(ජේ.ඒ.එල් ජයසිංහ සහ ෂේන් සෙනෙවිරත්න)
සිංහල දමිළ අළුත් අවුරුද්දට වෙනුවෙන් පැරැණි චාරිත්‍රාණුකූල හිස තෙල් ගැල්වීමේ රාජ්‍ය උත්සවය ශ්‍රී දළදා මාලිගාශ්‍රයේ ඓතිහාසික නාථ දේවාල භූමියේදී අද පෙරවරු 9.04 ට යෙදුන සුබ සිදු කෙරිණි.
මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහානිකායේ මල්වතු - අස්ගිරි උභය මහා විහාර පාර්ශ්වයේ මහා නායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා පරිදි පැවති එම අවස්ථාවට විශාල පිරිසක් හිසතෙල් ගැල්වීමට එක්ව සිටියහ.
මල්වතු පහසුවේ අනුනායක දිඹුල්කුමරේ විමලධම්ම නාහිමියෝ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ හිසට සුභ මොහොතින් තෙල්ගැල්වුහ.
මෙහිදී විශේෂත්වයක් ලෙස දක්නට ලැබුණේ දළදා මාළිගාවේ අලි ඇතුන්ටද සුබ මොහොතින් හිස තෙල් ගෑමේ චාරිත්‍රයද ඉටුකිරීමයි. මහා සංඝරත්නයේ ආශීර්වාද පිරිත් දේශණා මැද මෙම හිස තෙල් ගෑමේ චාරිත්‍රය සිදු කළහ.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ඒ බී.එස්.අභයකෝන්, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි, ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධම්මික අභයගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීනි චමින්ද්‍රාණී කිරිඇල්ල යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
මීට සමගාමීව දිවයිනේ සෑම විහාරස්ථායක්ම මුල් කරගනිමින් හිසතෙල් ගෑමේ උත්සවය පැවැත්විණි
මහනුවර නාථ දේවාලයේ හිස තෙල් ගෑමේ රාජ්‍ය උත්සවයට සහභාගී වු පිරිස
උතුරු මැද පළාත් ආණ්ඩුගාර වසන්ත ජනදාස මහතා උතුරු මැද පළාත් හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවයට එක්ව සිටි අයුරු (දයාරත්න ඇඹෝගම)
පුත්තලම දිස්ත්‍රික් හිස තෙල් ගැල්වීමේ රාජ්‍ය උත්සවය රාජ්‍ය පරිපාලන පළාත් සභා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න පුත්තලම දිසා ලේකම් එච්.එම්.එස්.පී.හේරත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආණමඩුව ඓතිහාසික පරමාකන්ද රජ මහා විහාරස්ථානයේ දී සිදු කෙරිණි. (පද්මා කුමාරි කංකානම්ගේ)
බළපිටිය මරදාන මහ පාරේදී අද(17) රෑ සිදුවූ වෙඩි තැබීමකින් එක් අයකු තුවාල ලබා රෝහල්ගත කළ බව අහුන්ගල්ල පොලීසිය කියයි.
දෙවුන්දර හුම්මාන මාර්ගයේ දි සැක කටයුතු මෝටර් රථයක් නවත්වා පරික්ෂා කිරීමේ දී මෝටර් රථයේ පසු පස ප්‍රදේශයේ සඟවා තිබු රුපියල් 32840000 මුදල් හා රත්තරන් වළලු, කර
කැකිරාව මැදවැව ප්‍රදේශයේ ගෙවත්තක තිබී ගින්නෙන් පිලිස්සුන තිදරුමවකගේ මළ සිරුරක් සොයා ගැනීමට අද (17) පොලිසියට හැකිව තිබේ.
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
සිරි දළදා වන්දනාවේ පෝලිම් කෙළවර බැතිමතුන්ට පහසුවෙන් බලා ගැනීම සඳහා විශේෂ ලින්කුවක් හඳුන්වා දී තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද හෙට සිරි දළදා දැක්මට සහභාගී වී දළදා වහන්සේ වන්දනා කිරීමට නියමිතව තිබේ.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
සුභ හෝරාවෙන් හිස තෙල් ගා...
ගුණරත්න Wednesday, 16 April 2025 09:01 PM
කෝ ජනාධිපතිතුමා? එතුමා අවුරුදු සමරන්නේ නැත්තේ මොකද?