IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


සංහිඳියා සර්ව පාක්ෂික සමුළුව සජබ,ජාජබ වර්ජනය කරයි

(අංජුල මහික වීරරත්න)

රජය විසින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ජාතික සංහිඳියා වැඩපිළිවෙල පිළිබඳව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයන් දැනුවත් කිරීම සඳහා කැඳවා තිබෙන  සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කිරීමට සමගි ජනබලවේගය  සහ ජාතික ජන බලවේගය පක්ෂ තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

අදාළ  සර්ව පාක්ෂික සමුළුව අනිද්දා  (26) වැනිදා පස්වරු 5.30 ට ජනාධිපති කාර්යාලයේදී  පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙයි.

ඒ සඳහා සහභාගී වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ පමණක් නොව ස්වාධීන කණ්ඩායම් වල නායකයන්ට ද ජනාධිපති කාර්යාලය විසින්  ආරාධනා කර තිබිණි.

 ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා උතුරු නැගෙනහිර ද්‍රවිඩ නායකයන් හමුවූ අවස්ථාවේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ මෙරට ජාතික සංහිඳියා ප්‍රයත්නය ඊළඟ පරපුරට උරුම නොකර විසඳීම තම අරමුණ බවයි.

 එසේම ජාතික සංහිඳියා වැඩපිළිවෙල  දේශපාලනය වෙනුවෙන් යොදා ගැනීම තම ප්‍රතිපත්තිය නොවන බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය . 

 පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයන් එකඟතාව පළ කරන්නේ නම් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම වුවත් බලාත්මක කිරීමට තමන් සූදානම් බවද එහිදී ජනාධිපතිවරයා කීය.



අදහස් (4)

සංහිඳියා සර්ව පාක්ෂික සමුළුව සජබ,ජාජබ වර්ජනය කරයි

City Monday, 24 July 2023 08:27 PM

ඔවුන් කිසි විටෙකත් කිසිදු ගැටළුවක් විසඳීමට ඉදිරිපත් නොවනු ඇත, සාකච්ඡා නොකර ඕනෑම දෙයකට විරුද්ධ වනු ඇත.

:       0       0

Bamunuarachchi Tuesday, 25 July 2023 08:01 AM

රනිල් කොහොමත් රටෙන් 2/5 ප්‍රභාකරන්ට දීමට ISGA පිඹුරුපත සකස්කළා. මහින්ද බලයට පත්වීම නිසා ප්‍රභාකරන් අමුඩේ පිටින් සුන්නත් දූවිලි බවට පත් වුණාට රනිල් දෙමළුන්ට රට පාවා දීම අත්හැර නැහැ. 13 දෙන්න එපා. දුන්නොත් මොවුන් අනාගතේ සියලු බලතල ලබාගෙන වෙනම රටක් පිහිටුවනවා ෂුවර්...!

:       0       0

Kazi Shajahan Tuesday, 25 July 2023 08:41 AM

ඔය එන පොට නම් හරි නැහැ... උතුරේ ඡන්ද රනිල්ට ගන්න වැඩපිළිවෙළක් තමයි.

:       0       0

බිනුර Tuesday, 25 July 2023 04:12 PM

ආයිත් ජෝගිය නටන්න වගෙ යන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මාළුන්ට දැල්දාන්න ගිය එක්දරු පියා දියේ ගිලී මරුට
2024 ඔක්තෝබර් මස 15 83 0

කලපුගම , කජුවත්ත ඇලේ මාළු ඇල්ලීමට ගිය එක් දරු පියෙකු දියේ ගිලී මියගොස් ඇති බව මොරොන්තුඩුව පොලිසිය පවසයි .


සුදු සැරයටි පළමු කොඩිය ජනපති ලේකම්ට
2024 ඔක්තෝබර් මස 15 104 0

ජාත්‍යන්තර සුදු සැරයටි සුරක්ෂා දිනයට සමගාමීව කොඩි අලෙවි කිරීමේ සතිය සනිටුහන් කරමින් එහි පළමු කොඩිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා


උදුල් ප්‍රේමරත්නට-බිරියට පහර දුන් අය අධිකරණයට ගේන්න නියෝග
2024 ඔක්තෝබර් මස 15 537 0

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරුවකු වන නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතාට සහ ඔහුගේ බිරිද ට තලවතුගොඩ ප්‍රදේශයේ ආපනශාලාවකදී පහර දුන


නුවරදී කොටු වුණු’’ඔන්ලයින් චීන්නු’’හම්බන්තොටත් ඉදලා
2024 ඔක්තෝබර් මස 15 320 0

අන්තර්ජාලය ඔස්සේ මහා පරිමාණයෙන් මූල්‍ය වංචා සිදුකරමින් සිටියදී මහනුවර ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් පිරිස මීට ඉහතදී හම්බන්තොට ප්


උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
2024 ඔක්තෝබර් මස 15 95 0

නාවලපිටිය සිට නානුඔය බලා ධාවනය වු දුම්රියක් තලවකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථානය අතරදී අද (15) පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය


කැකනදුර වෙඩි තැබීමකින් අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 15 527 0

මාතර, කැකනදුර ,රුවන්වැල්ල ප්‍රදේශයේදී අද (15) පස්වරුවේ කළ වෙඩිතැබීමකින් අයෙක් මියගොස් ඇතැයි පොලීසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 487 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 467 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1462 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site