IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


සිංහ පැටව් ලෝක කුසලානයට සුදුසුකම් ලබති

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩාම එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමට අද (2) සමත් විය.

සිම්බාබ්වේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හය’ වටයේ තරගයක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකාව අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීම කැපී පෙනේ. මෙම තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබන කණ්ඩායම් දෙක ඉන්දියවේදී ලබන ඔක්තෝබර් මස 5 වැනිදා ආරම්භ වන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබයි.

ශ්‍රී ලංකාව මේ වන විට මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සහභාගි වූ තරග හයම ජය ලබා අපරාජිතව ප්‍රසාද ලකුණු 8 ක් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ පසුවෙයි. ‘සුපිරි හය’ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වූ දෙවැනි තරගය ලෙස සිම්බාබ්වේට එරෙහිව බුලවායෝහිදී අද (2) පැවැති තරගයෙන් ද ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 9 ක පහසු ජයක් ලැබූහ. ශ්‍රී ලංකා පිල ලකුණු 166 ක ජයග්‍රාහි ඉලක්කය ඕවර 33.1 කදී කඩුල්ලක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් විය.

ආරම්භක පිතිකරුවන් වූ පැතුම් නිස්සංක (නොදැවී 101) සහ දිමුත් කරුණාරත්න (30) ලකුණු 103 ක සම්බන්ධතාවක් පවත්වමින් ජයග්‍රහණය පහසු කළහ.

පැතුම් නිස්සංක අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 102 කදී හතරේ පහර 14 ක් සමගින් නොදැවී ලකුණු 101 ක් රැස්කිරීමට සමත් විය.

මහීෂ් තීක්‍ෂණ (25/4) සහ ඩිල්ෂාන් මධුසංක (15/3) දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් සිම්බාබ්වේ පිල ලකුණු 165 කට සීමා කිරීමට සමත් වූහ.

සීන් විලියම්ස් පන්දු 57 කදී හතරේ පහරර 6 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 56 ක් රැස්කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.

සිම්බාබ්වේ පිල ඕවර 32.2 කදී සියලු දෙනා දැවී 165 (සීන් විලියම්ස් 56, සීකන්දර් රාසා 31, ඩිල්ෂාන් මධුසංඛ 15/3, මහීෂ් තීක්‍ෂණ 25/4, මතීෂ පතිරණ 18/2) ශ්‍රී ලංකා පිල ඕවර 33.1 කදී කඩුලු 1 ට 169 (පැතුම් නිස්සංක නොදැවී 101, දිමුත් කරුණාරත්න 30, කුසල් මෙන්ඩිස් නොදැවී 25)

 



අදහස් (9)

සිංහ පැටව් ලෝක කුසලානයට සුදුසුකම් ලබති

pakeer Sunday, 02 July 2023 07:02 PM

ක්‍රිකට් කොහොම තිබුණු රටකටද මේවගේ වුණේ?

:       13       123

ThusithaMonday, 03 July 2023 03:09 AM

බටහිර ඉන්දීය කොදෙව් ටීම් එකටත් ඔය හේතුවම බලපෑවාද?

:       0       0

de silva Sunday, 02 July 2023 10:55 PM

ක්‍රිඩකයන්ට සුභ පතනවව නමුත් අපි සුදුසුකම් ලැබිමෙ වටයට සහභගි වෙන්නෙ 1979 ට පස්සෙ , මෙක ලජ්ජාවක් , අපෙ ක්‍රිකට් විනාශවෙන්න පටන්ගත්තෙ බුකි කරයො සහ ඔවුන්ගෙ ගෝයො ක්‍රිකට් පරිපලනයට පැමිනි දින සිට

:       0       0

Ruhunu Sunday, 02 July 2023 11:40 PM

පැටවු නිසා තමයි ප්‍රස්නෙ

:       0       0

නිහාල් Monday, 03 July 2023 04:47 AM

පළවෙනි වටයෙන්ම ගෙදර...!

:       0       0

Roshan Monday, 03 July 2023 10:23 AM

සිංහ පැටව්? ඒකද කවදාවත්ම නැතුව සුදුසුකම් තරග වලට ගියේ?

:       0       0

Shantha -Qatar Monday, 03 July 2023 10:23 AM

පහු ගිය කතා වලි වැඩක් නැහැ, එහෙනම් වෙස්ට් ඉන්ඩීස් අයින් වෙලාම ගියෙ,, සතුටුයි කොල්ලනෙ , කොහොම හරි world cup එකත් අරන් එන්නම බලන්න.

:       0       0

අහ්මඩ් Monday, 03 July 2023 10:47 AM

ඉස්සර ජාත්‍යන්තර තරගාවලිවලට ඔටෝ සුදුසුකම් ලබන අපි, දැන් ජාත්‍යන්තර තරගාවලියක් සෙල්ලන් කරන්න සුදුසුකම් ලබන්න සිදුවෙලා...

:       0       0

Senaka Monday, 03 July 2023 12:00 PM

ක්‍රිකට් ගහන්න දෙන්නේ අන්තවාදීන්ට විතරක් නම්, ඇයි ලංකාවේ හරක් මෙච්චර මේ සෙල්ලම මත්තේ නැහෙන්නේ...? අඩු ගානේ අන්තවාදයට විරුද්ධව කතා කරන්නවත් හයියක් මේ අයට නෑනේ... ඔහේ කවුරුහරි ගහන එකක් බැනබැන බලන් ඉන්නවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මාතර බන්ධනාගාරයේ කලබලයක්
2025 අප්‍රේල් මස 22 2 0

මාතර බන්ධනාගාරයේ මේ වන විට නොසන්සුන්කාරී තත්වයක් උද්ගතව ඇතැයි වාර්තා වේ.


මෙල්බන් ගුවන් තොටේ දී අපේ අයට සේවා ගන්න කෙනෙක් තෝරයි
2025 අප්‍රේල් මස 22 374 0

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන්තොටුපොළෙහි දී ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා බිම් මෙහෙවර සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබ


අරාබි උප අගමැති ජනපති හමු වෙයි
2025 අප්‍රේල් මස 22 194 0

ශ්‍රී ලංකාවේ බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කරගන්නා බව එක්සත


අර්චුනාට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග
2025 අප්‍රේල් මස 22 297 0

රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්


පුංචි ඡන්ද අපෙක්ෂකයෝ පැරේ වැඩ නවතති
2025 අප්‍රේල් මස 22 363 0

හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා


’’ඉන්සියුලින් හිඟයක් නැහැ’’
2025 අප්‍රේල් මස 22 212 1

ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 579 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 305 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 460 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site