(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පාස්කු ප්‍රහාරය ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන වසර තුනක කාලයක් රිමාන්ඩ් භාරයේ පසුවී ඇප මත මුදා හැර සිටී සහරාන් හසීම් නැමැත්තාගේ මස්සිනා කෙනකු කුලියාපිටිය කටුපොත ප්‍රදේශයේ සිට මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ බිරිඳගේ මවුපියන් ගේ නිවසට පැමිණ සිටියදී කොච්චිකඩේ පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
මේ සමඟම ඔහුගේ බිරිඳ ද සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මෙම සැකකරු පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන සහරාන් හසීම් නමැත්තා ගේ බිරිඳ වන පාතිමා නමැත්තියගේ සහෝදරයකු බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
පොලීසියට ලැබුණු බුද්ධි තොරතුරක් අනුව ඇති වූ සැකයක් මත මෙම අඹු සැමි යුවල අත් අඩංගුවට ගනු ලැබුවේ කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ශ්‍රීනික ජයකොඩි මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් විසිනි.
අත්අඩංගුවට ගත් මෙම සැකකරු 2019 වසරේ සිට රිමාන්ඩ් භාරයේ පසුවී 2022 වසරේ සැප්තැම්බර් මස 23 වැනිදා මහාධිකරණය මගින් ඇප මත මුදා හැර සිටී අයකු යැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.
කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.
මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.
ශ්රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම
කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ
භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
සහාරාන්ගේ මස්සිනා අත්අඩංගුවට
කිරිපුතා Monday, 10 April 2023 09:44 AM
පොලිසිය තම රාජකාරිය හරියට කරනවා... නමුත් රටේ පවතින දුර්වල නීති පද්ධතිය නිසා පොලිසියේ වෙහෙස අපතේ යනවා. වැරැදි කරුවන් ගෙදර යනවා...
gag Monday, 10 April 2023 10:44 AM
පතොරම් දෙකක් පාවිච්චි කරන්න බැරිද ගල්වලකට ගෙනිහින්...?
BamunuarachchiThursday, 13 April 2023 11:40 AM
පතුරමක් නාස්ති කරන්නේ මොකටද? ගල්වලක නම් හොන්ඩර බාගේ ගල් තිබෙන කොට නේද...?
BamunuarachchiThursday, 13 April 2023 11:41 AM
පතුරමක් නාස්ති කරන්නේ මොකටද ගල්වලක නම් හොන්ඩර බාගේ ගල් තිබෙන කොට නේද?