IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


හිටපු ඇමැති රෝනී රුහුණු සරසවියට

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය රොනී ද මැල් මහතාගේ දේහය අද සවස රුහුණ විශ්ව විද්‍යාලයට  රිය පෙරහැරකින් රැගෙන ආවේය.

කොලඹ පිහිටි නිවසේ සිට රැගෙන ආ ඒ මහතාගේ දේහය රුහුණ විශ්ව විද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන, නියෝජ්‍ය උප කුලපති මහාචාර්ය සමන් චන්දන හා විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර යන මහත්වරු ඇතුළු සරසවි මහාචාර්ය ආචාර්ය කඨිකාචාර්යවරුන් ඇතුළු පිරිසක් විසින් භාර ගෙන කර මතින් ගෘහස්ථ ක්‍රිඩාගාරය වෙත රැගෙන ගොස් තැන්පත් කලේය.

පසුව එම පිරිස ඇතුළු සරසවි අධ්‍යන අනධ්‍යයන කාර්ය මණ්ඩලය ද සිසු සිසුවියන් ද දේශපාලඥයන් ඇතුළු මහජනතාව රොනී ද මැල් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීය.

රුහුණ විශ්ව විද්‍යාලය ආරම්භ කිරිමට පුරෝගාමී මෙහෙවරක නිරත වු රොනීද මැල් මහතාගේ දේහය හෙට  සවස 3.00 තෙක් මහජන ගෞරවය සදහා එම පරිශ්‍රයේ තැන්පත් කර තැබෙන අතර සවස 4.00 ට ආදාහන කටයුතු සරසවි ක්‍රිඩාංගනයේ දී සිදු කිරීමට නියමිතව ඇත.

ඒ ඔහුගේ අවසන් කැමති පත්‍රයේ සදහන් අයුරිනි.

අවමංගල්‍ය උත්සවය සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ප්‍රභූ වරුන් පිරීසක් සහභාගිවීමට නියමිතය.



අදහස් (1)

හිටපු ඇමැති රෝනී රුහුණු සරසවියට

Bamunuarachchi Thursday, 29 February 2024 11:43 PM

රටේ දේශපාලනයේ වැදගත් සේවයක්‌ කළ පුද්ගලයින් මිය ගියාම පක්ෂ බේදයකින් තොරව ගෞරවය කිරීම මනුෂ්‍යකම පිළිබිඹු කිරීමක්. ජෙප්පන්ට ඒ මනුෂ්‍යකම ගෑවිලාවත් නැත. එහෙම තිබුණා නම් ඔවුන් විසින් මරාදමු මිනිසාගේ මිනිය දණහිසෙන් උඩට උස්සන්න එපා කියන්නේ නැත.

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 1441 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 600 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 424 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 684 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 440 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 1236 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38676 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 280 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 956 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site