IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


හිටපු අයි.පීගේ ගණිකා නිවාසය වටලයි

( පුෂ්පකුමාර ජයරත්න )

නවාතැන් සඳහා කාමර කුලියට දෙන මුවාවෙන් විශ්‍රාමික පොලිස් පරීක්ෂකවරයෙකු විසින් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා ගණිකා වෘත්තියෙහි නිරතව සිටි තරුණියන් හය දෙනෙකු සමඟ පුද්ගලයන් සිවු දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව කුරුණෑගල මූලස්ථාන පොලීසිය පවසයි.

නවාතැන් පොළක් මුවාවෙන් මෙම ගණිකා නිවාසය කුරුණෑගල නුවර මාර්ගයෙ ගැට්ටුවාන මංසන්ධිය ආසන්නයේ පවත්වාගෙන ගොස් ඇති බව පොලීසිය කියයි.

සැකකාරියන් රැඳී සිටි කාමරයක් පරීක්ෂා කිරීමේදී එහි තිබී අයිස් මත්ද්‍රව්‍ය ස්වල්පයක් සමඟ ගංජා ස්වල්පයක්ද සොයා ගැනීමට හැකිවූ බවද පොලීසිය පවසයි.

ගණිකා වෘත්තියේ නිරතවූ තරුණියන් මෙම මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නට ඇති බවට පොලීසිය සැක කරයි. 

විශ්‍රාමික පොලිස් නිලධාරියෙකු විසින් පවත්වාගෙන යාම හේතුවෙන් මෙම ස්ථානය කිසිවෙකුගේ සැකයට බඳුන්වී නැතත් කුරුණෑගල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කොබ්බෑවල මහතාට ලද තොරතුරකට අනුව මෙම ස්ථානය වටලා ඇත.

ගණිකා වෘත්තීයේ නිරතව සිටි තරුණියන් මෙම ස්ථානයේ සිට ඇත්තේ නවාතැන් පොලෙහි සේවය කරන පිරිසක් ලෙස වන අතර උපාය දූතයෙකු යොදවා මෙම ස්ථානය වැටලීමට පොලීසිය පියවර ගෙන ඇත.

අත්අඩංගුවට ගත් තරුණියන් වයස අවුරුදු 19 ත් 29 ත් අතර වයසෙහි පසුවන මොනරාගල , අනුරාධපුර , කොළඹ , බත්තරමුල්ල පදිංචිකරුවන් බවද කියයි. රුපියල් හය දහසක මුදලක් ගෙවා මොවුන්ගේ පහස ලබාගත හැකිව තිබූ බවද පොලීසිය පවසයි. 

අත්අඩංගුවට ගෙන සිටින විශ්‍රාමික පොලිස් නිලධාරියා වැල්ලව පදිංචිකරුවෙකි. ඔහු සමඟ එම ස්ථානයේ රැඳී සිටි තරුණයන් තිදෙනෙකුද සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

 



අදහස් (7)

හිටපු අයි.පීගේ ගණිකා නිවාසය වටලයි

Nilmini Thursday, 04 May 2023 04:05 PM

කිදෙනෙක්ට රස්සා අහිමි කරලා ද මේ අමාරු කාලේ . මේවා අල්ලන එක මෝඩ වැඩ

:       13       43

Piyal weerasinghe Thursday, 04 May 2023 06:41 PM

මෙච්චර කරදරයක් වෙන්න ඕනේ නැහැනේ ගණිකා වෘත්තිය නීතිගත කළා නම්. මේ රටේ නීතියට පිටින් මොනතරම් දෙවල් සිදුවෙනවාද?

:       0       0

CHAMINDA VARESE Thursday, 04 May 2023 06:54 PM

නිල්මිණීට ඔයතරම් දුකනම් මේවා නීතිගත කරන්න ඉදිරිපත් වෙන්න..

:       0       0

PJ Friday, 05 May 2023 04:26 AM

පොලිසිය කියන්නෙ පොලිසියේ අයටමත් කෙළින්න අවස්ථාවක් බල බලා ඉන්න ආයතනයක්. උදාහරණ එමටයි.විශ්‍රාම ගියත් පස්සෙන් එනව. දැන් ඒ ගැහැනුන් ගෙ අසරණ පවුල් වලට කන්න අඳින්න දෙන්නෙ පොලිසියෙන් ද ?

:       1       2

W.a.s. peiries Friday, 05 May 2023 07:15 AM

රස්සාවක් නැත්තනම් වෙන මොනවා කරන්නද?

:       1       1

A.M sanjeewa lakmal aththanayaka Saturday, 06 May 2023 12:32 AM

මොනර‍ාගල එක්කෙනාගේ නම්බර් එක දෙන්නකෝ... මම එයාව බාරගන්නම්... 27ට අඩුනම්, මම ඩිවෝස් කෙනෙක්...!

:       0       0

කග කරැනාතිලක Sunday, 07 May 2023 06:13 AM

පුත්තලම දිස්ත්‍රික්කය තුළද එහෙම තැන් තිබෙනවා...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

සැබෑ මිනිස්සුයි - රොබෝ මිනිස්සුයි මැරතන් දුවයි
2025 අප්‍රේල් මස 20 96 0

මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.



පාසල් අතර විශමතාවය අවසන් කිරීමේ අරඹනවා
2025 අප්‍රේල් මස 20 90 0

ලබන වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය


දළදා වඳින්න එන අයට පහසුකම් වැඩි කරයි
2025 අප්‍රේල් මස 20 190 0

මහනුවර ⁣ නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන සහ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉ


කැබ් රථයක් පෙරැළී අටක් රෝහලට
2025 අප්‍රේල් මස 20 98 0

රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද දින අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් 08 දෙනකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල


කැබ් රිය පෙරැළි 8ක් රෝහලේ
2025 අප්‍රේල් මස 20 215 0

රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද (20) දින අනතුරට ලක් වීමෙන් එම කැබ් රථයේ ගමන් ගත් 08 දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 320 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 252 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 408 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site