IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


සැහැල්ලු දුම්රිය නැවත දෙන්න ජපානය කැමැත්ත

(අංජුල මහික වීරරත්න)

ජපාන රජයේ ණය ආධාර යටතේ ඉදිකිරීමට සුදානම්ව නවතා දැමුණු කුළුණු මතින් දිවෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළිත් මෙරටට ලබාදීමට ජපාන රජය කැමැත්ත පළ කර ඇත.

ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවත්වන සාකච්ඡාවල එකඟතාවය ලද විගස නැවත එය ක්‍රියාත්මක කළ හැකි බව ජපන් තානාපති මිසුකොෂි හිදෙනකි මහතා දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා හමුවේ සඳහන් කර තිබේ.

රුවන් විජයවර්ධන මහතා හා ජපන් තානාපතිවරයා අතර මෙම හමුව මෙරට ජපන් තානාපති කාර්යාලයේ දී පැවැත්විණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතා ගිවිසුම අත්සන් කළ පසු යළිත් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ හැකි බවද ඔහු කියා තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා අවසන් වූ පසු ජපන් රජය මෙරටට ආයෝජන ව්‍යාපෘති ගණනාවක් හරහා උදව් කිරීමට සුදානමින් සිටින බව ද රුවන් විජයවර්ධන මහතා මාධ්‍ය හමුවේ සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සිය ජපන් සංචාරයේදී මේ කාරණය ගැන සාකච්ඡා කළ බවත් එහිදී ද ජපන් රජය මෙම ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට කැමැත්ත පළ කළ බවත් රුවන් විජයවර්ධන මහතා තවදුරටත් කීවේය.

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නවතා දැමීම නිසා රුපියල් කෝටි 597.8ක අලාභයක් වූ බව විගණකාධිපතිවරයා විසින් ඉකුත් දා වාර්තාවක් මගින් හෙළි කර තිබිණි.

 



අදහස් (29)

සැහැල්ලු දුම්රිය නැවත දෙන්න ජපානය කැමැත්ත

de silva Saturday, 10 December 2022 08:32 AM

කරුණාකර ඒක අපට ලබාදෙන්න අපි බස්වල ගොඩක් දුක් විඳිනවා.

:       2       98

senaSaturday, 10 December 2022 01:02 PM

කලබල වෙන්න එපා, මේ ලැබෙන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල් සමග එකඟතාවයෙන් පස්සේ.

:       8       22

Deepal Nirosh Saturday, 10 December 2022 09:48 AM

මේ ඒකඟතාව රටට ජාත්‍යන්තර වශෙයන් හොඳ ප්‍රවනතාවයක්. ඒ්ත් සිදුවුණු රුපියල් කෝටි 597.8ක අලාභය ගැන නොවෙයි දැන් කල්පනා කළ යුත්තෙ. ඉතා සුළු පොළියකට දිගු කාලීන ආපසු ගෙවීමේ පදනම මත ණයක් ලෙසයි මේ ව්‍යාපෘතිවය ක්‍රියාත්මක වන්නෙ. ඉතින් ව්‍යාපෘතිය අවසානයේ ඔය ණය මුදල තව කොපමණ වැඩි වෙයිද? දැන් රට දුවන්නෙත් පෙර ගත් විදේශීය ණය ආපසු ගෙවීම පැහැර හරිමින්. ඒ් ණය ආපසු ගෙවීමටවත් තවම ක්‍රමයක් නැතිව තව තව ණය වීම නුවණට හුරු ද? අනික දැන් තිබෙන දුම්රිය සේවයත් නඩත්තු කර පවත්වා ගන්නෙ දැඩ් අපහසුවකින්. කෝටි 597.8ක අලාභය දරා ගනිමින් නැවත මේ පිළිබඳ සලකා බැලීමයි සුදුසු.

