IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


සහල් මිල ඉහළට

(යොහාන් භාසුර)

සියලුම සහල් වර්ගවල මිල දරාගත නොහැකි ලෙස ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ චෝදනා කරති.

ඇතැම් සහල් වර්ගවල මිල සති දෙකකට පමණ පෙර පැවැති මිලට වඩා රුපියල් 10 ත් 25 ත් අතර ගණනකින් වැඩිවී ඇති බවත් නම ගිය සහල් නිෂ්පාදකයන්ගේ සහල් ඊටත් වඩා වැඩි ගණනකින් ඉහළ දමා ඇති බවත් පාරිභෝගිකයෝ පවසති.

රතු සහ සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 120 ත් 128 ක් අතර ද, නාඩු සහල් කිලෝවක් රුපියල් 125 සිට 135 අතර ද, සම්බා සහල් කිලෝවක් රුපියල් 155 සිට 170 අතර ද, කීරි සම්බා කිලෝවක් රුපියල් 220 සිට 230 අතර ද, මිලකට කොළඹ සහ අවට අළෙවි වන බව සිල්ලර වෙළෙන්දෝ පවසති.

පොළොන්නරුවේ ප්‍රධාන සහල් නිෂ්පාදන සමාගම් දෙකකින් අද (16) පස්වරුවේ කළ විමසුමකදී පැවසුවේ සම්බා කිලෝවක් රුපියල් 147 සහ 150 කට ද, නාඩු කිලෝවක් රුපියල් 117 සහ 120 කට ද, කීරි සම්බා කිලෝවක් රුපියල් 220 කට ද, සුදු කැකුළු සහ රතු කැකුළු කිලෝවක් රුපියල් 112 සහ 115 කට තොග නිකුත් කරන බවයි.

එම සහල් නිෂ්පාදන සමාගමක නිලධාරියකු පැවසුවේ රජයේ නියමයන් පරිදි සහල් මල්ලේ රජයේ පාලන මිල සඳහන් කර තිබුණ ද එහි සත්‍ය මිල ඊට වඩා වැඩි බවයි.

ලංකා සතොස උසස් නිලධාරියකුගෙන් කළ විමසුමකදී පැවසුවේ සුදු සහ රතු කැකුළු සහල් කිලෝවක් රුපියල් 93 සහ නාඩු සහල් කිලෝවක් රුපියල් 96 යන රජයේ පාලන මිලට සතොසෙන් මිලදී ගත හැකි බවයි.

සතොසේ සම්බා සහල් නොමැති බවත් සෙසු සහල් වර්ග තුන පමණක් ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

කෙසේ වෙතත් පාරිභෝගිකයන් පවසන්නේ ඉහත මිලට මිලදීගැනීමට බෙහෝ සතොස වෙළෙඳසල්වල සහල් නොමැති බවයි.

 



අදහස් (17)

සහල් මිල ඉහළට

Cisco Wednesday, 16 June 2021 03:05 PM

ඇත්තෙන්ම මේ මිල වැඩිවීම නම් අසාධාරන එකක්. පොහොර නොමිලේ දීල (අපේ බදු මුදල් විදම් කර) ගොවීන් දුක් විද මහන්සි වී වගා කරයි. වෙළෙන්දන් තුට්ටු දෙකට වී මිළදී ගෙන අසාධාරණ ලෙස ලාභ උපයාගෙන වැඩි මිළට පාරිභෝගිකයාට විකුනයි. මෙම ක්‍රියාදාමය ආරම්භ වූයේ මෛත්‍රිපාල මැතිතුමා කෘෂිකර්ම අමාත්‍ය දූරය දරන කාලයේ පටන්මෙය. ලංකාවෙ කුඹුරැවල ගොයම් කැපෙන්න ඔන්න මෙන්න තියෙදිදි සහල් හිගයි කියල රටෙන් ගෙන්වන්න එකල ජනාධිපතිතුමියට කියල අවසර ගන්නව. සහල්වල මිල අඩුවූවිට කැපෙන අස්වැන්නෙ වී මුදලාලිලා අඩු මිළට ගන්නව. වී මිලදීගන්න බැංකු මගින් වෙළෙන්දුන්ට සහන පොලියට ණය ලබා දෙනව. එම චක්‍රය අවුරැදු 10-15 වැනි කාලවකදි සුපිරි සහල් වෙළෙන්දන් හය දෙනෙකු බිහිකරනව. එම හය දෙනා අද කතිකා කරගෙන වී මිල මෙන්ම සහල් මිළද ඹවුනට අවශ්‍ය ආකාරයට පාලනය කරනවා. සහල්මු දලාලිලා හෙලිකොප්හෝටර් පවා මිළදී ගන්නව. අපගේ බදු මුදලට සහ රටේ ගොවියාට වුනු නසිපැත්තිය.

