(සුජිත් හේවාජුලිගේ )
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කළේය.
අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් දස දෙනෙකු නිවාස බාරදීම සඳහා කරුණු විමසීම් කර ඇති බවද එම ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන්(හිටපු) සඳහා නිකුත් කර තිබූ රජයේ බංගලා සංඛ්‍යාව පනහකි.
සියලුම රජයේ බංගලා බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශය සියලුම හිටපු අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට පසුගියදා දැනුම් දුන්නේය.
නිල නිවාස බාර නොදෙන හිටපු අමාත්‍යවරුන්ට ඉදිරියේදී නඩු පවරන බව අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පැවසීය.
ශ්රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13 ක පමණ මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන්
එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බද්දට යම් සහනයක් ලබා ගැනීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු කණ්ඩාය
මෙම වසරේ ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක්කළ ලෝක උරුම ලේඛන අතර මෙරට 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන හතරක් තිබෙන බව යුනෙස්කෝ සංවිධානය පසුගියදා ප්‍රකාශ
මීට වසර 15 කට පමණ පෙර විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 7.91 ක හිඟ මුදලක් රජය ගෙවීමට තිබෙන බවට චයිනා හා
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
ravin Wednesday, 02 October 2024 08:18 AM
තැන තැන පැන පැන හිටපු ගෙම්බෝ ටික වෙන්න ඇති නේද .උත්සාහ කරනවා වෙන්න ඇති පනින්න
maalaka Wednesday, 02 October 2024 09:02 AM
නම් ප්‍රසිද්ධ කරන්න
Lakmal - Katunayaka Wednesday, 02 October 2024 09:17 AM
නව රජයෙන් අපි ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන දේ තමා රටේ නීතිය ක්‍රියාත්මක කිරීම . එය එලෙසම විය යුතුයි
තාරක Wednesday, 02 October 2024 09:32 AM
නඩු දාලා ඒ අයගේ නම් ප්‍රසිද්ධ කරන්න.
රම්බොඩ Wednesday, 02 October 2024 09:32 AM
මේවා ඉතින් කල්ප කාලයක් ඉඳන් කරගෙන එන තක්කඩි වැඩ.එයාලා මෙයාලා රැක රැකනෙ හිට්යෙ. මේ පාර තමයි වෙනස් පාලනයක් ආවෙ
WCA Wednesday, 02 October 2024 10:21 AM
මෙන්න මුන්ට බැලස්ටික් මිසයිල ටිකක් ගහන්න එකෙක් නැද්ද
samantha Wednesday, 02 October 2024 11:08 AM
මාස 3ක් ඉන්න පුළුවන්ලු නේද ?
Dus Wednesday, 02 October 2024 12:03 PM
මහින්ද අමරවීර කොළඹ 07- මහගම සේකර මාවතේ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයට අයිති ගෙදරක බලෙන් රිංගාගෙන හිටියේ යවාගන්න විදියක් නැතුව. ඉස්කෝලේ auditorium එක හදන්න plan කරලා තියන ඉඩම. වැඩ පටන් ගන්න විදියක් නෑ. මෙයා යන්නේ නෑ. රටේ දරුවන්ට ලැබිය යුතු දේවල් කිනිතුල්ලෝ උරා බොනවා...!
hemantha Wednesday, 02 October 2024 01:42 PM
වහාම විදුලිය විසන්ධි කරන්න... එවිට ඕකුන් ඉබේම යනවා. ඔය එළවන්න බැරි හැති කරේ ඉන්නේ...
HamanthiWednesday, 02 October 2024 05:20 PM
අනේ හේමන්ත නුඹේ ගෙදරට විදුලි බිල් හරියාකාරව ගෙවා තියෙනවා නම් විදුලිබල මණ්ඩලයේ අයට විදුලිය විසන්ධි කරන්න ක්‍රමයක් නැහැ වගේ තමයි ඔය කියන කට්ටිය සිටින නිවාස වල විදුලි බිල් ඇත්තෙ අදාල ඇමතිවරයා හෝ මංත්‍රී වරුන්ගේ නමට වෙන්න ඇති ජල බිලත් එහෙම නම් ඡන්ද හිමි නාමලේඛන තියෙන්නෙ ඒ ඒ අයගේ නමට නම් පහසුවෙන් යවන්න පුළුවන් වෙයිද?
ගමේ එකාලා Wednesday, 02 October 2024 01:54 PM
දූෂිත දේශපාලුවන් මොනතරම් වරප්‍රසාද, වරදාන, භුක්ති විඳගෙන හිටපු අයද? ජනතාවගේ ඡන්දෙන් බලයට ඇවිත්, ඔවුන් සැපසේ ජීවත් වෙනවා. ඔවුන්ව බලයට පත් කරපු ජනතාව නොවිඳිනා දුක් විඳිනවා. මෙවර මහ මැතිවරණයෙන් ඔය දූෂිත දේශපාලුවන් හැම කෙනෙක්ම අතුගා දැමිය යුතුමයි...!
