IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


’’හෙට’’ගැන අද දැක දියුණු ලංකාවක් බිහි⁣ කරනවා

(අංජුල මහික වීරරත්න)

හෙට ලෝකය කල්තියා දැක ශ්‍රී ලංකාවේ එම නව ලෝකය බිහි කිරීමට හැකියාව ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන අරඹමින් අද (20) පැවසීය.

හෙට දුටු නායකයෙක් ලෙස මහාමාන්‍ය ඩී.එස් සේනානායක බිහිකළ පරපුර සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ බව කී රනිල් වික්‍රමසිංහ මහතා නිදහසේ සිය වන සැමරුම වනවිට දියුණු ශ්‍රී ලාංකික ජාතියක් බිහි කිරීම සඳහා වෙනස් නොවන ප්‍රතිපත්ති රාමුවක සිට කටයුතු කරන බව ද පැවසීය.ඒ වෙනුවෙන් අලුත් තරුණයන් පක්ෂ නායකත්වයට පත් කරගෙන යන බවද වික්‍රමසිංහ මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන ආරම්භ කිරීම සහ ඔන්ලයින් තාක්ෂණය මගින් පක්ෂයේ කටයුතු ආරම්භ කිරීම නිරෝධායන නීති වලට අනුගත වෙමින් ඊයේ පස්වරු 4ට පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විණි.

"හෙට එච්චර කලුවර නෑ" "හෙට දකින අපි -හෙට හදන අපි" "හෙට හදන පරපුරේ සාමාජිකයෙක් වන්න"යන තේමාවන් යටතේ මෙම සාමාජික ප්‍රවර්ධන වැඩසටහන පැවැත්විණි.

එක්සත් ජාතික පක්ෂයේ ඩිජිටල්  සාමාජික කාඩ් පත එළිදැක්වීම සහ ඩිජිටල් ඩ්‍රයිව් ඇප් මෘදුකාංගය නිකුත් කිරීමද මෙහිදී සිදු කෙරිණි.

ඔන්ලයින් තාක්ෂණයට අනුගත වන ශ්‍රී ලංකාවේ පළමු පක්ෂය ලෙස එක්සත් ජාතික පක්ෂය මෙම වැඩසටහනට අවතීර්ණ වන අතර මෙදින පක්ෂ නිර්මාතෘ ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස් සේනානායක මහතාගේ ජන්ම දිනය යෙදී තිබීම ද විශේෂත්වයකි.

මෙම අවස්ථාවට නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන,සභාපති වජිර අබේවර්ධන මහලේකම් පාලිත රංගේ බණ්ඩාර , උපනායක අකිල විරාජ් කාරියවසම් මහත්වරු ප්‍රමුඛ පක්ෂ ජ්‍යෙෂ්ඨයෝ සහභාගීවූහ.

(ඡායාරූප: ඩික්සන් වසන්ත)

ඔන්ලයින් තාක්ෂණයට අනුගත වන ශ්‍රී ලංකාවේ ප්‍රථම පක්ෂය ලෙස  ඩිජිටල්  සාමාජික කාඩ් පත එළිදැක්වීම සහ ඩිජිටල් ඩ්‍රයිව් ඇප් මෘදුකාංගය නිකුත් කිරීම 



අදහස් (19)

’’හෙට’’ගැන අද දැක දියුණු ලංකාවක් බිහි⁣ කරනවා

NM Wednesday, 20 October 2021 10:29 PM

හෙට ලෝකය කල්තියා දැක ශ්‍රී ලංකාවේ එම නව ලෝකය බිහි කිරීමට හැකියාව ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බව සහ එතෙක් එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉවසීම කැපවීම සහ අර්බුද හමුවේ නොසැලී සිටීම ගුය්න අගයකල යුතුවෙමු.

:       24       13

Please Thursday, 21 October 2021 02:15 AM

රනිල් ගොන් කතා කියල රටේ ජනතාව ගොනාට ආයෙත් අන්දන්න හදන්න එපා.. යූ.එන් .පී එක නැති උනෙත් ඔය නායකත්ව යටතේ තමයිලු. ගිය සැරේ රට හදන්න රත්රන් චාන්ස් එකක් දීල, ඒක කෑවා.. මහ බැංකුව ඉවරයි.. පොර්ට් එක බද්දට දීල ගත්තු සල්ලි වලින් රටේ ණය බේරා අඩු කරව ගන්න තිබු වැඩේ වෙලත් නැහැ.. ඔයාගෙ ලීඩ ශිප් එක ඔයා ට හැමදාමත් ඉන්න වැඩක් මිස රටට ගොඩ නැගීම කිරිමක් කවදා වත් තිබුණේ නැ

:       2       1

Rohana Wednesday, 20 October 2021 11:11 PM

පාස්කු ප්‍රහාරය එල්ලවුනේ ඔය කියන හෙට දැකපු නිසාද ? දැන් මොලේ විකල්වෙලා නිසා දේශපාලනයෙන් විශ්‍රාම ගතයුතු කාලය එලඹී ඇතිබව සිහි තබා ගන්නවා නම් වඩා හොදයි.

:       12       21

Raveendra Wednesday, 20 October 2021 11:35 PM

බලයේ ඉන්නකොට හෙට ගැන දැක්කාද.... බලයක් නැතිවිට හෙට ගැන මොන කතාද.... මේවගේ කතා කියමින් පිං බත් කනවාද......

:       12       24

laankikayaThursday, 21 October 2021 10:45 AM

බලය තියෙද්දී මෙයා දැක්කේ කොල්ලොයි මෙයාගේ ළඟ ඉන්න ගජ මිතුරු යාලුවෝ ටිකයි විතරයි ..