:       24       55

PushpaSaturday, 10 December 2022 06:41 PM

කෝටි 600 ක් යනු දියුණු වූ රටකට වුවද මහ මුදලකි. අනික ණය ලෙස ගත් සල්ලි. ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 24 ක්! මෙහෙ කුඩා කවුන්සිලවල වසරක කැපිටල් වර්ක්ස් බජට් එක. වැරදිකරුවෝ නැත. ගණන පොතට දමා තවත් ලොකු ණයක් ගන්නයි කල්පනාව... දැන්වත් විශාල ව්‍යාපෘති පටන් ගැනීමට එක එක ලොක්කන්ට හිතෙන පරිදි නොව, මහ බැංකුව වැනි වගකිවයුතු තැනක් මඟින් හරි හමන් බිස්නස් කේස් එකක් පිළියෙල කොට ජනතාවට ප්‍රසිද්ධ කළ යුතුයි. අනික කලින් කලට අයාලේ මහා ව්‍යාපෘති ගේනවා වෙනුවට රටට සහ ඒ ඒ දිස්ත්‍රික්කයන්ට අවශ්‍ය ව්‍යපෘති වේලාසන අඳුනාගෙන යම් අධ්‍යයනයක් කොට ප්‍රසිද්ධ කර තබා ගැනීම මඟින් නාස්තිය අඩු කර ගැනීමට හැකි අතර සහ මිනිසුන්ට තීරණ ගැනීමට පහසුව ඇතිකරයි.

:       3       24

පැරකුම් Saturday, 10 December 2022 10:08 AM

එවකට සිටි උපදේශකයින්ගේ ලනු කාල ගත්ත අමන තීරණය නිවැරදි කරන්න දැන් ඉන්න ජ්‍යේෂඨ උපදේශකගේ උත්සාහය බෙහෙවින් අගය කල යුතුය. එය සාර්ථක වේවායි පතමු.

:       5       68

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 10 December 2022 10:57 AM

ජපානය කියන්නේ ඉතා හොඳ මිත්‍රශීලී රටක්. චීනය වගේ බළ තණ්හාවක් හා රටවල් ඇල්ලීමේ යටි අරමුණු ජපානයට නැහැ.

:       26       106

Muditha Saturday, 10 December 2022 11:43 AM

Better to check with that bloody Professor whether to accept or not???

:       3       21

සන්ක Saturday, 10 December 2022 03:29 PM

ඔය මහාචාර්ය කියන අය කුළුණු මතින් දිවෙන සැහැල්ලු දුම්රියවල බඩු පටවන්න බැහැ කියලා මෙලෝ හසරක් නොදන්නා ගෝටාභයට කියලා ඔය දුම්රිය ව්‍යාපෘතිය නැවැත්වීමට බොරු කිව්වා. අවුරුදු 21කින් පස්සේ ණය ගෙවීම පටන්ගන්න මේ දුම්රිය ව්‍යාපෘතිය ලංකාවට නිදහසෙන් පස්සේ ලැබෙන මහඟු අවස්ථාවක්.

:       2       50

HarshSaturday, 10 December 2022 08:29 PM

මහාචාර්ය ගොන් ගෙන් බේරාගන්න වේවි.

:       1       7

JanithMonday, 12 December 2022 10:46 AM

Sam කියන කෙනා මෝඩයෙක් කියලා පේනවා.

:       1       3

සීජේර Saturday, 10 December 2022 12:34 PM

කුමන අඩු පාඩු තිබුනත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ගේ රාජ්‍යතාන්ත්‍රිකභාවය ඉතාමත් ඉහලයි. අතිතය කුමක් වුනත් ඉදිරියේ මෙවැනි දූරදර්ශි ක්‍රියාමාර්ග දිගටම ගතහොත් ඔහුත් රටත් සාර්ථක වේවි.

:       44       86

kamalSaturday, 10 December 2022 03:05 PM

එයාගේ යහපාලනය කාලේ "දූරදර්ශිව" ගත් විදේශ ණය ගෙවා ගන්නට බැරුව තමයි අද රට බංකොලොත් වෙලා තියෙන්නේ...

:       56       29

samSunday, 11 December 2022 04:39 AM

යහපාලන කාලේ කිසිම අලුත් ව්‍යාපෘතියක් ආරම්භ කලේ නැහැ. ඒත් අති විශාල මුදලක් ණය ලෙස ලබා ගත්තා. ඒ සල්ලි වලට කලේ මොකක්ද කියන එකයි ප්‍රශ්නය?? ඒ ණයට ගත්ත සල්ලි වලින් තමයි, රාජපක්ෂ පාලනය විසින් සිදු කරපු, කිසිම ආදායමක් නොලැබෙන සුදු අලි ව්‍යාපෘති වල (ඒවා නම් වශයෙන් කීම අනවශ්‍ය යි නේද?) ණය වාරික සහ පොලිය ගෙව්වේ!

