IMG-LOGO

2025 අප්‍රේල් මස 15 වන අඟහරුවාදා


සහල්වලින් කෝටි 1,090 ආනයන බදු ආදායමක්

(යොහාන් භාසුර)

ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය සඳහා ආණ්ඩුව අවසර දී තිබූ කාලයේ දී පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්‍රික් ටොන් 167000 ක් මෙරටට ගෙන්වා තිබූ බවත් එම සහල් තොගය වෙනුවෙන් ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 10.9 ක් හෙවත් රුපියල් කෝටි 1,090 ක් ආනයන බදු ලෙස අයකරගත් බවත් රේගු  මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගුව අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.

එම සහල් මෙට්‍රික්ටොන් 167000 තුළ කැකුළු සහල් මෙට්‍රික්ටොන් 66000 ක් සහ නාඩු සහල් මෙට්‍රික්ටොන් 101,000ක් ඇතුළත් වූ බවත් එම සහල් කිලෝවක් වෙනුවෙන් රුපියල් 65 බැඟින් ආනයන බදු අය කළ බවත් අරුක්ගොඩ මහතා කීය.

ඒ අනුව සහල් මෙට්‍රික්ටොන් එකකට ඩොලර් 220 ක් හෙවත් රුපියල් 65,000 ක පමණ බද්දක් අයකළ බවද අරුක්ගොඩ මහතා කීය.

ආණ්ඩුව පසුගිය දෙසැම්බර් 4 වැනිදා ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමට අවසරදීමෙන් පසුව මෙම මස 10 වැනිදා දක්වා මෙම සහල් ප්‍රමාණය ආනයන කර තිබූ බවත් ඉන් සියයට 90 කට වැඩි ප්‍රමාණයක් පෞද්ගලික අංශය ආනයන කර තිබූ බවත් ඒ මහතා කීය. 

 



අදහස් (3)

සහල්වලින් කෝටි 1,090 ආනයන බදු ආදායමක්

k.g.s.p.n.rupasingha Sunday, 26 January 2025 05:49 PM

සල්ලි හොයන්න ඉම්පෝර්ට් කරනවා. නැතිනම් කන්න නැති දුප්පත් ජනතාවට ආදරේට නෙවෙයි. හැම එකෙන්ම ගසාකනවා. ඔක්කොම එකයි. ආණ්ඩුව කළත්, පුද්ගලික ආයතන කළත් හොරකමමයි . අවසානයේ ගෙවන්න ඕනෙ දුප්පත් ජනතාව හාල් කිලෝ 1කට රුපියල් 65 ක්... ටැක්ස්. හෙණම ගහන්න ඕනෑ...

:       0       1

රටවැසියා Sunday, 26 January 2025 06:09 PM

රජය මේ 65 බද්ද අයින් නොකරපු එක ඉතාමත්ම නිවැරදි තීරණයක් නැත්නම් මේ වාසිය පාරිභෝගිකයන්ට ලැබෙන්නෙ නැහැ. ඒ පිළිබඳව අතීත අත්දැකීම් තියෙනවා.

:       2       3

ටිකිරි මොළේ Sunday, 26 January 2025 06:47 PM

01. යහපාලනය කාලයේ ඇමතියෙක් කිව්වා ගම්මිරිස් ආනයනය කර ප්‍රතිඅපනයනය මගින් රේගුවට ආදායම් වැඩිවෙනවා කියලා... මිනිහාට තේරුම්ගන්න බැරිවුණා... දේශීය ගම්මිරිස් ගොවියා අනාථවෙලා කියලා 02. ලංකාවේ වැවෙන වී වලින් සහල් ගතහැකිව තිබියදී රටතුළ තියෙන විනිමය විදෙස් ගතකර සහල් ගෙන්වා රටතුළ තියෙන මුදල් රේගුව අයකර මෙච්චර මුදලක් උපයාගෙන තියෙනවා කියලා කොහොමද ටිකිරි මොළේ?

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

උප ජනපති පාපන්දු කුසලානය කඩලා
2025 අප්‍රේල් මස 15 17 0

ඇමෙරිකන් ජාතික පාපන්දු ශූරතාව දිනූ ඔහියෝ ජනපද පාපන්දු කණ්ඩායම ධවල මන්දිරයට ගෙන්වා ඔවුන් ඇගයීමට ලක් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උප ජ


ආයතන 18ක තැපැල් ඡන්දය පරක්කුයි
2025 අප්‍රේල් මස 15 53 0

කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන 18ක තැපැල් ඡන්ද විමසීම ප්‍රමාද වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පිල්ලෙයාන් එක්ක රනිල්ට කතා බෑ
2025 අප්‍රේල් මස 15 162 0

රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවනු ලැබ සිටින නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමති සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ශිවනේසතුරේ චන්ද්‍රකාන්තන්



ප්‍රදේශ කීපයකට සවස තද වැසි
2025 අප්‍රේල් මස 15 242 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආණ්ඩුව තාප බලාගාර මාෆියාවකට අහුවෙලා
2025 අප්‍රේල් මස 15 513 0

අඩු මුදලකට පුනර්ජනනීය බලශක්ති විදුලිය නිෂ්පාදන හැකියාව තිබිය දී රජය තාප, ගල්අගුරු හා ඉන්ධන බලාගාර මාෆියාවකට හසුවී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 120 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 270 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 880 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site