(යොහාන් භාසුර)
හිටපු ආණ්ඩුකාරවරයෙක් සහ හිටපු ජනාධිපති ජ්‍යෙෂ්ඨ ලේකම්වරයකු වන කීර්ති තෙන්නකෝන් මහතා බදුල්ල දිස්ත්‍රික්කයට අයත් හල්දමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බෝගහපැලැස්ස රක්‍ෂිත වනාන්තරයේ ඉඩම් අක්කර 18 ක් අත්පත් කරගනෙ ඇතැයි අමාත්‍ය සමන්ත ව්‍යාරත්න මහතා පවසයි.
එම අත්පත්කර ගැනීමට තෙන්නකෝන් මහතා වෙනත් නමක් සහ ව්‍යාජ ජාතික හැදුනුම්පත් අංකයක් පාවිච්චි කර ඇති බවත් වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා අද (9) පැවසීය.
හල්දමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, මහලන්ද වසමේ අන්නාසිගල ගොවි ව්‍යාපාරයේ වගා බීමකට සහ උණාකන්ද යන ගමට විදුලිය දීමේ ව්‍යාපෘතියකට ජාතික ජනබලවේගයේ ඇමතිවරයෙක් බාධා කරන බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් එම අමාත්‍යංශයේදී පැවැත්වූ විශේෂ මාධධ්‍ය හමුවේදී අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා එසේ පැවසීය.
කීර්ති තෙන්නකෝන් මහතා එම ඉඩම අත්පත්කරගැනීමට කේ. ටී රංජිත් යැයි නමක් සහ ව්‍යාජ හැදුනුම්පත් අංකයක් යොදාගනෙ ඇති බවත් ඉඩම් ගැනීමට යොමු කළ හැදුනුම්පත් අංකයේ ඉලක්කම් 13 ක් ඇතුළත් බවත් අමාත්‍යවරයා කීය.
මෙම සිද්ධිය පිළිබඳව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි කරන බව ද අමාත්‍යවරයා පැවසීය.
කීර්ති තෙන්නකෝන් මහතා සමඟ ඉඩම් අත්පත්කරගත් පුද්ගලයන් අතර වෘත්තිකයන් සහ ව්‍යාපාරිකතයන් සිටින බවත් තෙන්නකෝන් මහතා පමණක් මඩින් අක්කර 5 ක් සහ ගොඩින් අක්කර 13 ක් සමඟ අක්කර 18 ක් භුක්කි විදින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතකිවරයා ලෙස පත්වීමෙන් පසුව ‘ගම සමඟ පිළිසඳර’ වැඩසහනේදී කටවචනය චක්‍රලේඛණ යැයි පැවසීමෙන් ප්‍රයෝජනය ගනිමින් ජාවාරම්කාර පිරිසක් සහ සමහරක් ගම්මු ඔවුන්ගේ පාරම්පරික ඉඩම් රක්‍ෂිතයට ඇතුළත්ව ඇති නිසා ඒවා නිදහස් කරන ලෙස කළ ඉල්ලීම් කළ බවත් එම කටවචනය ප්‍රයෝජනයට ගනිමින් ජාවාරම්කාර කණ්ඩායමක් නිලධාරීන්ට උපදෙස්දී ඉඩම් අක්කර 5,482 ක් කොල්ලකාරි ලෙස බුක්තිය අරගෙනතියෙනවා.
කෝටි 12 ක් වියදම් කරන විදුලි ව්‍යාපෘතියෙන් දැඩි පරිසර හානියක් සහ ජාවාරමක් ක්‍රියාත්මක වන බවට පැමිණිළි ලැබුණු බවත් ඒ හේතුවෙන් එම ව්‍යාපෘතිය පිළිබඳව පරීක්‍ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටි බවත් විද්‍යාරත්න මහතා කීය.
ජාවාරම්කාරයන්ගේ නොව ගම්මුන්ගේ පාරම්පාරික ඉඩම් නිදහස් කිරීමට සහ විදුලිදීමට කිසිඳු විරෝධයක් නොමැති බවත් කෝටි 12 ක් වැය කර විදුලි ජාවාරම්කරුවන්ගේ ගොවිබිම් දක්වා ගෙනගොස් ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
කීර්ති තෙන්නකෝන් මහතාගෙන් මෙම චෝදනාව පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ ඉඩමක් අත්පත්කර ගත්තේ යැයි කරන චෝදනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් එම ඉඩම ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරන කාලයේ ගත් එකක් නොවන බවත්ය.
එම ප්‍රදේශයේ වඩාත් දුෂ්කරව ජීවත් වන පවුල් 240 ක් පමණ පදිංචිව සිටින බවත් තමන්ට එම ගම්මානය සමඟ වසර 20 කටට අධික සම්බන්ධයක් ඇති බවත් තෙන්නකෝන් මහතා කීය. එම ගම්මානවල ජනතාව උමාඔය ව්‍යාපෘතියට පක්‍ෂව සිටි පිරිසක් වීම නිසා සමන්ත විද්‍යාරත්න මහතාට එම ජනතාව සමඟ ගැටලුවක් ඇති බවත් ඒ හේතුවෙන් එම ගම්මානවලට විදුලි සැපයුම දීම වැලැක්වීමට කටයුතු කරමින් සිටින බවත් තෙන්නකෝන් මහතා පැවසීය.
අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා කළ චෝදනා පිලිබඳව මේ මොහොත වන විට හොදින් දැනුවත් නොමැති බව කී තෙන්නකෝන් මහතා එම චෝදනාවට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද වැඩි දුරටත් සඳහන් කළේය.
ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිට ගොඩනැගිල්ලෙ පිහිටි විදුලි සෝපානයක් කඩා වැටීමෙන් එහි සුපිරි සාප්පු සංකීර්ණයක සේවය කළ තරුණයකු ඊයේ ( 29) බරපතල තුවාල ලබා ගාල
ලෝක කම්කරු දිනයනිමිත්තෙන් හෙට (1) විශේෂ පොලිස් ආරක්ෂාවක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසයි.
තැපැල් මගින් නිල ජන්ද දැන්වීම් පත්‍රිකාවක් මෙතෙක් නොලැබුණු ජන්දදායකයින්ට අද (30) සිට තමන්ට ලිපි බෙදීම සිදුකරන තැපැල් කාර්යාලයෙන් හෝ උප තැපැල් කාර්යාලය
දිවයිනේ බොහෝප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
රුපියල් 6000/= ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගත් බව බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් ස
පස්සර නගරයේ ජල පිරිපහදුව සදහා භාවිතා කළ ක්ලෝරීන් සිලින්ඩරයක හදිසියේ ඇතිවූ කාන්දුවකින් සිව්දෙනකු රෝගී වූ බවත් එම රෝහලේ නේවාසික රෝගින් සියලුම දෙනා රෝ
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හිටපු ආණ්ඩුකාරවරයකු අක්කර 18 ක් අල්ලාගෙනලු:චෝදනා බොරුලු
බත්කන හරකා Friday, 10 January 2025 12:59 AM
මහජන ධනය නාස්ති කරමින් ඕවා හොයන්න ඕන නෑ, වැරදිකරුවන්ට දඬුවම් දෙන්න ඕනත් නෑ, වැරදි වලට විසඳුම් දෙන්න, නිසි ක්‍රමවේද හදන්න ඕනත් නෑ. අපිට හාල්, පොල්, බිත්තර ටික හඳෙන් හරි ගෙනත්, අඩුවට දියල්ලා. රටට කොපමණ කෙලවුනත්, අපිට ඒ ඇති.
kumara Friday, 10 January 2025 03:34 AM
කීර්ති තෙන්නකෝන් ගැන කියන්න ගියොත් හිතේ තියෙන වෛරය එළියට එනවා. එවන් මිනිස්සු යළි ලංකාවට නොඉපදේවා. විශ්වවිද්‍යාල පද්ධතියෙන් බිහි වෙන (අනධ්‍යන) ලොකු උගත්කමක් නැති මිනිහෙක්, පසුකාලීනව දේශපාලනය හරහා නරුමයෙකු වෙලා බලය ඉතා උගත් බුද්ධිමත් මිනිසුන් මර්ධනය කරන්න අත්තනෝමතික විදියට අවභාවිතා කරන අසංවේදී නරුමයන් ලංකාවේ යලි නොඉපදේවා.
sam Friday, 10 January 2025 06:12 AM
පට්ටම හොරු
Chaminda Friday, 10 January 2025 06:13 AM
කට බොරු කිව්වත් දිව බොරු කියන්නෙ නැහැලු .ආණ්ඩුකාරවරයා වුනේ මෑතකදී වුනත් රාජපක්ෂලා 1994 සිටම බලයේ හිටියනේ .එහෙම බැලුවම විද්‍යාරත්න කියූදේ සහතිකම ඇත්ත කියල පැහැදිලියිනේ
විපරමා Friday, 10 January 2025 06:31 AM
බොරුනම් වෙන්න බැහැ.මෙයා පසුගිය පාලන කාලයේ හිටපු පට්ට දූෂිතයෙක්.තව පෝඩිඩෙන් දකුනෙන් එන්නෙ ගෑනුන්ගෙන් ගුටිකාල.ඇත්තටම මෙයට වඩා හොදයි අපේ ගමේ ග්‍රාමසේවක මහත්තය ආණ්ඩුකාර තනතුරට.
Senarath Friday, 10 January 2025 08:44 AM
ඕවා අපිට කියලා වැඩක් නෑ දැන්. බලෙන් අල්ලගෙන ඉන්නවා නම් නීතිය ක්‍රියාත්මක කරලා නැවත පවරා ගන්න. ඒකටනේ ජනතාව බලය දුන්නේ.
Janaka Friday, 10 January 2025 10:02 AM
ඔය අහුවෙන්නෙ හොරු
prasad Friday, 10 January 2025 10:15 AM
ඔය අහුවෙන්නෙ හොරු
අරවින්ද මොනරවිල Friday, 10 January 2025 01:04 PM
දේශපාලකයෙක්ට වැඩිය දූෂිත ගඳ ගහන චරිතයක්, තව ටික කාලයක් රඟන්න නීතිය එයි පසුපස ලුහු බැඳ...