:       3       7

කිරි පුතා Thursday, 21 October 2021 01:34 AM

බලයේ ඉන්නකොට නැති , බලය නැති කොට ඇති මහා දුරදක්නා නුවණ !

:       2       0

Dasa P Thursday, 21 October 2021 02:14 AM

රටට හෙටක් ඇතිවෙන්නේ මේක අල්ලාගෙන ඉන්න මහල්ලෝ ටික ගිය දවසට

:       0       0

Lalith M Thursday, 21 October 2021 07:05 AM

බලය ලැබුණ භැම වෙලාවෙම සමනල තටුවල අවශ්‍යතාවලට මුල්තැන දීම තම කල්ලිය සමග පමණක් ගැවසී බුද්මත් මැති ඇමතින් නොසලකා ක්‍රියා කිරීමත් නිසා ඔබ ගැන විශ්වාසය තැබූ ජනයා ඔබ හැරගියා. කරුණාකර නිවැරදි තරුණ නායකයකුට බලය ගන්න පක්ෂය අතහැර විශ්‍රාම යන්න.

:       3       3

Ruby Thursday, 21 October 2021 08:08 AM

අවුරුදු 35 තිස්සේ කොරපු දේවල් හොඳටම ඇති .වදින්නම් දැන්වත් ගෙදරට වෙලා ඉන්න විහිළු සපයන්නේ නැතිව .

:       2       5

Saththaya Thursday, 21 October 2021 09:10 AM

ක්‍රමක් ක්‍රමයෙන් ලංකාව ගොඩනැගුනේ ජනතාවට මුදල් විසිකර චන්දය ලබාගත් පාලකයෝ . ඒකෙ ප්‍රතිපල අද අපි භූක්ති විදිමින් ඉන්නවා . ජනතාව ඒ මුලාවට රැවටුනා . මහජන මුදල් හොරා කාලයි එහෙම කලේ . දැන්වත් තේරුම් ගියොත් ගොඩ එන්න උත්සහ කරන්න පුළුවන් . මේ ක්‍රමයට හොර සල්ලි නැතුව චන්ද දිනන්න බැරි වුනා . ඒ එක්කම දුෂිත පිරිසක් තමයි දේශපාලුවන් හැටියට එදිරිපත් වෙලා රට හදන තැනට ගියේ . නායකත්වයන්ට පාලනය කරන්න බැරි තත්වයක් උදා වුනා . කප්පන් දීල තියා ගන්න වුනා මේ මැරයන්ට . අනාගතයේදී ජාත්‍යන්තරය ජයගත හැකි කෙනෙක් ලංකාවට අවශ්‍ය . කව්ද ඉන්නේ කියා අවංකව , රට වෙනුවෙන් හිතන එක යහපත් පුරවැසියන්ට භාරයි .

:       0       4

මුදියන්සේ, Thursday, 21 October 2021 09:24 AM

නිදහස ලැබූදා පටන් දකිනවා පමණි. ගොඩ ඒමක් නොමැත. ඉතිරි ටිකත් ඔහොම යමු. අනේ ශ්‍රී ලංකාව ගැන ඇත්තේ කම්පාවක්.

:       0       4

Bamunuarachchi Thursday, 21 October 2021 09:25 AM

2005 හෙටක් ගැන අපි හිතුව නිසා රට බේරුනා. හෙටක් ගැන හිතුවානම් අන්තර් ස්වයං පාලන අධිකාරියක් ප්‍රබාකරන්ට දෙන්න හදයිද? මෙයා විකාර දොඩවනවා.

:       4       4

Bandara Thursday, 21 October 2021 09:40 AM

පිස්සු තද වෙලා .අද පොයනේ

:       3       3

පිටිගල මිලානෝ Thursday, 21 October 2021 09:45 AM

අනේ අම්මෝ...... ආයෙත් නම් එන්න එපෝ...... ඇවිල්ලා කල හරිය මදැයි.... පෝ ඩා... පෝ....

:       2       5

Ra Thursday, 21 October 2021 10:34 AM

පිස්සු තමයි

:       1       4

ERNEST LALITH Thursday, 21 October 2021 10:34 AM

දැන්ද ඇහැරිලා තියෙන්නේ ,මෙච්චරකල් රට ගොඩගන්න මොනවද කලේ

:       1       4

Perera Thursday, 21 October 2021 11:14 AM

ලංකාව බිහි කරන්න කලින් තමුන්ගේ පක්ෂය නැවත බිහි කරගන්න

:       1       2

SUNIL MILANO Thursday, 21 October 2021 11:38 AM

පසු ගිය යහපාලනයෙදී අපි දැක්කානේ .මාර දියුණු ලංකාවක් .බින්දුවටම බැහැලා දැන් මරු කියවනවා

:       2       1

SUNIL MILANO Thursday, 21 October 2021 01:16 PM

ඔය දිනය බාලගිරි දෝෂ වගේ තමයි .කවදාවත් අද හෙට දිනයක් නෙමෙයි

:       2       1

ඔබේ අදහස් එවන්න

දියත

අද - හෙට විශේෂ දුම්රිය කීපයක්
2024 නොවැම්බර් මස 17 30 0

මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී


පිපිරීමකින් තරුණයෙක් මරුට
2024 නොවැම්බර් මස 17 404 0

අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි


පළාත් කිහිපයකට අදත් වැසි
2024 නොවැම්බර් මස 17 39 0

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කි


පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 2023 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 676 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 4274 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 334 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 620 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1773 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site