(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මීරිගම ප්‍රදේශයට අද පස්වරු පහයි තිහට පමණ හමාගිය සැඩ සුළඟක් හේතුවෙන් ගස් කඩා වැටීමෙන් මීරිගම පස්යාල මාර්ගය ඩී එස් හන්දියෙන් ද මීරිගම වේවැල්දෙණිය මාර්ගය අනුබද්ධ විද්‍යාලය අසලින් හා අමරතුංග මාවත ද සම්පූර්ණයෙන්ම වාහන ගමනා ගමනට අවහිර විය.
පස්යාල මීරිගම ප්‍රධාන මාර්ගයේ ඩී එස් සේනානායක ජාතික පාසල අසල මාර්ගය අයිනේ තිබූ සුවිශාල මාර ගස මාර්ගය හරහා කඩා වැටී ඇති අතර මේ හේතුවෙන් නගරය හරහා ගමන් ගන්නා වාහන ද විශේෂයෙන් අධිවේගී මාර්ගය දිගේ පැමිණ කොළඹ දෙසට ගමන් ගන්නා සියලු වාහන ද ගමනාගමනය අවහිර වී පැවතීනි.
වේවැල්දෙනිය මාර්ගයේ අනුබද්ධ විද්‍යාලය අසල කොස් ගසක් කඩාවැටීමෙන් කඩා වැටීමෙන් එම මාර්ගය අවහිර වී ඇති අතර අමරතුංග මාවතේ ලංකා බැංකුව ආසන්නයේ ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයද අවහිර වීම හේතුවෙන් වේවැල්දෙණිය මාර්ගයට ප්‍රවිෂ්ට වීමේ සියලු පහසුකම් අහිමි වී තිබිණි .
ඩී එස් හන්දිය අසල දැවැන්ත මාර ගස කඩා වැටීම නිසා ප්‍රදේශයේ විදුලිය සැපයුමට ද දැඩි ලෙස බාධා පැමිණ තිබිණි . පොලිසිය හා ප්‍රදේශවාසීන් එක්ව අවහිරතා ඉවත් කිරීමට යුහුසුලු ව පියවර ගනිමින් තිබිණි.
මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර
ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.
දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී
ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් පාලනය කරන කණ්ඩලම ජලාශයේ වම් ඉවුරේ ඉතා රමණීය අසිරිමත් විශාල වන ලැහැබ සහ අක්කර දෙකක පමණ තුරුලතා වියන, ඉදිකරමින් පවතින
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සුළං නිසා මීරිගම මාර්ග රැසක වැහෙයි