2023 02:22 PM
විදුලි කණුවට අලාබ හානි වෙලානම් ඒවා අයකර ගන්න. එසේ නොවුවොත් ඔය පාඩුව අන්තිමට එන්නේ විදුලි පාරිබෝගිකයින්ට. වාහනයට වෙන අලාභහානි ඒ ගොල්ලෝ රක්ෂණය සමග බේරාගනීවී. සිසුවාට වුන හානි එයා විඳගනීවී. අපිට ඔය එකක්වත් අදාළ නැත.
C.K.Lankaputhra Sunday, 07 May 2023 03:59 PM
වරද්දා ගන්න එපා. VIP මහත්වරුන්ගේ පුතලා වාහනවලින් ගමන් බිමන් යන පාරවල් අයිනේ විදුලි කණු සිටුවීම මගින් විදුලි බල මණ්ඩලය විශාල වරදක් කරලයි තියෙන්නේ... මේ අනතුරට ඔවුන් වගකිව යුතුයි. වන්දිද ගෙවිය යුතුයි...
Ruhunu Sunday, 07 May 2023 02:56 PM
මන්ත්‍රීවරුන්ට වැඩිහරියක් ඉන්නේ මන්ද බුද්ධික ළමයි.
පැරකුම්Sunday, 07 May 2023 03:33 PM
මන්ද බුද්ධික ළමයින්ට අපහාස කරන්න එපා…!
Sunil Sunday, 07 May 2023 04:48 PM
පිනාධිපති වැඩ බාරගත් පසු රටට කිසි යහපතක් සිදුවී නැත. තවමත් ඔවුන්ගේ පරණ කාලකණ්ණි නඩය නීතිය ඔවුන්ගේ අතට ගෙන සිටී... රට විනාශ මුඛයට...
Sanath Sunday, 07 May 2023 06:37 PM
එහෙනම් නිලනොවන විදිහට ඉතුරු ටිකත් වෙයි. අලාභ වෙනුවෙන් ටැක්ස් ගෙවන්න සූදානම් වෙමු...
රංජිත් Monday, 08 May 2023 07:48 AM
මන්දබුද්ධික පුතාගේ වයස අවුරුදු 16යි.. ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ තමයි 18 වුනේ..