(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
පසුගිය අප්‍රේල් මස පැනවූ ආනයන තහනම අවසන් කර සහල් ආනයනයට නැවතත් අවසර ලබාදෙන්නේ නම් යල කන්නයේ වී අස්වැන්න පිළිබඳව නිසි පුරෝකථනයක් කිරීමෙන් අනතුරුව පමණක් එය කළ යුතු බව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව නිර්දේශ කර ඇත.
මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය 1 වැනිදා රැස්විය.
මෙහිදී සභාපති අනුර ප්‍රියදර්ශන යාපා මහතා පෙන්වා දුන්නේ දේශීය වී ගොවියාට සිය අස්වැන්න සඳහා සාධාරණ මිලක් ලබාදීම මෙන්ම පාරිභෝගිකයාට සාධාරණ මිලකට, ගුණාත්මක භාවයෙන් හෙබි සහල් පරිභෝජනයට අවස්ථාව සලසා දීම සඳහා මේ තත්වය තාර්කිකව විශ්ලේෂණය කර, පුරෝකථන වලට එළඹිය යුතු බවයි.
එහිදී ආනයන අපනයන අධ්යක්ෂ ජනරාල්වරිය අනාවරණය කර සිටියේ දැනට ලැබී ඇති දත්ත අනුව, අපේක්ෂිත යල අස්වැන්න ගියවර මෙන් මෙවරද 2/3ක් පමණක් වීමට ඉඩ ඇති බවයි.
එම අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් ප්‍රනාන්දු මහතා කාරක සභාවට පෙන්වා දුන්නේ, බලපත්‍ර රහිතව සහල් ආනයනයට ඉඩදීමෙන් ලංකාවේ පරිභෝජනයට අවශ්‍ය ප්‍රමාණයට වඩා සහල් ආනයනයට ව්‍යාපාරිකයන් පෙළඹීම හේතුවෙන් දේශීය ගොවියා අසීරුතාවයන්ට මුහුණ පෑම වැළෑක්වීමට මුදල් අමාත්‍යංශය මැදිහත් විය යුතු බවයි. ඉන්දියාව හා සන්සන්දනය කර බැලීමේදී සෑම ආර්ථික මටිටමකම පුරවැසියන්ට අඩු මිලට මිලදී ගත හැකි සහල් වර්ගයක් දේශීය වෙළෙඳපොළේ තිබීම වැදගත් බවද හෙතෙම ප්‍රකාශ කළේය.
මුදල් අමාත්‍යවරයාගේ නියමය පරිදි කැකුළු, නාඩු ,සම්බා ඇතුළු සහල් වර්ග ආනයනයට අවසර ලබාදෙන අතිවිශේෂ ගැසට් පත්‍රයක් සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරිණ.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙහිදී පැවැසුවේ නිවැරදි සහ තාර්කික තක්සේරුවකින් තොරව මෙවන් නියෝග වලට එළඹීම මඟින් ඇතිවන සාර්ව බලපෑම සම්බන්ධව නිලධාරීන් මෙයට වඩා විමර්ශනාත්මකව කටයුතු කිරීම වැදගත් බවයි.
සහල් වෙළෙඳපොළ සම්බන්ධ පාරිභෝගික අයිතීන් පිළිබඳව කටයුතු කරන පාරිභෝගික කටයුතු අධිකාරිය මීට වඩා සක්‍රීය ලෙස ක්‍රියාත්මකවීමේ අවශ්‍යතාව සහ දේශීය කුඩා හා මධ්‍ය පරිමාණ සහල් ව්‍යාපාරිකයන් ශක්තිමත් කිරීමට වැඩපිළිවෙළක් යෙදීමේ වැදගත්කමද කාරක සභාවේදී සාකච්ඡාවට ලක්විය.
විසර්ජන පනත් කෙටුම්පත රජයේ ප්‍රතිපත්තීන්ට කෙතරම් දුරට අනුකූල වන්නේද යන්න පිළිබඳව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාව හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද මෙහිදී අනුමැතිය ලැබිණ.
කාරක සභාව හමුවට පැමිණ සිටි මුදල් අමාත්‍යංශයේ නිලධාරීන්ගෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විමසා සිටියේ 2021 අයවැය පුරෝකථන සපුරාගැනීමට හැකිවූයේද යන්නයි.
සියලුම ණය පියවා ගැනීමට දේශීය අරමුදල් පමණක් භාවිත කරන්නේ නම්, නුදුරු අනාගතයේදී පොලී අනුපාත ඉහළ යාමක් ඇතිවිය හැකි බවත් එය දේශීය පෞද්ගලික කර්මාන්ත කෙරෙහි අහිතකර ලෙස බලපානු ඇති බවත් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘සහල් ආනයනය කරනවානම් යල අස්වැන්න ගැන හිතන්න‘
චන්දන Friday, 03 December 2021 12:57 PM
යල අස්වනු ගැන හිතන්න එපා. අනිවාර්යෙන් හාල් 150ට යනවා. ඒක නවත්වා ගන්න නම් රටින් ගෙන්වා පාලනය කරන්න ඕනෑ...
Bamunuarachchi Friday, 03 December 2021 05:17 PM
රජයේ සහතික මිලට රජය වී මිලට ගන්නවා නම් අස්වැන්නක් ගැන හිතන්න දෙයක් නැහැ. ගොවියාට, රජයට වී විකුණාගන්න පුළුවන්... ගොවියා වැඩිමිලට මෝල් කාරයාට වී විකුණනවා නම් රජයට පාරිභෝගිකයා ගැන හිතන්න වෙනවා. එමනිසා සහල් ආනයනය කරන්න.