:       4       10

චමින්ද Saturday, 10 December 2022 03:07 PM

පක්ෂ දේශපාලනය තමන්ගේ ජීවිකාව කරගත් අමනයින්ට තමන්ගේ විරුද්ධ පක්ෂයේ අය රටට කොපමණ හොඳක් කළත් දකින්නේ වැරැදියටමයි. මම මේ අදහස ඉතාමත් නිවැරදියි කියලා කියනවා..!

:       6       33

gundaSunday, 11 December 2022 04:41 PM

seejea, මොනවා ලීවත් කමක් නැහැ, රනිල්ට සුදු හුණු ගාන්න නම් සැරසෙන්න එපා. පරිස්සමින් ඉන්න.

:       4       3

Lalla Sunday, 11 December 2022 07:43 PM

සුදුහුණු මොනවා වුණත් මෙතෙක් පත්වූ උගත්ම සහ ලංකා විශ්ව විද්‍යාලයක උපාධිධාරී පළමු ජනපති රනිල්. මීට කලින් සිටි කිසිම රාජ්‍ය නායකයකු ලංකා විශ්ව විද්‍යාල උපාධිධාරීන් නොවේ...

:       3       5

athuraMonday, 12 December 2022 01:10 PM

යහපාලන කාලේ ණය ගත්තේ සෑම්ඕ රජපවුල ණයට අරං නම ගහගන්න හදපු සුදු අලි නිසා කියලා තේරෙන්නෙ නැති ඔහේ බබෙක්...

:       2       0

ganegoda Saturday, 10 December 2022 03:11 PM

අමූලික බොරුවක්...! පොහොට්ටුවෝ ආපහු බලයක් ලබාගන්න පතුරුවන බොරු ප්‍රචාර... රැවටෙන්න නම් එපා..!

:       27       16

බාබු Saturday, 10 December 2022 04:09 PM

ඔය එන්නේ ඇමරිකන් කුමන්ත්‍රණය තමයි. ජපානය යොදාගෙන MCC AFSA ගිවිසුම කරලියට ගැනීමයි මෙහිදී කරන්නේ... අපේ මෝඩයින් සල්ලි දෙනවා නම් ඕනෑම දෙයක් හොඳයි කියලා බාරගන්නා පිරිසක්.

:       35       14

kamalSunday, 11 December 2022 10:59 AM

බාබු ඔයා තමයි පොර...

:       4       3

TD Saturday, 10 December 2022 05:18 PM

ඉනිමගකුත් දෙනවද නගින්න..?

:       32       6

IndhikaMonday, 12 December 2022 08:07 AM

ඔයා වගේ වදුරෝ ගන්නේ නෑ ඇතුලට.

:       2       4

ගමේ එකාලා Saturday, 10 December 2022 06:53 PM

පහුගිය කාලේ පුරාවටම දේශපාලුවන් කියාපු සුරංගනා කතා අපිට දැන් අහලාම ඇති වෙලා... ආසියාවේ ආශ්චර්යය හීනෙනුත් පේනවා වගේ...

:       1       13

Thakatheeruwaa Ko Saturday, 10 December 2022 06:54 PM

අර වියතෙක් කිව්ව නේද සෑර්...? මේ දුම්රිය වලින් කන්ටේනරයක් ගෙනියන්න බැහැ.. මිනිත්තු 5ක් ඕනේ නම් කලින් යයි කියලා... කෝ දැන් මෙයා..? බාර් එකක බියර් බොනවලු බඩ අතගගා, මොලේ වැඩෙන්න...

:       1       22

de silva Saturday, 10 December 2022 08:47 PM

මේකෙ මහාචාර්යවරයා කිව්වා මේක කාණු මත දුවන නිසා කන්ටේනර් පෙට්ටි පටවන්න බැහැ කියලා... ඇමෙරිකාවේ ජීවත්වුණු රටරකින විරුවා... ඒක අනුමත කරන්න ඔලුව වැනුවා.

:       1       9

Priyath Sunday, 11 December 2022 12:44 AM

පී බි ජයසුන්දර කියන ආර්ථික ඝාතකයා දැන් කොහෙද ඉන්නේ.

