IMG-LOGO

2025 අප්‍රේල් මස 15 වන අඟහරුවාදා


හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

හිටපු අමාත්‍ය අනුර පියදර්ශන යාපා මහතා සහ ඔහුගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද සවස අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය.

2014 වසරේ අග භාගයේදී බිංගීරිය සහ නාරම්මල ගංවතුරින් අවතැන් වූ පුද්ගලයන්ට සහන සැලසීම මුවාවෙන් ලංකා ඛනිජ තෙල් නීති ගත අවස්ථාවෙන් රුපියල් 61, 46110 ක මුදලක් ලබාගෙන එම කටයුතු සඳහා භාවිතා නොකර එම මුදලින් 2015 වසරේ ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගවට ගත් බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා කිය.

එම මුදල් සාවද්‍ය පරිහරණය මෙන්ම පොදු දේපළ යටතේ සිදුකළ වැරදි බවට කරුණු අනාවරණය වී ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

ඒ අනුව නීතිපතිතුමාගේ උපදෙස් ලබාගෙන මෙම සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු සහ සැකකාරිය හෙට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 



අදහස් (23)

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන අත්අඩංගුවට

dud Wednesday, 22 January 2025 11:49 PM

මා ඔයේ හොර වැලි, මැටි ජාවාරමේ රැකවලා තමයි මේ. රටට ගමට මෙලෝ වැඩක් නැති එපාම කරපු එකෙක්. ප්‍රේමදාස හදපු පිට්ටනියකට කැත නැතුව නම ගහගත්ත​.මුගේ කැන්වසින් යන නූගත් සෙට් එකකට රස්සා අරන් දුන්න​.

:       3       27

අරවින්ද මොනරවිල Thursday, 23 January 2025 12:06 AM

පෙරහැරේ කසකාරයෝ විතරයි ඔය එන්නේ නිළමේලා බලා ගන්න තව පොඩ්ඩක් ඉවසන්න වෙනවා.

:       6       29

ඇන්ඩ්රු සෙබඩවිලThursday, 23 January 2025 12:24 PM

ආසයිනේ

:       2       4

Rata Perata Thursday, 23 January 2025 12:28 AM

ඔන්න දැන් කෙඳිරි ගාන්න එපා. ඒ වගේම හාම්පුතුන් වන්දනා කරන අයත් ටිකක් ඉවසාගෙන ඉන්න.

:       5       30

Tharindu Thursday, 23 January 2025 12:45 AM

මෙම කිසිදු අත්අඩංගුවට ගැනීමක් දේශපාලන පිළිගැනීම් ලෙස හුවා දැක්වීමට කිසිවෙකු උත්සාහ දරන්නේ නම් මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ ලබා දෙන්නේ නම් ඔවුන්ගේ කියවීම තුළ පුරවැසියන් වන අප උන්ගේ දංකුඩ කන බත් බැලයන් සේ සලකුණු ඇත...ලක්ෂ 60ට වඩා මුදල්..ලොක්කා පිනවීම පිණිස පිහිටවනු ලබන ආණ්ඩුවේ වාසි ඇමැති කමක් ලබා ගැනීමට මහජන මුදල් කාබාසිනියා කරමින් සිටි දේශපාලකයන්ට දඬුවම් ලැබිය යුතුය

:       3       37

Dasa P Thursday, 23 January 2025 03:43 AM

කාගේ කාගෙත් කිල්ලෝටවල හුනු ටික ටික හරි තිබේ

:       3       26

Perera Thursday, 23 January 2025 04:20 AM

පෙරහැර පටන් අරන් ඉවරයි .මේ කස කාරයෝ නේ

:       3       22

B Amarasinghe Thursday, 23 January 2025 04:30 AM

වෙන මුකුත්ම නෑ දෙයක් කියන්න "........විඳින කලට දුක් ......"

:       3       15

පියල් විරසිංහ Thursday, 23 January 2025 06:22 AM

මෙයා විතරක් නෙමෙයි හිටපු ඔක්කොම අය ගැන හොයා බැලුවොත් දූශන අක්‍රමිකතා තියනවා. මේ කිසි කෙනෙක් රටට ආදරේ අය නෙමෙයි .

:       4       21

ranjith Thursday, 23 January 2025 06:35 AM

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ මේ වගේ හොරු ඔක්කොම අල්ලලා දඩුවම් දෙන්න.

:       3       19

කයිබ Thursday, 23 January 2025 07:45 AM

දැම්ම කියලා හුරේ දාන්න හදිසි වෙන්න එපා කයිබයි වරුනි.ඇප දුන්නට පස්සෙ දුක හිතෙයි.

:       1       4

සෙනෙවිරත්න Thursday, 23 January 2025 07:56 AM

හාල්මැස්සො කියල වැළලෙන්න එපා, මේත් මහජන මුදල්, මේව නොවුන කියන්න නම් බැහැ, ඔප්පු කිරීමයි අසීරු, මම හිතන්නෙ කරුණු සේරම ගොනු කරල කරපු දෙයක් වෙන්න ඇති. සියල්ල නිසිපරිදි සිදුවේවි. අපට විශ්වාසයි රජයට අවංක උවමනාවක් තියෙන බව. මේ රජය හැර වෙනත් කිසිම රජයකට මේව සොයන්න උවමනාවක් නැහැ. නැහැ. ඒක ජනතාව දන්නව.