Ravi Kodikara Wednesday, 02 October 2024 02:52 PM
මොවුන්ට හෙන හත ගහන්න ඕනෑ...
SusaWednesday, 02 October 2024 05:01 PM
ලාල් කාන්ත ඉන්නෙත් ඔයින් එකක. දැන් අවුරුදු ගානක් තිස්සේ පාර්ලිමේන්තුවේ නෑ. මිනිහටත් ගල් ගහනවද. වැඩේ කියන්නේ මාලිමාවේ කවුරුවත් ඒ ගැන කතා කරන්න බයයි වගේ.
Duminda pradeep Wednesday, 02 October 2024 03:31 PM
ගල් ගහලා එලවන්න ඕනේ...!
jani Wednesday, 02 October 2024 03:35 PM
අර කිව්වත් වගේ current කපන්න...!
හොද හොද සෙල්ලම් Wednesday, 02 October 2024 05:13 PM
උන්දැලා නොයන්නෙ මොනවා හරි හේතුවක් නිසා වෙන්න ඇති. නැත්නම් වගකිවයුතු තනතුරු දරා කටයුතු කල අය වරදක් නොකරාවි .මොකක් හරි පූර්වාදර්ශයක් ඇති කියලා හිතෙනවා .හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙටලුනේ
Willows Drive Wednesday, 02 October 2024 08:07 PM
ජලය විදුලිය විසන්ධි කරන්න, නිකංම ගෙම්බො ටික එලියට පනී
babinona Wednesday, 02 October 2024 08:45 PM
ලාල්කාන්ත තාම ඉන්නවද?
Anjana Wednesday, 02 October 2024 09:09 PM
අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක, ජනාධිපති කාර්ය්‍යාලය, කොළඔ 01. ගරු ජනාධිපතිතුමනි, සිවිල් ගුවන් සේවා අධිකාරියේ මුල්‍ය වංචා සහ අක්‍රමිකතා පිළිබදව දැනුමි දිම. මෙම දැනුමිදිම ඔබතුමා වෙත යොමුකරනු ලබන්නෙ ශ්‍රි ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ මැතක සිට සිදු වෙමින් පවතින සහ පවත්වාගෙන යන අයතා මුල්‍ය කළමණාකරනය හෙවත් මුල්‍ය දුෂණයන් කෙරෙහි ඔබතුමාගේ අවධානය යොමුකරනු පිණිසයි. සිවිල් ගුවන් සේවා අධිකාරිය අරම්භ කරන ලද්දේ 2002 වසරේ අංක 34/2002 දරණ පනත මගින් බව පැහැදිලි කරුණකි. එකී පනතේ ප්‍රතිපාදන අනුව එහි ප්‍රමිතිය ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ (ICAO) ප්‍රමිතීන්ට පවත්වාගෙන යායුතු අතර එහි අධ්‍යක්ෂක ජනරාල් සහා සේවකයින් රාජ්‍ය සේවකයන් ලෙස සලකන බවද පැහැදිලි කරුණකි. දැනට සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් වශයෙන් රාජකාරි කරනුයේ ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික AVM සාගර කොටකදෙනිය මහතාය. එතුමා ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාම වැටුපක් ලබාගන්නා අයකු වන අතර සිවිල් ගුවන් සේවා අධිකාරියේද මාසික වැටුප් සහ සියලු දීමනා ලබාගනි.
Sydney Marcus Silva Wednesday, 02 October 2024 10:39 PM
ඔබේ බලතල භාවිතා කර විදුලිය, ජලය, සහ මලාපවහන සම්බන්ධතා විසන්ධි කරන්න. ඔබට හැන්ද ඇත. ඉවත් කිරීමට පසුබට වන්නේ ඇයි?
Sydney Marcus Silva Wednesday, 02 October 2024 10:45 PM
මැති ඇමතිවරුන්ට සහ ඉහළ රජයට එවැනි ප්‍රතිලාභ කිසිවක් ලබා නොදෙන්න. නිලධාරීන්ට . අපට සහ බටහිර රටවල මෙම සම්ප්‍රදාය නැත. මෙය දුප්පත් බදු ගෙවන්නන් පීඩාවට පත්කිරීමේ තුන්වන ලෝකයේ දේශපාලනඥයන්ගේ ක්‍රීඩාවකි. මෙම දරාගත නොහැකි සුඛෝපභෝගී අනවශ්‍ය වරප්‍රසාදවලට එරෙහිව ජනතාව නැගී සිටිය යුතුය.
ජනරළ Wednesday, 02 October 2024 11:28 PM
ලයිට් විතරක් නෙමෙයි වතුරත් කපන්න වෙනවා. ඒ දවස් වල අපේ ලයිට් වතුර බිල් 400% කින් වැඩි කරනකොට මේ රංචුවම පැනලා අත ඉස්සුවා. දැන් ඉන්නවා නිකම් පිනට ලැබිච්ච දේවල් වගේ දිගටම ලගින්න.