IMG-LOGO

2025 මාර්තු මස 21 වන සිකුරාදා


සුළං බලාගාරය ගැන අදානි තවමත් කැමැත්තෙන්

(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකානු ඩොලර් බිලියන 1 වටිනාකමකින් යුත් මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය නැවතත් ලබා ගැනීමට අදානි සමූහය උනන්දුවෙන් පසුවන බව ආරංචි මාර්ග උපුටා දක්වමින් ඉන්දියාවේ "ද හින්දු" පුවත්පත වාර්තා කළේය.

පසුගිය පෙබරවාරි මස 13 වැනිදා ඉන්දියාවේ අදානි ග්‍රීන් එනර්ජි සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් මහතා වෙත ලිපියක් යොමු කරමින් මෙම ව්‍යාපෘතියෙන් නිල වශයෙන් ඉවත් වන බව ප්‍රකාශ කළත් අදානි සමූහය මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය පිළිබඳ බලාපොරොත්තු අත්හැර  නොමැති බව "ද හින්දු" පුවත්පත සඳහන් කළේය.

ඉවත්වන බව දැනුම් දුන්නත් ඒකකයකට ගෙවනු ලබන මිල පිළිබඳ දෙපාර්ශ්වයට එකඟතාවයකට පැමිණි හැකි වෙතැයි අදානි සමූහය බලාපරොත්තු තබාගෙන සිට ඇතැයි එම පුවත්පත වාර්තා කළේය.

ඒකකයකට ගෙවන ගාස්තුව පිළිබඳ සාකච්ඡා තවමත් සිදුවෙමින් පවතින නමුත් අන්‍යෝන්‍ය වශයෙන් එකඟ විය හැකි ගාස්තුවකට දෙපාර්ශ්වයම ඉතාමත් ඉක්මණින් එළඹනු ඇතැයි තොරතුරු දත් ආරංචි මාර්ග පැවැසුවේය.

මන්නාරම් සුළං බලාගාරවලින් උත්පාදනය කරන විදුලිය සඳහා කිලෝ වොට් පැයකට ගෙවන ගාස්තුව ලෙස ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් ශත 5-6 ත් අතර මිලක් යෝජනා කර තිබුණත් කිලෝ වොට් පැයකට ශත 7 ක පමණ මිලකට දෙපාර්ශ්වය එකඟ වනු ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

 



අදහස් (1)

සුළං බලාගාරය ගැන අදානි තවමත් කැමැත්තෙන්

ජයනාත් Wednesday, 19 March 2025 06:59 AM

අප්‍රේල් වල එන මෝදි ගමනට පෙර වදනක් ... යමක් බලාපොරොත්තු වන්න ...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

දියත

අද සවසත් පළාත් රැසකට තද වැසි
2025 මාර්තු මස 21 49 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලග


සෞඛ්‍යයේ භූතයා ගැන සී අයි ඩී පරීක්ෂණ
2025 මාර්තු මස 21 314 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියකු ලෙස පෙනී සිටිමින් වසර දහයකට අධික කාලයක් තිස්සේ එහි කටයුතු කර ඇතැයි පැවසෙන පුද්ගලයකු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර


ජාතික ලුණ සමාගම නව පියවරක්
2025 මාර්තු මස 21 171 0

රජයේ සන්නාමයක් යටතේ ඉදිරියේදී මේස ලු‍ණු වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගන්නා බව ජාතික ලු‍ණු සමාගම පවසයි.


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 211 0

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


වෙරිමරගාතේ ඒ.ටී.එම් යන්ත්‍රයට ගහලා
2025 මාර්තු මස 21 208 0

මත්ද්‍රව්‍ය පානය කිරීමෙන් පසුව වෙරි මතින් රාජ්‍ය බැංකුවක ඒ.ටී.එම් යන්ත්‍රයකට පහරදී අලාභානි සිදු කළේ යැයි කියන බිබිල ප්‍රදේශයේ තරුණයකුට රුපියල් 224 750.00 ම


අධ්‍යාපන අමත්‍යාංශය වසා දැමීමට නියෝග
2025 මාර්තු මස 21 1641 0

ඇමෙරිකන් අධ්‍යාපන අමත්‍යාංශය වසා දැමීමේ විධායක නියෝගයකට, එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් කළේය. ඇමෙරිකා ජනාධිපතිවරයා එම විධායක නියෝගයට අත්සන් ක


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 463 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1047 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 352 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site