(කාංචන කුමාර ආරියදාස)
සීගිරිය අභයභූමියේ සීගිරි පව්ව පෙනෙන මානයේ මහා පරිමාණ බොරළු පස් කැපීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව සීගිරිය සුරැකීමේ සංවිධානය පවසයි.
සීගිරිය අභයභූමිය ආරක්ෂා කර ගැනීමේ වගකීම පැවරී ඇත්තේ වනජීවී දෙපාර්තමේන්තුවට බැවින් වන ජීවී දෙපාර්තමේන්තුවේ කාර්යාලය ආසන්නයේ සිට කිලෝමීටර් කිහිපයක් දුරකින් සීගිරි පව්වට කිලෝමීටරයකටත් වඩා අඩු දුරකින් මහා වනාන්තරය මැද රූස්ස ගස් ඩෝසර් කොට විනාශ කර දමා වසර ගණනාවක සිට ඉතා හොර රහසේ විශාල වලවල් හාරා බොරලූ රැගෙන යාම සිදුවන බවත් ජනතාව පෙන්වා දෙති.
වසර කිහිපයක සිට ඉතාමත් හොර රහසේ මෙය පවත්වාගෙන ගොස් තිබෙන බවත් එතෙක් වන ජීවීන් නිලධාරීන් මෙය නොදැක්කාසේ සිටියේ කෙසේදැයි ඔවුහු වැඩිදුරටද ප්‍රශ්න කරති.
සීගිරිය වන ජීවී කාර්යාලයේ නිලධාරිනියකගෙන් විමසීමේදී ඇයද කියා සිටියේ ඔවුන්ගේ බලය ඇති සීගිරිය අභයභූමියේ ඇති විද්‍යුත් තාක්ෂණික මෙවලම් උපයෝගී කරගෙන චන්ද්‍රිකා තාක්ෂණ අනුව නිරීක්ෂණයේදී වසර කිහිපයක සිට මෙය සිදුවන බවට නිරීක්‍ෂණය වූ බවය.
කෙසේ වෙතත් කිසිදු අවසරයක් හෝ අනුදැනුමකින් තොරව එය සිදුවන බවත් මෙසේ විනාශයක් සිදුවන්නේ සිගිරි අභයභුමිය තුළ බවද පැවසුවාය
කෙසේ වෙතත් මෙම මහා පරිසර විනාසය සිදු කරනු ලබන්නේ කවුරුන් විසින්ද යන්න මෙතෙක් අනාවරණය කරගෙන නොමැති බවත් සීගිරිය වනජීවී කාර්යාලයේ ස්ථාන භාර නිලධාරී වනසත්ව අඩවි ආරක්ෂක එස්.එස් මලින්ද මහතාගෙන් විමසීමේදී කියා සිටියේය
සීගිරි අභයභූමිය තුළ මෙවැනි මහා පරිමාණ බොරළු වළක් සදහා කිසිදු අවසර පත්‍රයක් ලබා දී නොමැති බවත් පෞද්ගලික ඉඩමක වුවද පස් කැණීම් සඳහා විධිමත් නීතිමය රාමුවක් පවතින බවද හේතෙම සඳහන් කළේය.
නැවත කිසි දිනක ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන තුට්ටු දෙකට විකුණන්න ඉඩ තබන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොළොන්නරුව ජන හමුවකදී පැවසීය.
’සිරි දළදා වන්දනාව’ තුන්වන දිනය අද (20) දහවල් ආරම්භ කළේය. දළදා වන්දනා කිරීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මහනුවර නගරයේ පෝලිම්වල රැඳී සිටින බව අප වාර්තාකරුව
ලාල් කාන්ත මහත්තයා ඇත්ත ප්‍රකාශ කරන මිනිහෙක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පැවසීය.
මාලිමා රජයේ මැතිවරණ ප්‍රතිපත්ති සහ පොරොන්දු අද වන විට පුස්සක් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඟවා තැබූ කොටස් ඇතුළු සම්පූර්ණ වාර්තාව පරීක්‍ෂණ සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට තමා අද බ
ආණමඩුව වඩත්ත හල්මිල්ලෑව ප්‍රදේශයේ කැට පොළකදි ඇතිවු අරවුලක් දිග් ගැසිමකින් පොලු මුගුරු වලින් පහර දී තරුණයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සීගිරියේ වන විනාශය