IMG-LOGO

2025 පෙබරවාරි මස 03 වන සඳුදා


සුද්දගෙ කාලේ තැපැල් හලක් බලන්න ඇමති යයි

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ පෞරාණික තැපැල් කාර්යාලයක් වූ ගාල්ල කොටුව තැපැල් කාර්යාලය  නිරීක්ෂණය කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා එහි සංචාරය කළේය. 

ශ්‍රී ලංකාවේ විවෘත කරන ලද පළමු තැපැල් කාර්යාල පහෙන් එකක් වූ ගාල්ල කොටුව පරීශ්‍රයේ  පිහිට තැපැල් කාර්යාල ලන්දේසි පාලන සමයේ ඉදිකරන ලද ගොඩනැගිල්ලක ස්ථාපිතව පැවැති අතර, එම ගොඩනැගිල්ල නිසි අයුරින් දීර්ඝ කාලයක් නඩත්තු නොකිරීම හා සංරක්ෂණය නොකිරීම හේතුවෙන් මේ වනවිට සම්පූර්ණයෙන් ගරා වැටීමේ තත්ත්වයකට පත්ව ඇත.

ප්‍රදේශයේ මහජන නියෝජිතයින් සහ දකුණූ පළාත් නියෝජ්‍ය තැපැල්පති ඇතුළු නිලධාරීන් මෙන්ම නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ද සමග පරිශ්‍රය නිරීක්ෂණය කරමින් කරුණු අධ්‍යයනය කළ අමාත්‍යවරයා පෞරාණික වටිනාකමකින් මෙන්ම ඓතිහාසික උරුමයකින් ද යුක්ත වූ ශ්‍රී ලංකා තැපෑලට අයත් ඉතා වටිනා ගොඩනැගිල්ලක් මෙලෙස ගරාවැටීමට ඉඩ දී බලා සිටීම මවිතයට කරුණක් බව පැවසීය.

ගරා වැටී පවතින එම පරිශ්‍රය නිරීක්ෂණය කළ අමාත්‍යවරයා එම පරීශ්‍රය ඵලදායී කාර්යයකට යොදවන්නේ නම් එය ශ්‍රී ලංකාවේ තැපෑලට සුවිශේෂි අගයක්, වටිනාකමක් පමණක් නොව සුවිශාල ආදායමක් උපයා ගැනීමට සුදුසු පරිශ්‍රයක් බව පෙන්වා දුන්නේය.

 ජාතික උරුමයන් මෙලෙස විනාශවීමට කිසිසේත් ම ඉඩ නොතැබිය යුතු බව ද අමාත්‍යවරයා  අවධාරණය කළේය.



අදහස් (2)

සුද්දගෙ කාලේ තැපැල් හලක් බලන්න ඇමති යයි

Aruna Monday, 03 February 2025 03:16 PM

දැන්වත් බයිලයි සවාරියි නවත්වල වැඩක් කරන්න හරි බැලුවොත් නරකද?

:       22       11

Kamal Koyrala Monday, 03 February 2025 05:48 PM

වජිර දන්නවද දන්නේ නැහැ... මෙහෙම එකක් තියනවා කියලා... මොකද 1977 ඉඳන්ම ඇමැතිනේ ගාල්ලේ..

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 

දියත

බ්ලූමැන්ඩල් බහලුම් අංගන විවෘත කරයි
2025 පෙබරවාරි මස 03 22 0

කොළඹ වරායේ බහාලුම් තදබදයට විසඳුමක් ලෙස ඉතා කෙටි කාලයක් තුළ කඩිනමින් සකස් කළ බ්ලුමැන්ඩල් පරිශ්‍රයේ අක්කර 2.5 ක පමණ කොටසක් තාවකාලිකව බහාලුම් අංගනයක් ලෙස


ඡන්දහිමි නාම ලේඛනයට හැම පුරවැසියෙක්ම ඇතුලත් විය යුතුයි
2025 පෙබරවාරි මස 03 110 0

ඡන්දහිමි නාම ලේඛනයට සියලු පුරවැසියන් ඇතුලත් විය යුතු බැවින් සුදුසුකම් ලැබු ඡන්දහිමියන් අත් නොහැරෙන අකාරයට ඡන්ද හිමි නාම ලේඛනය සකස් කරන බව අතිරේක මැත


තරුණ සේවා අලුත් සභාපති වැඩ බාර ගනී
2025 පෙබරවාරි මස 03 691 1

නීතිඥ සුපුන් විජේරත්න මහතා ජාතික තරුණ සේවා සභාවේ නව සභාපති සහ ලංකාවේ තරුණ කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් තනතුරෙහි අද (3) වැඩ බාර ගත්තේය.


රුමේනියා රැකියා වීසා ප්‍රමාදයට විසඳුම් සොයයි
2025 පෙබරවාරි මස 03 354 1

රුමේනියාවේ රැකියා ලබා ගැනීමට වීසා නිකුත් කිරීමේදී ඇතිවන අධික ප්‍රමාදය වැලැක්වීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ මැදිහත්වීමෙ


ආනන්ද විජේපාලට එරෙහිව රිට් පෙත්සමක්
2025 පෙබරවාරි මස 03 780 0

පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයත් දරමින් ජනාධිපති ලේකම් කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානි වශයෙන් කටයුතු කිරීමෙන් අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ආණ්ඩුක්‍රම ව්‍යව


’’මෙරට වැඩිම ජිවිත තර්ජන ඇත්තේ මහින්දට’’
2025 පෙබරවාරි මස 03 613 7

මහින්ද රාජපක්ෂ මැතිතුමා වර්තමානයේ මෙරට වඩාත් ජිවිත තර්ජන ඇති පුද්ගලයා බවත් අනුර කුමාර දිසානායක මැතිතුමා ජනාධිපතිතුමා වුවත් ඔහුට ජිවිත තර්ජනයක් නෙන


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 76 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 735 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 730 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site