ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
මේ හේතුවෙන් ඉදිරි දින කිහිපයේ දී මෙම පද්දතිය අඩු පීඩන කලාපයක් දක්වාත් පසුව සුළි කුණාටුවක් දක්වාත් වර්ධනය වන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
උතුරු අක්ෂාංශ 5ත් 10ත් නැගෙනහිර දේශංශ 90 සහ 100ත් අතර මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40 -50 පමණ වන අතර විටින් විට එය පැයට කිලෝ මීටර් 60 දක්වා ඉහළ යනු ඇති.
උතුරු අක්ෂාංශ 01ත් 04ත් සහ නැගෙනහිර දේශංශ 85 සහ 92 ත් අතර පවතින සුළං අභිසාරි කලාපය හේතුවෙන් මෙම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 50 - 60 පමණ වන අතර විටින් විට එය පැයට කිලෝමීටර් 70ව දක්වා වැඩි විය හැකි බව ද අනතුරු අඟවයි
ඉහත කී ප්‍රදේශවල මුහුද ඉතා රළු වන අතර තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
උතුරු අක්ෂාංශ 5ත් 10ත් නැගෙනහිර දේශාංශ 90 සහ 100 අතර සහ උතුරු අංකෂාංශ 01ත 04ත් නැගෙනහිර දේශාංශ 85 සහ 92 ත් අතර මුහුදු ප්‍රදේශවලට ඉදිරි කාලයේ යාත්‍රා නොකරන ලෙස නාවික ප්‍රජාවට සහ ධීවරයනට දැනුම් දෙයි.
දැනට මෙම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙස දන්වා සිටියි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධයෙන් නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ සිය අවදානය යොමු කරන ලෙස ද ධිවරයන්ගෙන් සහා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.
වැඩිමහල් සහෝදරයා අතදරා සිටි පිහියෙන් බාල සහෝදරයාගේ පාදයක් කැපී බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි ගෑන්ඩ්පාස් පොලිසිය කියයි.
රුපියල් විසි හතර කෝටි තිස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විදේශීය ගුවන් මගියෙකු අද(20 ) අලුයම රේගු මත්ද
සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන්ගේ සංඛ්‍යාව ඉහළයාම හේතුවෙන් කොටුව හා මහනුවර අතර තවත් විශේෂ දුම්රිය දෙකක් ලබන 28 දක්වා ධාවනයට යෙදවීමට දෙපාර්තමේන
කිතුනුවන්ගේ ශුද්ද වූ සතියේ අවසන් දිනය වන පාස්කු ඉරිදා අදට යෙදී ඇත.
මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව, හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනි තැන වැසි හෝ ගිගුරුම
සීගිරිය අභයභූමියේ සීගිරි පව්ව පෙනෙන මානයේ මහා පරිමාණ බොරළු පස් කැපීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව සීගිරිය සුරැකීමේ සංවිධානය පවසයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සුළි කුණාටුවක් ගැන අනතුරු අඟවයි