IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


සහරාන් සමග සම්බන්ධතා පැවැත් වූ දෙකක් පොලිස් දැලේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන ඝාතකයා වන සහරාන් හෂීම් නමැත්තා සමඟ සමීප සම්බන්ධතා පවත්වමින් ඔහුට ආරක්ෂාව සැලසූ බව කියන පුද්ගලයන් දෙදෙනකු මඩකළපුවේ දී සහ කාහටගස්දිගිලිය දී ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසයේ නිළධාරීන් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තිස් පස් හැවිරිදි සා හතළිස් හත් හැවිරිදි වියේ පසුවන පුද්ගලයන් දෙදෙනකි

කාහටගස්දිගිලිය පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ 2018 වර්ෂයේ දී සහරාන් හසීම් ඇතුළු වූ පුද්ගලයන්  පස්දෙනකුට  සැඟවී සිටීමට ආරක්ෂාව සැලසීම සම්බන්ධයෙනි.

අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මඩකලපුවේ බන්ධනාගාර ගතව සිට ඇති අතර ඔහු කාන්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ බවත් ආගමික අන්තවාදය සහ ආගමික මතවාදය පැතිරවීම සහ සහරාන් හසීම් නැමැත්තාට ආරක්ෂාව සැලසීම සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා ද පවසයි.

සැකකරුවන් දෙදෙනාගෙන් රඳවා තබාගැනීමේ නියෝග මත ප්‍රශ්න කරන බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන්කරයි.

 

 



අදහස් (3)

සහරාන් සමග සම්බන්ධතා පැවැත් වූ දෙකක් පොලිස් දැලේ

සෙනෙවිරත්න Friday, 11 June 2021 10:41 AM

සහරාන්ගෙ බාබර්, බඩුගත්ත කඩේ මුදලාලි සහ ටේලර් මීළඟට අත්අඩංගුවට ගැනීමට නියමිතයි. මේ කටයුතු සඳහා වසර 03ක් ගතවෙනු ඇත...

:       1       37

Piya Friday, 11 June 2021 12:31 PM

ගෙදර ඉන්න පෙත්තප්පු වගේ ඔහේ කියවනවා.

:       0       64

RS Friday, 11 June 2021 12:47 PM

පාස්කු ප්‍රහාරය ගැන, පරීක්ෂණ, විමර්ෂණ අත් අඩංගුවට ගැනීම්... සහරාන්, ඊබ්‍රාහීම්, කාත්තන්කුඩි, ආගමික මතවාද, ත්‍රස්ත ක්‍රියා, සහ තවත් මේ සම්බන්ධ වචන අහලා එපා වෙලා සර්. අසාධාරණයට ලක්වූවන් බලාපොරොත්තු වෙන්නේ අවසන් ප්‍රතිඵලය පමණි.

:       0       37

ඔබේ අදහස් එවන්න

දියත

පෙට්‍රල් නැව් 5ක් ගන්න කොන්ත්‍රාත්තුව දෙයි
2024 නොවැම්බර් මස 06 10 0

2024-12-01 දින සිට 2025-05-31 දින දක්වා කාලය තුළ පෙට්‍රල් 92 Uni නැව් තොග 5ක් මිල දී ගැනීම වෙනුවෙන් වූ දිගු කාලීන කොන්ත්‍රාත්තුව පිරිනැමීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


චන්ද්‍රිකාගේ ආරක්ෂාව ඉවත් කර නෑ
2024 නොවැම්බර් මස 06 33 0

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ආරක්ෂාව ඉවත් කර හෝ අඩු කර නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 නොවැම්බර් මස 06 37 0

ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් තනතුරෙහි වැඩ බැලීම සඳහා නිලධාරියකු පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


රටේ සහල් හා වී තොග පිළිබඳ වාර්තාව අද සවස ජනපතිට
2024 නොවැම්බර් මස 06 33 0

දැනට රට තුළ පවතින සහල් හා වී තොග පිළිබඳව සැකසූ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (6) පස්වරුවේ භාර දෙන බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා අමාත්‍යං


ජාවාරම්කරුවකුගේ කෝටි 10 ක දේපළ තහනම්
2024 නොවැම්බර් මස 06 238 0

අතුරුගිරිය ටැටූ කලාගාරය තුළදී ව්‍යාපාරික වසන්ත සුරේන්ද්‍ර පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනයේ සැලසුම් කරුවෙකු ලෙස හඳුනාගෙන සිටින විදේශගත මහා පරිමාණ මත


අලුත් අවුරුද්දේ පාසල් නිල ඇඳුම් ඔක්කොම චීනයෙන්
2024 නොවැම්බර් මස 06 61 0

2025 වර්ෂය සඳහා මහජන චීන සමූහාණ්ඩුව විසින් ප්‍රදානයක් ලෙස ලබා දෙන පාසල් නිල ඇඳුම් රෙදි, පාසල් හා පිරිවෙන් සිසුන් වෙත බෙදා හැරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 16 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 424 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1335 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site