(රෝෂන් තුෂාර)
හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇතත් මේ වෙන තෙක් ප්‍රකාශයක් ලබාදී නොමැති බව රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඉදිරියේ කරුණු දක්වමින් අද (20) පැවසීය.
වීසා ගැටලුවක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළඳාම් හා ජාවාරම් කිරීමේ ඒකකය මගින් විමර්ශනයක් ආරම්භ කළ බවත්, එම විමර්ශනයේ ලේඛන කීපයක් සම්බන්ධයෙන් ස්ථාවරය දැන ගැනීම සඳහා ප්‍රකාශයක් ලබාදීමට නානායක්කාර මහතා දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බවත්,ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස් කේ සේනාරත්න මහතා වැඩිදුරටත් කරුණු දක්වමින් පැවසීය.
සිදු කරන විමර්ශන සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර ඇති බව සඳහන් කළ ස්ථානාධිපතිවරයා, නානායක්කාර මහතා එම සිද්ධියට අදාළව මෙතෙක් සැකකරුවකු ලෙස නම් කට නොමැති බවත් දන්වා සිටියේය.
අත් අඩංගුවට පත්වුවහොත් පූර්ව ඇපයක් ලබා ගැනීම සඳහා නානායක්කාර මහතා විසින් ඉදිරිපත් කර ඇති අප අයදුම්පත කැඳවූ අවස්ථාවේදී රහස් පොලිසිය මෙම කරුණු ඉදිරිපත් කළේය.
ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකා ජනාධිපති ලෙස දෙවැනි වරට එම ධුරයට පත් වී පළමු දින 100 සම්පූර්ණ කර ඇත. පළමු දින 100 සම්පූර්ණ වීම නිමිත්තෙන්, මිචිගන් ජනපදයේ ජන රැළියක
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ඡන්ද දායකයන් තමන්ට ලිපි ලැබෙන තැපැල් කාර්යාලවලට පැමිණ අනන්‍යතාව තහවුරු කිරීමෙන් ඒවා ලබා ගත හැකි බව තැපැල් දෙපාර
ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපතිනියගේ නිල නිවසේ සේප්පුවක තිබූ රුපියල් හතළිස් පන් ලක්ෂයක් පමණ වටිනා මැණික් ගල් ඇල්ලූ රන් මුදු සහ රන්මාල, පෙන්ඩන්ට්
නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ලබන මැයි 5 සහ 6 යන දෙදින සාමාන්‍ය රාජකාරී සඳහා වසා තැබීමට තීරණය කර ඇත.
වෙසක් උත්සවය වෙනුවෙන් පැවැත්වීමට නියමිත දන්සැල් සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පොදු උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හිටපු ඇමති මනූෂ ප්‍රකාශයක් දී නැහැ-සී.අයි.ඩිය කියයි