IMG-LOGO

2025 අප්‍රේල් මස 05 වන සෙනසුරාදා


සූර්ය ව්‍යාපෘතියක් ඥාති සමාගමකට දීලා: කෝටි 330 ක පාඩුවක්

(සුජිත් හේවාජුලිගේ )

පසුගිය රජය  සියඹලාණ්ඩුවේ   මෙගාවොට් 100 සූර්ය බල ව්‍යාපෘතිය  වැඩි මිල ඉදිරිපත් කළ විදුලි බල මණ්ඩලයේම ඥාති සමාගමකට නිතියට පටහැනිව  පැවරීමෙන්  රුපියල් කෝටි 330 ක  පාඩුවක් සිදුවී ඇතැයි  ලාංකික මහජන එකමුතුවේ සභාපති  පේෂල සේරසිංහ මහතා පැවසීය.

එසේ හෙයින් එම ටෙන්ඩරය වහාම අවලංගු කර  අලුත් ටෙන්ඩරයක් කැඳවන්නැයි  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් කරන බවද ඔහු ප්‍රකාශ කළේය.

කොමිස් කුට්ටි  ව්‍යාපෘතිවලට   උල්පන්දම් දෙන පරණ පිල්ලි විදුලිබල  මණ්ඩලයේ තවමත් හොල්මන් කරන බව පැවසූ සභාපතිවරයා     ජනතාවට කොකා පෙන්වමින් මෙගා ව්‍යාපෘතිවලට යෑම ඔවුන්ගේ එකම ඉලක්කය බවද  සඳහන් කළේය.
පේෂල සේරසිංහ මහතා මෙසේ පැවසුවේ බොරැල්ල එන්. අැම් පෙරේරා ශාලාවේදී අද (2) පෙරවරුවේ  පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදිය.


සේරසිංහ මහතා මෙසේද පැවසීය.

සියඹලාණ්ඩුව මෙගා වොට් 100  සූරිය බල ව්‍යාපෘතිය   ටෙන්ඩරයට  පාර්ශව දෙකක් ඉල්ලුම් කරනවා. රිවිදනවි කියන ආයතනයට තමයි ටෙන්ඩරය හිමිවන්නේ.  අඩු ටෙන්ඩරය ඉදිරිපත් කරපු පාර්ශ්වය පැත්තකට දමා  වැඩි ටෙන්ඩරය හිමිවූ සමාගමට ටෙන්ඩරය  දෙනවා. එමගින්  කෝටි  33ක  පාඩුවක් සිද්ධ වුණා.. එම සිද්ධියට හිටපු  නායකයන්  වගකිව  කිවයුතුයි.

රිවිදනවි විදුලි බල මණ්ඩලයට සම්බන්ධ ආයතනයක්. ඒ ටෙන්ඩරයේ පාරිශුද්ද භාවය ඉන් අහෝසි වුණා. විදුලි බල මණ්ඩලයේ එක්තරා ප්‍රධානියකු  පුනර්ජනනීය විදුලි බලයට වඩා වෙනත් මාධ්‍ය වෙනුවෙන් උනන්දු වී කටයුතු කරන බව පේනවා. පරණ පිල්ලි තවමත් හොල්මන් කරන හෙයින් බලශක්ති ක්ෂෙත්‍රයේ  ලොකු  පසුබෑමක්   ඇතිවී  තිබෙනවා. මේ කර්මාන්තයේ  ඍජු රැකියා ලක්ෂයක් තියෙනවා. වක්‍ර රැකියා ලක්ෂ තුනක් තියෙනවා.

සූර්ය බලය ප්‍රවර්ධනය කරන බව ජාතික ජනබල වේග ප්‍රතිපත්ති මාලාවේ තිබෙනවා. විදුලි බල මණ්ඩලයේ සිටින යම් යම් පිල්ලි ජනතාවට කොකා පෙන්වමින් කරන කටයුතු හෙළා  දකිනවා.  මණ්ඩලය අද  යන්නේ මෙගා ව්‍යාපෘතිවලට. එසෙම  දේශීය ආයෝජකයන් මගහරිමින් කටයුතු කරන තත්වයක් තියෙනවා. වර්තමාන සෝලා   ව්‍යාපෘති හරහා  ලොකු කොමිස් කුට්ටි ගන්න බැහැ. මෙමගින්  සිදුවන්නේ ජනතාවගේ අයිතිය කොල්ලකෑමක්.

