IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


සැළසුම් ශිල්පියා ඉඟිනිමිටිය ජලාශයේ සැඟවෙයි

(එච්. චන්දන )

ඉගිනිමිටිය වාරි මාර්ග ඉංජිනේරු කාර්යාලයට අනියුක්තව සේවය කළ සැළසුම් ශිල්පියෙක් ඉගිනිමිටිය ජලාශයේ ගිලී අතුරුදහන්වී ඇති බව නවගත්තේගම පොලීසිය  පවසයි.

දියේ ගිලී අතුරුදහන්වී ඇත්තේ ඔහු කුරුණෑගල - දෙමටගහ පැළැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවු ඩී.පී. සමීර සදරුවන් ප්‍රේමසිරි (29) නම් අයෙකි. ඊයේ( 10 )  සවස මෙම අතුරුදහන්වීම සිදුවී ඇති බව පොලීසිය කියයි.

ඉගිනිමිටිය ඉංජිනේරු කාර්යාලයේ ප්‍රාදේශීය වාරි මාර්ග ඉංජිනේරු අයි.එම්.එස්.පී.සුමනදාස යන අය විසින් පොලීසියට මේ පිළිබඳ දැනුම් දී තිබේ.

මෙම සැළසුම් ශිල්පියෙකු ඇතුළු කණ්ඩායමක් ඊයේ (10)  සවස ඉගිනිමිටිය වැව් තාවුල්ලේ අනවසරයෙන් සිදු කරන වගා කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ගිය බවත්,එම අවස්ථාවේදී කුමන හෝ හේතුවක් නිසා මෙම සැළසුම් ශිල්පියා ජලාශයේ ගිලී අතුරුදහන්වී ඇති බවටත් වාරි මාර්ග ඉංජිනේරුවරයා පොලීසිය හමුවේ වැඩිදුරටත් සදහන් කර ඇත.

ප්‍රදේශයේ ධීවරයින් විසින් අතුරුදහන්වූ සැළසුම් ශිල්පියා සොයා මෙහෙයුමක් ආරම්භ කළ නමුත් සිරුර සොයා ගැනීමට හැකිවී නැත.

වැව් තාවුල්ලේ සිදු කරන අනවසර වගාවන් සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය අයෙකු ජලාශයේ ගිලී අතුරුදහන්වී ඇත්තේ කුමන ආකාරයෙන්ද යන්න සම්බන්ධයෙන්ද සොයා බලන බව නවගත්තේගම පොලීසිය කියයි.

 

 



අදහස් (2)

සැළසුම් ශිල්පියා ඉඟිනිමිටිය ජලාශයේ සැඟවෙයි

Pagaa Maruwo Wednesday, 11 October 2023 01:31 PM

නිවන් සුව... කොළඹ නගර සභාවේ ඉන්න බොහෝ ඉන්ජිනේරුවෝ කියාගන්න ඈයෝ, ටී.ඕ ලා සහ සැලසුම්ශිල්පියො කරන කූට කටයුතු අත්විඳින සියල්ලන් ඔවුන්ට බොහෝ විට හිතින් නිවන් සුව පතනවා...!

:       0       2

Sampath Wednesday, 11 October 2023 05:34 PM

මේ මනුස්සයා තනිවමද යවලා තියෙන්නේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ශ්‍රී ලංකා ක්‍රිකට් හොඳම සේවා යෝජක සම්මාන ලබයි
2024 ඔක්තෝබර් මස 11 70 0

ලෝක මානව සම්පත් කොංග්‍රසය වාර්ෂිකව සංවිධානය කරන සේවා යෝජක සම්මාන උළෙලේදී (2024) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකාවේ හොඳම සේවා යෝජක සන්නාම ලෙස සම්මේල


වැස්සෙන් මාර්ග රැසක් යටවෙයි:ජන ජීවිතයටත් බාධා
2024 ඔක්තෝබර් මස 11 753 0

තැනින් තැන ඇඳහැලෙන මහ වැසි සමඟ ගම් රැසකජනතාව පීඩාවට පත්ව සිටී.


ධීවර ජනතාවට විශේෂ නිවේදනයක්
2024 ඔක්තෝබර් මස 11 184 0

පුත්තලම සිට කොළඹ ,ගාල්ල මාතර හරහා හම්බන්තොට දක්වා ක්‍රියාත්මක සියලුම ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේ


රත්නපුර ලැයිස්තුවෙන් දමිතාගේ නම හැලෙයි
2024 ඔක්තෝබර් මස 11 3534 12

තමන් මෙවර රතනපුර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කරන බව දමිතා අබේරත්න මහත්මිය පැවසුවත් ඇගේ නම රත්නපුර දිස්ත්‍රික්කයට බාරදුන් සමගි ජන බලවේගයේ මහ මැ


කෙහෙළිය වන්දි ඉල්ලා ගොනු කළ පෙත්සම ඉල්ලා අස් කරගනී
2024 ඔක්තෝබර් මස 11 2812 0

ප්‍රමිතියෙන් තොර හියුමන්ඉමියුනොග්ලොබින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තම


දිස්ත්‍රික්ක 10කට නාය අනතුරු අඟවයි
2024 ඔක්තෝබර් මස 11 467 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාල ගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 33 කට අද ( 11 ) පෙරවරුවේ සිට නාය යෑමේ අනතුරුඇඟ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39904 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25905 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 141 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 399 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1278 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site