(සනත් ගමගේ)
අඟුණකොලපැලැස්ස වැටිය ප්‍රදේශයේ යාබද නිවෙස් දෙකක පාසල් දරුවන් දෙදෙනකු අතර ඇති වූ දබරයකින් පසු පිහි පහර කෑ අට හැවිරිදි දරුවකු තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර ඇති බව අඟුණකොළපැලැස්ස පොලිසිය කියයි.
වයස අවුරුදු 8 ක පමණ වන පිහි පහරට ලක් වූ පාසල් දරුවා අඟුණකොළපැලැස්ස මූලික රෝහලට පස්වරුවේ ඇතුල් කිරිමෙන් පසුව හම්බන්තොට මහ රෝහලට මාරුකර යවා ඇති බවද පොලිසිය කියයි.
පිහිපහරවල් එල්ල කළේ යැයි කියන 14 හැවිරිදි පාසල් සිසුවා නිවසින් පිටව ගොස් වස පානය කිරීමෙන් පසුව ඇඹිළිපිටිය මහ රෝහල වෙත රාත්‍රී ඇතුළත් කර ඇති බව වාර්තා වී ඇතැයි අඟුණකොළ පැලැස්ස පොලිස් ස්ථානාධිපති වරයා තහවුරු කලේය.
යාබද නිවෙස් දෙකක සිටි මෙම පාසල් දරුවන් දෙදෙනා එකට සෙල්ලම් කරමින් සිටින අය බවත්, ජංගම දුරකතන මගින් ගේම් ගැසීම සිදු කරන බවත් මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.
තුවාලත් දරුවාගේ මව රෙදි සෝදමින් සිටින අවස්ථාවේ මෙම සිදු වීම සිදු වී ඇති අතර දරුවා කෑගැසීමේ ශබ්දය ඇසි බලන විට දරුවාගේ පපුවේ සහ බෙල්ලේ කැපුම් තුවාල කිහිපයක් තිබෙනු බව දැක වහා ප්‍රදේශවාසීන්ගේ සහාය මත රෝහල් ගත කර ඇත.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි
කොටිකුවිආරු රක්ෂිතයේ නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් නිලධාරීන් හප්පා පලායාමට උත්සාහ කිරීමේදී ටිපර් රථයට වෙඩි තබා රියැදුරු ඇතුළු දෙ
මෙම වසරේ අලුතින් පොලිස් නිලධාරීන් 5000ක් බදවාගැනීමටත් ඉන් 2000ක් කඩිනමින් බදවාගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා උපද
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සිසුවෙක් සිසුවකුට පිහියෙන් ඇනලා
Bandula Wednesday, 05 June 2024 11:37 PM
ලංකාවේ තරුණ, වැඩිහිටි,ළමා සියළුම පාර්ශවයන් පිස්සු වැටිලා රට විනාසයි.
Ruwan De Silva Thursday, 06 June 2024 08:33 AM
ලංකාවේ ආර්ථික අහේනිය එක්ක ළමයි වුනත් මානසික පීඩනයේ ඉන්නේ, ලංකාව තමයි ලෝකයේ අංක එකට මානසික පීඩනය වැඩිම රට පලස්තීනය, ඇෆ්ගනිස්ථානය තමයි අංක 2, 3. මෙවාට ප්‍රධාන වරදකරු ආණ්ඩුව.
සුරන්ගThursday, 06 June 2024 11:01 AM
හැමදේටම ආර්ථිකය ගාවගන්න එපා, දැන් සමහරුන්ට අතීතයේ මිනීමරපු පක්ෂයකට රට පාලනය කරන්න දෙනකල් ඉවසුමක් නැහැ.
කින්ග් කැකිල්ලෙ Thursday, 06 June 2024 08:43 AM
මේ ජංගම දුරකතන හා එවායේ ගේම් හදන එවුන් වහාම අත්අඩංගුවට ගත යුතුයි. ළමයින්ගේ හා ඔවුන්ගේ අවට පරිසරයේ කිසි අවුලක් නැත. ඔවුන් හැදි ඇත්තේ ඉතාමත් සාමකාමි, කරුණාවත, මයිත්‍රි පරිසරයකය ( කුහුම්බුවෙකුත් වරදක් නොකරන ). කිසිම අර්තික ප්‍රස්නයක් නැති, ඉතා නීරොගිමත් පුරවසියන් වෙසෙන, ආගම හා සංස්කෘතියෙන් සතුට දොරෙ ගලා යන දිවයිනකය. මෙ වැරදි අදහස් ඔලුවට දමා ඇත්තේ විජතීය බටහිර කුමන්ත්‍රණ වලට සම්බන්ධ, දුර්ජණ, එන්ජීඔ වල සල්ලි ලබන ජංගම දුරකතන හා එවායේ ගේම් හදන නරුමයන්ය.
Perera Thursday, 06 June 2024 08:51 AM
පිහියෙන් ඇනපු ළමයාට දේශපාලනයෙන් ඉදිරියට ඉහළටම යන ගති ලක්ෂණ පෙන්නුම් කරනවා
Jayasekara Thursday, 06 June 2024 09:41 AM
දෙදෙනාම දහම් පාසල් යනවානම් "අට පට්ටමට " කියන්න ..හොඳේ
මැක්ස් Thursday, 06 June 2024 10:35 AM
සමහර දරැවන්ටත් දැන් ජවිපෙ ලේ පිපාසිත ආභාෂය ලැබී ඇති බව පෙනේ. ප්‍රශ්න විසඳීමේ අධිකාරි බලයත් ගමට ලැබුණම හරියටම හරි!