:       1       7

Prase Sunday, 11 December 2022 01:58 AM

හැකි ඉක්මනින් මේවා ක්‍රියාත්මක කර ජනතාවට ලබා දෙන්න.

:       1       5

චන්දිම Sunday, 11 December 2022 10:02 AM

මගේ පුද්ගලික අත්දැකීම් අනුව ජර්මනියේ, තායිලන්තයේ, ඉන්දියාවේ මිනිස්සු මේ සැහැල්ලු දුම්රිය වලින් විශාල පහසුවක් ලබනවා. කලට වේලාවට ඔය දුම්රියවලට යන්න පුළුවන් විදියේ ද්විත්ව මාර්ග ක්‍රමයට ඒවා හදන්න ඕනෑ. ණය අරගෙන අරපිරිමැස්මෙන් කටයුතු කළානම් රට දියුණු කරන්න තිබුණා. ණය ගෙවලා දාන්නත් තිබුණා. සාටක කල්ලියේ නීච, පොහොට්ටු හොරු රංචුව ඉතිහාසයේ කවදාවත් නොවෙච්චි විදියට ඉවක් බවක් ලවක් දෙවක් නැතුව ගසාකන්න ගත්තු නිසා රටට මේ විනාසේ වුණේ. අනික මේක මේ රනිල්ට ගුණ වයන්න වෙලාවක් නෙමෙයි. එයත් මේ හොර පොට්ට කාසියේ නෝනා හරි, පොල්ල හරි. ඒ නිසා මොන ණය ව්‍යාපෘතිය කළත් මහජනතාවට මාධ්‍යවලට නිරතුරුවම පස්සෙන් ඉඳන් සෝදිසියෙන් හිටියොත් විතරයි. මේ රට ගොඩගන්න පුළුවන් වෙන්නේ. නැත්නම් සංවර්ධනේ නාමෙන් මොන දේ කළත් මොවුන් ටික අන්තිමට රටම කාලා රට ණය කරලා විකුණලත් දාලයි ඉවර කරන්නේ. අන්න ඒක අතැඹුලක් විදියට ජනතාව හිතට ගන්න ඕනි දෙයක්...

:       3       14

jayapaala Sunday, 11 December 2022 02:03 PM

පොහොට්ටුවන්ගේ දූෂණ පටවාගන්නත් පටන් අරන් නේද? හපොයි මගේ රට...!

:       3       5

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

’’ආණ්ඩුවට පාඩමක් කියා දෙන්න ජනතාව බලා ඉන්නවා’’
2025 අප්‍රේල් මස 23 14 0

බොරු පොරොන්දු දී ජනතාව රැවටු මාලිමා ආණ්ඩුවට ගමේ ජනතාව පාඩමක් උගන්වන දිනය මැයි හයවනදා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ඩෑන් ප්‍රියසාද් ඝාතනය සිද්ධියට පිය - පුත් දෙපළකට විදෙස් තහනමක්
2025 අප්‍රේල් මස 23 294 0

සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වී යැයි සැක කෙරෙන පිය පුතු දෙපළකට රටින් පිටවීම වළක්වමින් විදෙස් ගමන් තහනමක්


ලංකාවේ රාජ්‍ය සේවයේ ’’කොලිටිය’’ හොයන්න නේපාලයේ කණ්ඩායමක්
2025 අප්‍රේල් මස 23 112 0

නේපාලයේ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙරට රාජ්‍ය සේවය පිළිබඳව අධ්‍යයනයක නිරත වෙති.


ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් ගිනි ගනියි
2025 අප්‍රේල් මස 23 183 0

හැටන් සිට මහනුවර දක්වා ධාවනය වූ ත්‍රිරෝද රථයක් අද (23) ගිනිගෙන විනාශ වී ඇති බව හැටන් පොලිසිය පැවසීය.



ට්‍රම්ප්ගේ වැඩ නිසා වැඩියෙන්ම සතුටු වෙන්නේ විපක්ෂය
2025 අප්‍රේල් මස 23 340 1

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට ආර්ථිකය ශක්තිමත් කිරීමට ගන්නා වූ තීන්දු තීරණ වලට වැඩිපුරම සතුටු වන්නේ මෙරට විපක්ෂය බව ජනාධිපති අනුර කුමාර දිසාන


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 631 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 320 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 470 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site