දින 8 ක මෙහෙයුමක් සඳහා පෘථිවි කක්ෂයේ රඳවා ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළට ගොස්, ආපසු පෘථිවියට පැමිණීමට නොහැකිව, මාස 9 ක් අභ්‍යවකාශ නැවතුම්පොළේ රැඳී සිටීමට සිදුවුණු නාසා ගගනගාමීන් දෙදෙනා සුනීතා විලියම්ස් සහ බුච් විල්මෝර් යළි පෘථිවියට පැමිණියහ.
සුනීතා විලියම්ස් සහ බුච් විල්මෝර් අභ්‍යවකාශයට ගියේ ඔවුන්ගේ අවසන් අභ්‍යවකාශ මෙහෙයුම ආරම්භ කරමිනි. දින 8 ක මෙහෙයුම, මාස 9 ක් වේවි යැයි ඔවුන් සිහිනෙකින්වත් සිතුවේ නැත. විලියම් සහ විල්මෝර් යළි පැමිණියේ නාසා ආයතනය සමඟ සම්බන්ධ වී සිටින, ලොව අංක එකේ බිලියනපති ඉලොන් මස්ක්ගේ 'ස්පේස් එක්ස්' සමාගමේ 'ඩ්‍රැගන්' ගගන කැප්සියුලයේ ආධාරයෙනි.
කැප්සියුලය ඇමෙරිකාවේ වේලාවෙන් සවස 5.57 ට පැරෂූට් ආධාරයෙන් ෆ්ලොරීඩාවට ඔබ්බෙන් මුහුදට පතිත කෙරුණි. ඒ, විලියම් සහ විල්මෝර්ගේ අවසන් ගගන මෙහෙයුම දින 268 කට පසු අවසන් කරමිණි.
විලියම් සහ විල්මෝර් ආපසු පැමිණියේ තනිවම නොව, එම කැස්පියුලයෙන් අභ්‍යවකාශ නැවැතුම්පොළට ගිය ඇමෙරිකන් සහ රුසියන් ගගනගාමීන් දෙදෙනකු ද සමඟය. 'ඩ්‍රැගන්' කැප්සියුලයේ ඉඩ පහසුකම් ඇත්තේ ගගනගාමීන් සිවු දෙනකුට පමණි.
සාමාන්‍යයෙන් ගගනගාමීන් අභ්‍යවකාශයට ගොස් ආපසු පැමිණෙද්දී, ඔවුන් වෛද්‍ය පරීක්ෂණවලට යොමු කෙරේ. පලපුරුදු නාසා ගගනගාමීන් වුවත්, 59 හැවිරිදි සුනීතා විලියම්ස් සහ 62 හැවිරිදි බුච් විල්මෝර්, ආපසු ආ සැණින් වෛද්‍ය ආධාරකරුවන්ගේ අවධානයට ලක්වූහ. ඔවුන් දෙදෙනාට තව ටික දිනක්, හූස්ටන් පිහිටි නාසා ආයතනයේ ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටීමට සිදුවෙයි. ඒ, වෛද්‍ය අධීක්ෂණය යටතේය.
(නාසා අයතනය)
ඇමෙරිකන් අධ්‍යාපන අමත්‍යාංශය වසා දැමීමේ විධායක නියෝගයකට, එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් කළේය. ඇමෙරිකා ජනාධිපතිවරයා එම විධායක නියෝගයට අත්සන් ක
දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී අද (20)සංශෝධන රහිතව සම්මත විය.
තම දරුවාට පොත් හා පාසල් උපකරණ ලබා ගැනීමට රජයෙන් ලබා දුන් රුපියල් 6000 ක වවුචරය කදුරුවෙල වෙළෙද ආයතනයකට ලබාදී විදුහල්පතිවරයාෙ භාණ්ඩ ලබාගත් බවට චෝදනා කරමි
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉල්ලා අස්වී ඇත.
නුවරඑලිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 12ක් සදහා ලබා දුන් නාමයොජනා පත්‍ර 26ක් ප්‍රතික්ෂේප වූ බව නුවරඑලිය දිස්ත්‍රික්කයේ තේරිම් භාර නිළධාරි තුෂාරි තෙ
2025 පළාත් පාලන මැතිවරණයේදි මාතලේ පළාත් පාලන අයතන 13ක් සදහා පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධින කණ්ඩායම්වලින් නාම යෝජනා පත්‍ර 14ක් ප්‍රතික්ෂේප වූ බව මාතලේ තේර
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
සුනීතා විලියම්ස් සහ බුච් විල්මෝර් යළි පෘථිවියට