:       0       370

ලමයWednesday, 16 June 2021 05:16 PM

මොනවද මේ කථා? අපි හාල් මාෆියාවෙන් හැමදාම බැට කෑවා. දේශපාලකයින්ට සම්බන්ධ ලොකු මෝල් කාරයින් ඔවුන්ට හිතෙන විදියට හාල් මිල වැඩි කළා. එකෙක් හිටපු මහ එකාගෙ මල්ලී, තව එකෙක් ඉන්නෙ පාර්ලිමේන්තුව ඇතුලේ, අපිට ඔන වුනේ මේ අපිව හූරන්කන මෝල් කාරයො මට්ටුකරන්න. හාල් මාෆියාව සුණු විසුණු කරන්න පුලුවන් වීරයෙක්, වීරයා ගෙනාව අපි ලොකු බලාපොරොත්තු තියාගෙන අනේ ඩඩ්ලි ළඟ විරයගේ ගෝලයා බලුවුණා. දැන් රු 90-110ට තිබිච්ච කීරි සම්බා රු175/ ගොවියෝ මහපාරේ..., නිකන් දෙනව කිව්ව පෝර සල්ලි වලටත් නෑ. වීරයා මොනවා කරනවද කියලා වීරයාම දන්නේ නෑ. මුලු රටම හාන්සියි. මුහුදත් ඉවරයි, රටත් ඉවරයි, අපිත් ඉවරයි...

:       2       249

namal perera Wednesday, 16 June 2021 03:53 PM

දැන් නම් නියමයි නේද

:       0       340

Banda Wednesday, 16 June 2021 05:06 PM

තෙල්මිල වැඩි කළාට ගම්මන්පිල අස්වෙනවා නම් හාල්මිල වැඩි කළාට අස්වෙන්නේ කව්ද?

:       8       104

හාල් පාලුවා Wednesday, 16 June 2021 05:08 PM

එක දවසක් අර මාධ්‍ය කණ්ඩායම් එකතු කරගෙන පිටකොටුවේ හාල් විකුණන කඩේකට ගිහින් හාල් මිල ගණන් පාලනය කරන්න රඟ දක්වපු නාට්‍යයට මොකද අප්පා වුනේ? ෆේල් කියපුවාම මේවගේ ෆේල් වෙච්ච කෙනෙක් ජීවිතේට දැකලා නැහැනේ. මාර වැඩක් තමයි ලංකාවට වුනේ....

:       18       454

පප්ප Wednesday, 16 June 2021 05:47 PM

මෙහෙම බලන කොට හිටංගෙයි, රනිල්ගෙයි කප්පරක් වැරදි තිබුණත් (ඔවුන් දෙන්න ආයිත් ගේන්න කියනවා නෙමෙයි) මිනිස්සුන්ට මෙච්චර ජීවත් වෙන්න අමාරුවක් තිබුණේ නැහැ...

:       4       446

නුවන් Wednesday, 16 June 2021 06:19 PM

පෙට්‍රල් ලීටරයක් රුපියල් විස්සකින් පමණයි වැඩි වූයේ... එහෙත් හාල් කිලෝ එකක් රුපියල් 25 දක්වා වැඩිවී ඇත. මෙය ඉතා අසාධාරණයි. දැන්වත් ගොවියන්ට සහ සහල් වෙළඳුන්ට පිංසෙන්ඩු වීම පසෙක තබා පිටරටින් සහල් ද සෙසු ආහාර ද්‍රව්‍ය ආනයනය කරමු. රජය මහජනතාව වෙනුවෙන් මේ ගැන සලකා බැලිය යුතුයි.

:       2       118

jemaThursday, 17 June 2021 02:07 PM

ඒක කරනනත බැනේ දැන් රටින් ගෙනන ඩොලර් නැ

:       5       4

බද්රානි Wednesday, 16 June 2021 09:01 PM

පොකට් එකට ගාන දැනෙද්දී දේශප්‍රේමේ බිංදුවට බහිනවා පුහු දේශප්‍රේමීන්ගේ . දේශීය ගොවියා සහ දේශීය සහල් ව්‍යාපාරිකයින්ව ආරක්ෂා කර ගැනීම සඳහා සහල් මිල වැඩිවීම ඉතාම සාධාරණයි. ඉදිරියේදී කාබනික පොහොර යොදලා ලැබෙන අස්වැන්නේ සහල් මිල දැක්කාම තව හොඳට දේශප්‍රේමී හැගීම් ඉස්මතුවෙලා එයි. එතෙක් ඉවසීමෙන් හා සැපෙන් සනීපෙන් ඉන්න.