:       5       44

malshan sayuranga Thursday, 23 January 2025 08:10 AM

අනුර කුමාර ප්‍රමුඛ රජය පත් කර ගත්තේ මහින්ද රාජපක්ෂ සහ මැති ඇමති වංචා සොය සොය නඩු පවරන්න. නමුත් රජයේ නිලධාරින්ගේ වංචා දුෂණ බොහොමයක් තිබෙනවා. නිති සකස් කිරිමේදි එම නිති වලින් ගැලවිමේ ක්‍රම ද එම නිලධාරින් දනී. ඒ නිසා මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායමේ නාස්තිය වාගේ ම රාජ්‍ය නිලධාරින්ගේ චංචා දුෂණ සොයා බලා කටයුතු කරන්න.

:       0       32

dambane api Thursday, 23 January 2025 08:59 AM

අපේ මුදල් අවභාවිතා කරන්න අවසර දුන්නේ කවුද මේවා පියවා ගන්න තෙල් මිල වැඩි කරලා ජනතාව පිට පවරන්න ඔබලාට අවසර දුන්නේ කවුද? අපේ රටේ ජනතාවමයි..

:       1       27

ශාන්ත Thursday, 23 January 2025 09:02 AM

හොඳම වැඩෙි පොහොට්ටුව කඩපු විපාක

:       18       13

රම්බොඩ Thursday, 23 January 2025 09:25 AM

මේවත් හරියට ත්‍රිීවීල්වල අමතර උපාංග ගළවන්න යනවා වගේ සරළ දේවල්. කිසිම වැදගත් කමක් වටිනාකමක් නෑ

:       44       7

dud Thursday, 23 January 2025 09:29 AM

මා ඔයේ හොර වැලි, මැටි ජාවාරමේ රැකවලා තමයි මේ. රටට ගමට මෙලෝ වැඩක් නැති එපාම කරපු එකෙක්. ප්‍රේමදාස හදපු පිට්ටනියකට කැත නැතුව නම ගහගත්තා​. මෙයාගෙ කැන්වසින් යන නූගත් සෙට් එකකට රස්සා අරන් දුන්න​.

:       2       27

Sakalabujan Thursday, 23 January 2025 10:14 AM

2010 - 2022 පාර්ලිමේන්තුවේ හිටියේ 90% හොරු.

:       3       21

මැක්ස් Thursday, 23 January 2025 10:26 AM

මාලිමා චුන් සභාව කුල්මත් කිරීමට මේවා සෑහුනත්, ජීවන වියදම, අරාජිකත්වය, පාතාලය හිස එසවීම, පොරොන්දු ඉටු නොකිරීම වැනි දෙයින් හෙම්බත්වීම නිසා මාලිමාවුන්ගේ බොරුව එපා වී ඇති සාමාන්‍ය මිනිස්සුන්ට නම් මේ ගොබ්බ වැඩ සිනාවට කාරනා පමණි.

:       39       10

Abid Thursday, 23 January 2025 11:21 AM

මින්පසු දෙන ඕනෑම ආධාරයක් බැංකු ගිණුම් වලට පමණක් කරන්න අතේ සල්ලි දෙන්න එපා

:       0       3

Saman Thursday, 23 January 2025 12:23 PM

විහිලු සපයන්නේ නැතුව කන්ටේනර් ටික පන්නපු අයව හොයාගන්ඩ

:       3       6

සෙනෙවිරත්න Thursday, 23 January 2025 12:39 PM

මැක්ස් සහ රම්බොඩ යන දෙදෙනා මේ රජය බලයට පත් කිරීමට දායකවූවාදැයි සැකයි. නමුත් ඔවුන් සියල්ලටම වඩා කන බොන දෑ ගැන කෑදරකමින් බලා සිටින බව පෙනේ. බහුතරයකට ඇත්තේ ඊට එහා ගිය උතුම් අරමුණකි. ඒ නම් යහපත් විනයගරුක සමාජයක් තැනීමයි. ඒ සඳහා සොරුන්ට වංචාකරුවන්ට නිසි පාඩම් ඉගැන්විය යුතුය.

:       3       2

Jamal Thursday, 23 January 2025 03:32 PM

සෙනවිරත්න ගවයෙක් වුණාට තප්පුලන්න එපා. තව ගොඩක් අය ඡන්දෙ දීලා සිදුවන දේ ගැන විචාරාත්මකව කරුණු විමසනවා. ඔය ඉඳලා හිටලා හරි බත් ටිකකුත් කන්න.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

උප ජනපති පාපන්දු කුසලානය කඩලා
2025 අප්‍රේල් මස 15 17 0

ඇමෙරිකන් ජාතික පාපන්දු ශූරතාව දිනූ ඔහියෝ ජනපද පාපන්දු කණ්ඩායම ධවල මන්දිරයට ගෙන්වා ඔවුන් ඇගයීමට ලක් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උප ජ


ආයතන 18ක තැපැල් ඡන්දය පරක්කුයි
2025 අප්‍රේල් මස 15 53 0

කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන 18ක තැපැල් ඡන්ද විමසීම ප්‍රමාද වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පිල්ලෙයාන් එක්ක රනිල්ට කතා බෑ
2025 අප්‍රේල් මස 15 162 0

රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවනු ලැබ සිටින නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමති සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ශිවනේසතුරේ චන්ද්‍රකාන්තන්



ප්‍රදේශ කීපයකට සවස තද වැසි
2025 අප්‍රේල් මස 15 242 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආණ්ඩුව තාප බලාගාර මාෆියාවකට අහුවෙලා
2025 අප්‍රේල් මස 15 513 0

අඩු මුදලකට පුනර්ජනනීය බලශක්ති විදුලිය නිෂ්පාදන හැකියාව තිබිය දී රජය තාප, ගල්අගුරු හා ඉන්ධන බලාගාර මාෆියාවකට හසුවී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 120 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 270 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 880 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site