(ඩයනා උදයංගනී)
ආණ්ඩුවේ මර්දනකාරී වැඩපිළිවෙලට එරෙහිව හෙට (2) පැවැත්වෙන දැවැන්ත උද්ඝෝෂණ හා විරෝධතා ව්‍යාපාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද සහභාගී වන බව එහි මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.
වෘත්තීය සමිති හා විශ්ව විද්‍යාල සිසුන් මර්දනය කරමින් සහ උද්ඝෝෂණ කිරීමට අවස්ථාව නොදෙමින් ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙලට එරෙහිව මෙම උද්ඝෝෂණයට අනිවාර්යයෙන් සහයෝගය ලබාදෙන බවත්, අවිහිංසාවාදී උද්ඝෝෂණ කිරීම ජනතා අයිතියක් බැවින් තම පක්ෂය ඒවා මර්දනය කිරීමට විරුද්ධ බවත් ජයසේකර මහතා සඳහන් කළේය.
රාජපක්ෂ පවුල් පාලනයට හා එක්සත් ජාතික පක්ෂ පාලනයට විරුද්ධ බලවේග සියල්ල එක්කර දැවැන්ත දේශපාලන ව්‍යාපාරයක් බිහිකර නව ආණ්ඩුවක් පිහිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කරගෙන යන බව කී මහලේකම්වරයා රාජපක්ෂ පවුලේ දේශපාලනය වෙනුවෙන් පෙනී සිටින පොහොට්ටුව හා ජන බලයක් නොමැති එක්සත් ජාතික පක්ෂය ඒකාබද්ධ රනිල් රාජපක්ෂ ආණ්ඩුවට සහයෝගයදීමේ හැකියාවක් තමන්ට නැතැයි ද කීවේය.
ඔහු මේ බව පැවසුවේ එම පක්ෂ මූලස්ථානයේදී අද (1) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එසේ බිහිකරන නව ආණ්ඩුව අරගලය ප්‍රතික්ෂේප නොකරන සහ අවිහිංසාවාදී අරගලය ශක්තිමත් කරන වාම ප්රගතිශීලී නායකත්වයකින් යුත් එකක් බවත්, එය ංචාවෙන්, දූෂණයෙන් තොර ජනතාව අපේක්ෂිත සිස්ටම් චේන්ජ් එකක් කරන ආණ්ඩුවක් බවත් ජයසේකර මහතා පැවසීය.
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම
මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හෙට පැවැත්වෙන විරෝධතාවට ශ්‍රීලනිපයේත් සහය
ranjith Tuesday, 01 November 2022 04:29 PM
දැන්වත් පොදු සැලැස්මකට ඔක්කොම එකතු වෙලා මේ රට බංකළොත් කරමු තක්කඩි ටික පන්නලා නැවත රට නගා සිටුවන්න. අවුරුදු 2 කටවත් පොදු සැලැස්මකට එකග වෙලා වැටුප් වරප්‍රසාද බලාපොරොත්තු නොවී රට දියුණු කරන්න. නැතුව පුද්ගලික වාසියට දේශපාලනේ කරන්න ගියොත් රට කවදතාවත් ගොඩ ගන්න බෑ.
Bandara Tuesday, 01 November 2022 06:37 PM
ඔයාල දැන් කොහොමත් අවලංගුයි. රනිල් ඕනෙ දේ කරනව කියල මිනිස්සු දන්නව.
AkilaTuesday, 01 November 2022 07:14 PM
රනිල් පොහොට්ටුව දුෂිත ආණ්ඩුව තියන තාක් කල් IMF එක ණය දෙන්න කැමති නැහැ.
චන්දන Wednesday, 02 November 2022 06:51 AM
පුතානෝ ඇතුළු පිරිසක් පිදුරු ගහෙ හරි එල්ලෙන්න බලනව.