:       0       0

Sunil Wednesday, 16 June 2021 09:09 PM

සිරිපාල ගම්ලත්, ඩඩ්ලි සිරිසේන මිල ගැන තීරණය කරාවි...

:       0       0

Niresh Thursday, 17 June 2021 10:44 AM

අර බ්‍රිගේඩියර්ගේ කම්පියුටරේ හාල් තියනවා කිව්වා නේද? බයවෙන්න දෙයක් නෑ..

:       0       0

pradeepa Friday, 18 June 2021 10:33 AM

දැන් බලන කොට කළින් හිටපු සේනා හොඳයි නේ... බඩු මිල දරාගන්නම බැහැනේ... අපි මාර රැවටිල්ලක් වුණේ.. මෙයාලාට ඡන්දය දීලා..

:       13       26

PushpaFriday, 18 June 2021 12:59 PM

ගෝලීය වසංගතයක් පවතින මෙවන් කලක, ලොව කිසිම රටක තණකොළවත් අඩුමිලට ගත හැකි නොවේ.. අපට ද සිදුවී ඇත්තේ දෙපයින් නැගී සිටීමට උත්සාහ කිරීම පමණි...

:       151       32

nishanthaFriday, 18 June 2021 05:53 PM

දන්නේ නැතිනම් දැනගන්න. මම ඉන්නේ ඇමෙරිකාවේ... වසංගතය කාලෙවත් මම මේ රටේ ඉන්න අවුරුදු 08ටවත් බඩු මිල වැඩි වුණේ නැහැ.

:       23       42

Sujeewa Friday, 18 June 2021 12:43 PM

රට බේරා ගත්ත වීරයා 69 ම අරගෙන නුඹලාට දුන්නා නේද වැඩේ? දැන් සතුටුද?

:       8       22

Rohana Friday, 18 June 2021 10:34 PM

නියමයි බන්දුලගේ කට වගේ වැඩ නැතිබව මෙයින් හොඳටම පැහැදිලියි.

:       0       1

pradeepa Saturday, 19 June 2021 01:25 PM

බන්දුල සර් මොකද වෙන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

සීවලී මහරහතන් ධාතුන් වහන්සේ ගංගාරමයට වැඩමවති
2025 අප්‍රේල් මස 25 489 0

උපාලි සමූහ ව්‍යාපාරියේ හිටපු සභාපති අභාවප්‍රාප්ත දොස්තර සීවලී රත්වත්තේ මහතාගේ දියණිය වන එරන්තිකා සිරිමාවෝ රත්වත්තේ කැලේගම මහත්මිය එම පවුල සතුව තිබ


මැලේරියාව ගැන රටට කියන්න පා ගමනක්
2025 අප්‍රේල් මස 25 53 0

ලෝක මැලේරියා දිනය වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය විසින් සංවිධානය කළ “Say Not To Malariya” මැලේරියා මර්දන සැමරුම් පාගම


ඉදිරි පැය 36 තුළ වැසි තත්වයක්
2025 අප්‍රේල් මස 25 246 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඉදිරි පැය 36 තුළ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බවත් දිව


මාතරින් දේශබන්දුට දුන් නියෝගය
2025 අප්‍රේල් මස 25 1200 0

“මෙම අපහාසය තම ඇසෙන හෝ පෙනෙන තෙක් මානයේ සිදුවූවක් නොවන බැවින් ක්‍රියා මාර්ගයක් ගැනීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් කෙසේ වෙතත් මෙය බරපතල ත


අයි.එම්.එෆ් හතර වන වාරිකය දෙන්න එකඟතාව ලැබෙයි
2025 අප්‍රේල් මස 25 346 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ ණය පහසුකම යටතේ වන හතර වන වාරිකය නිදහස් කිරීමට අදාල කාර්ය මණ්ඩල එකඟතාවට පැමිණ තිබේ.


ලාංකිකයෝ දෙදාහකට ඊශ්‍රායලයේ රැකියා දොර ඇරිලා
2025 අප්‍රේල් මස 25 319 0

ශ්‍රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින් 2149 දෙනකු සඳහා ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබෙන බව විදේශ සේවා නියුක්ති කා


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 803 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 378 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 532 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site