දූෂණය නැති කිරීමට ආපු ජනාධිපතිවරයා මේ ටෙන්ඩරය ඉදිරියට ගෙනියනවාද. අපි ඒක බලාගෙන ඉන්නවා.ටෙන්ඩරය ක්‍රියාත්මක වී නැහැ.  නමුත් තවම තියෙනවා. මේ දූෂිත ටෙන්ඩරය  අවලංගු කර නැවත කැඳවන්න කියලා අපි ඉල්ලනවා. කෙසේ නමුත්  මේ ව්‍යාපෘතිය අනිවාර්යයෙන් කළ යුතුයි. නමුත් ඒක වෙන්න ඕන විනිවිදභාවයකින්.    නිලධාරීන් ආණ්ඩුව  ගොනාට ඇඳුවාදැයි සැකයක් තියෙනවා.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට  සංවිධානයේ විධායක කමිටු සාමාජික නවෝද්  හේවගේ  මහතාද සහභාගි විය.

 



අදහස් (4)

සූර්ය ව්‍යාපෘතියක් ඥාති සමාගමකට දීලා: කෝටි 330 ක පාඩුවක්

ගුණරත්න Wednesday, 02 April 2025 06:52 PM

මේ ආණ්ඩුවට සූර්ය බල ව්‍යාපෘති ඇලජික්! හේතුව අපි කවුරුත් දන්නවා.

:       16       16

Saman Wednesday, 02 April 2025 07:27 PM

අඩුම ටෙන්ඩරය හොඳම ටෙන්ඩරය වෙන්නෙ නෑ හැම වෙලාවෙම.

:       6       26

රුවන් Thursday, 03 April 2025 06:10 AM

හම්බන්තොට, මන්නාරම තමයි හොදම ප්‍රදේශ අඩු පිරිවැය නැතුව දිර්ගකාලීන පැවැත්ම පලදායිතාව ඉහළ පැනල ගත්තා නම් අපිට ඉන්දියාවට අපනයනය කරන්න පුළුවන්. ටෙස්ලා සමාගමේ පැනල ඉතාම කාර්යක්ෂමයි.

:       2       1

eresh Thursday, 03 April 2025 10:19 AM

තවමත් ඉන්නවා මෙහෙම අය සමහර CEB වල

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

දේශබන්දු යෝජනාවට පක්ෂ රැසකින් රතු එළියක්
2025 අප්‍රේල් මස 05 2297 5

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයෙන් නෙරපීමේ යෝජනාව ගෙන එන ආකාරය ස්ථාවර නියෝගවලට පටහැනි බව සඳහන් කරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂවල නායකයින් පාර


මෝදි- අනුර එක්ව ලංකාවේ දැවැන්ත වැඩ තුනක් අරඹයි
2025 අප්‍රේල් මස 05 1251 5

ඉන්දියානු රජයේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති 3ක වැඩ ආරම්භ කිරීම සහ විවෘත කිරීම ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ සහභ


සහන කණ්ඩායම මියන්මාරයට පිටත් වෙයි
2025 අප්‍රේල් මස 05 428 0

භූමි කම්පාවෙන් විපතට පත් මියන්මාරයේ ජනතාවට සහන සැලසීම සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයන් විසි හය දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය සහ සහන සේවා කණ්ඩායම විශේෂ ගු


බද්ද ගැන රජය ඇමරිකාව එක්ක සාකච්ඡා කරන්න යයි
2025 අප්‍රේල් මස 05 283 3

එක්සත් ජනපද නව තීරු බදු ක්‍රමය පිළිබඳව ගතයුතු ක්‍රියාමාර්ග සොයා බලා රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුව සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


ඉන්දු-ලංකා අවබෝධතා ගිවිසුම් හතක්
2025 අප්‍රේල් මස 05 325 1

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්ෂේත්‍ර කිහිපයකට අදාලව අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුම් 7ක් හුවමාරු කර ගැනීම ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීයානු අග


පෙරටුගාමී සමාජවාදී පක්ෂය කොටුවේ විරෝධතාවක
2025 අප්‍රේල් මස 05 705 4

ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි සමග ලංකාවේ ආණ්ඩුව අත්සන් කිරීමට නියමිත ගිවිසුම් හා ඒවා අත්සන් කරන අත්තනෝමතික ආකාරයට විරෝධය දැක්වමින් පෙරටුගාමී සමා


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 249 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 417 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 932 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site