(නිමල කොඩිතුවක්කු)
රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරන බවට පවසා බලය ගත් ආණ්ඩුවට රටේ භාණ්ඩ මිල වත් පාලනය කිරීමට නොහැකි වී ඇතැයි සමගි ජන බලවේගය ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කොළඹදී පැවසීය .
රටේ භාණ්ඩ මිල පිළිබඳ තීරණ ගනු ලබන්නේ වෙලද මාෆියාව බවත් ජනතාවට සහන ලබා දීමට නොහැකි නම් අඩු තරමින් පාලන මිලට හෝ භාණ්ඩ ලබා දීමට කටයුතු කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් අත්තනායක මහතා සඳහන් කළේය.
කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
"ආණ්ඩුව කිසිම ලැජ්ජාවක් නැතුව නිවේදනයක් නිකුත් කරලා භාණ්ඩ ගණනාවක මිල ඉහළ දැමීමක් මේ යෝජනා කරනවා. කෝවිඩ් වසංගතයෙන් පීඩාවට පත් ජනතාවට ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්න වගේ තවදුරටත් භාණ්ඩ වැඩි කිරීම හරහා ඔවුන්ට ජීවත් වෙන්න අපහසුතාවක් ඇති වෙනවා. දෛනික ආදායම බිඳවැටිලා. සේවා ස්ථාන කඩාගෙන වැටිලා.
රැකියා ස්ථාන අහිමි වෙලා. මෙවැනි අවස්ථාවක ජනතාවට සහන දෙනවා වෙනුවට ආණ්ඩුව අත්‍යවශ්‍ය භාණ්ඩ වල තවදුරටත් මිල වැඩි කරමින් සිටිනවා. මුදල් ප්‍රශ්න ඩොලර් ප්‍රශ්න තිබෙනවා නම් එයට ආණ්ඩුව මැදිහත් විය යුතුයි.
වෙළෙඳපොළ සහල් හිඟයක් ඇති වෙලා සහල් මාෆියාවක් නිර්මාණය කරලා ආණ්ඩුව ලොකු ටෙලිනාට්‍යයක් පෙන්වා සහල් මෝල් වලට ගිහිල්ලා සහල් අත්අඩංගුවට ගත්ත කිව්වා. නමුත් මොකක්ද සිදු වුණේ ආණ්ඩුව රාජසන්තක කරානම් ලබා ගත්ත සහල් වෙළඳපොලේ තිබිය යුතුයි.මෙය සම්පූර්ණ රඟපෑමක්. ආණ්ඩුව නිකුත් කරපු ඒ ගැසට් එකත් දැන් රිවස් කරලා තියනවා.
බඩුමිල සමාගම් වලට ඕන විදියට මිල වැඩි කරන්න ආණ්ඩුවක් අවශ්‍ය නැහැ. වත්මන් ආණ්ඩුවත් ජනාධිපතිවරයාත් එම වගකීම සම්පූර්ණයෙන් බැහැර කරලා රට අයාලේ යන්න ඉඩ ඇරලා දැන් කයිවාරු ගැහනවා මෙ සදහා කරුණාකර මැදිහත්වී ජනතාවට සහන ලබාදිය යුතුයි.
අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද 655,289 ක් ලබාගෙන එම ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව සිටින්නීය.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට දිවයිනේ විවිධ දිස්ත්‍රික්කවලින් ඉදිරිපත් වූ හිටපු මැති ඇමතිවරු 92ක් පරාජයට පත්වූහ.
මැතිවරණ නීති උල්ලංඝනය කළ අපේක්ෂකයන් තිදෙනෙකු ඇතුළු 69 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පැවසීය.
රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා
ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.
මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘සහන දිය නොහැකි නම් පාලන මිලට වත් භාණ්ඩ ලබා දෙන්න’
amara Tuesday, 28 September 2021 12:13 PM
කූට ලේඛණ මොනවත් නැද්ද...?
චන්දන Tuesday, 28 September 2021 01:11 PM
ජාතික ආරක්ෂාව සහ භාණ්ඩ මිල අතර සම්බන්ධය මොකක්ද මහත්තයා ?
චන්දන Tuesday, 28 September 2021 01:13 PM
තමුන්නැහැලා ගේ කාලෙ ජාතික ආරක්ෂාවත් මිල පාලනයත් දෙකම නැහැ නෙ.
fairoos Tuesday, 28 September 2021 01:33 PM
දැන් වහල්ලු ඔබතුමාටත් බනී .ආණ්ඩු කාලේ මොනවද කලේ කියලා .රටට දැන් අඹ සරණයි
BamunuarachchiWednesday, 29 September 2021 08:49 AM
ඔබ තුමා? කවද හලෝ ඔබතුමා? මේගොල්ලෝ තමයි හරක් මස් කඩ කාරයින්ට රටේ කෘෂිකර්මය ඇතුළු අමාත්‍යංශ 43 භාර දුන්නේ. මස් කපපු ගොයියෝ රජයේ සේවයට රිංගුවා
Raveendra Tuesday, 28 September 2021 01:46 PM
තිස්ස තිස්ස කියමින් ඇම්ඩන් හෙව්වානේ.... දෑතට දෑතක් දෙන්නට පැන්නා නිල් ගොඩට...... හිරේ විලංගුවේ වැටුනා අත්සන් හුටපටයට....... දැන් මම පුරෝහිතයා අපේ මේ පුතානොට......
දාස Tuesday, 28 September 2021 04:28 PM
මුන්දෑ ආයි කවදැයි ලොකු අප්පොච්චිගේ උකුලේ නැලවෙන්න අායිමත් යන්නේ... මේ සැරේ සජියාට කියලාම යන්න.