(ෂේන් සෙනෙවිරත්න)
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති භූ ගර්භ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාටත් ඔහුගේ පුත්‍රයා අතුලු පවුලේ සාමාජිකයන්ට නිවසටත් පහර දීමට සම්බන්ධ වූ බවට හඳුනාගෙන ඇති සිසුන් දස දෙනකුගේ ශිෂ්‍යභාවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවූ බව එම විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති සහ මාධ්‍ය ප්‍රකාශක ටෙරන්ස් මධුජිත් මහතා පැවසීය.
මහාචාර්ය අතුල සේනාරත්න මහතාගේ නිල නිවසේ සවිකොට තිබූ ආවේක්ෂණ කැමරා දර්ශන සහ ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ දී එම ස්ථානයේ සිටි නිලධාරීන්ගේ තොරතුරු මත එම සිසුන් දස දෙනා හඳුනාගෙන වහාම ක්‍රියාත්මක වන පරිදි එම සිසුන් දස දෙනාගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අහෝසි කිරීමට පියවර ගත් බවයි.
සිද්ධියට සම්බන්ධ සිසුන් තවදුරටත් හඳුනා ගනිමින් සිටින බව පැවසූ මහාචාර්යවරයා ඉදිරියේදී තවත් සිසුන් පිරිසකගේ ශිෂ්‍යභාවය අහෝසි විය හැකි බව ද පැවසීය.
එසේ ශිෂ්‍යභාවය අහෝසි කළ සිසුන් ශාස්ත්‍ර පීඨය සහ විද්‍යාපීඨයේ අධ්‍යාපනය හදාරන සිසුන් බව ද මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා පැවසීය.
පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත
ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත
ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හිටපු උපකුලපතිට පහරදුන් සිසුහු 12ක් දොට්ට
විපරමා Monday, 12 December 2022 03:31 PM
හොඳ වැඩේ. මොනවා වුණත් ගහන්න වටින්නේ නැහැ. හරි නම් හිරේ දාන්නයි ඕනේ...!
sisiraMonday, 12 December 2022 06:17 PM
හිටපු කුලපතිට පහරදුන් සරසවි සිසුන් දසදෙනෙක් දොට්ට, සියලු විශ්ව විද්‍යාල තුල සිදුවන දේශපාල හානි, පුද්ගල හානි නැවත ඇති නොවීමට නීති සහ දඬුවම් ලබාදීමට හොඳම අවස්තාවක් පැමිණ තිබෙනවා. විශ්ව විද්‍යාල යනු අන්තවාදී කණඩායම්වල දේශපාලනය වේදිකාවක් නොවේ...
SIRIPALA Monday, 12 December 2022 07:15 PM
මේ වගේ අය තමයි නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන රටේ ඉහල තනතුරුවලට පැමිණ දුෂණ කටයුතුවලට සම්බන්ධ වෙන්නේ...
අබරන් Monday, 12 December 2022 11:19 PM
වැඩක් වෙන්නේ නැහැ. මේ පන්ති තහනම් වූ ශිෂ්‍යයින් ආයෙත් විශ්වවිද්‍යාලය ඇතුළට එනවා. එහෙම බැරි වුණොත් සමස්ථ ශිෂ්‍ය ප්‍රජාවම අට්ටාල ගහගෙන පාරට බහිනවා. මීට වඩා දරුණු වැඩ කරපු ශිෂ්‍යයෝත් මේ වගේම පන්ති තහනම් වෙලා අයෙත් ඇවිල්ලා තියෙනවා. ශිෂ්‍යයින් විතරක් නොවෙයි ඕනෑතරම් අචර්යවරුත් මේ අය වෙනුවෙන් පෙනී හිටිනවා. මේ ගොල්ලන්ගේ සටන් පාඨය "සැවොම එකාට, එකා සැමට". මේක අලුත් දෙයක් නෙවෙයි. මේක විශ්ව විද්‍යාල තුළ තියෙන යල් පැනගිය වාමාංශික ශිෂ්‍ය දේශපාලනයේම සාමාන්‍ය කොටසක්. මේ වගේ ඕනෑතරම් කාලේ කකා ඉන්න පුළුවන් මේ අයට, මොකද විභාග සමත් වෙච්චි අයට ඕනෑතරම් නොමිලේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගන්න සල්ලි වියදම් කරන්න කැමති ජනතාවක් රටේ ඉන්න නිසා!!!
නිහාල් Monday, 12 December 2022 03:43 PM
රට මේ තත්වයට පත් වෙලා තියෙන්න ප්‍රධාන හේතුවක් තමයි කිසිදු අංශයක විනයක් නැති වීම.මේ මිනිස්සු විශ්ව විද්‍යාල වලින් පිට වෙලා රැකියා වලට ගියත් කරන්නෙ තක්කඩි වැඩ. මොවුන්ට අධ්‍යාපනය දෙන්න මහජන මුදල් වැය කල යුතු නෑ. ස්ථිරවම මොවුන් විශ්ව විද්‍යාලයෙන් නෙරපිය යුතුයි .
sunil Monday, 12 December 2022 03:57 PM
ශිෂ්‍යභාවය අහෝසි කිරීම ප්‍රමානවත් නැහැ. රටෙ නීතියට අනුව කටයුතු කරන්න.
කිරිපුතා Monday, 12 December 2022 04:10 PM
මහන්සිවෙලා ඉගෙනගෙන දෙමාපියන්ගේ බලාපොරොත්තු සඵල කරලා උසස්පෙළ සමත්වෙලා විශ්ව විද්‍යාලයට ඇවිත් එක එක අන්තවාදී දේශපාලන මතවලට රැවටිලා, තරුණ මදයෙන් ඔද්දල් වෙලා තමන්ගේම අනාගතය වල දාගන්නවා. මොවුන් ඔතැනදී විනයක් හදාගත්තේ නැත්නම් සමාජයටම කරදරයක්...
jayasekaraTuesday, 13 December 2022 09:51 AM
පහර දුන්නු කට්ටියක් මේ කමෙන්ටුවට ඩිස්ලයික් දාලා තියෙනවා.
sampath Monday, 12 December 2022 05:22 PM
හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් තියලා සාමාන්‍ය නීතිය යටතේ ක්‍රියාත්මක කරන්න ශිෂ්‍ය භාවය අහෝසි කිරීම පදනමක් නැති ක්‍රියාවක්... අනෙක කිසිම විනය පරීක්ෂණයක් පවා නැතිව එහෙම අත්තනෝමතිකව ඔය වැඩේ කරන්නේ පරිපාලනය ගැන අවබෝධයක් නැති නිසයි...
සමන්තාMonday, 12 December 2022 06:24 PM
සම්පත් කියන්නේ මෙයට සම්බන්ධ කෙනෙක් කියලා මේ අදහස පමණක් නොවෙයි බොහෝවිට ඉදිරිපත් කරන අදහස් අනුවත් පේනවා...
Rajangane SaddaMonday, 12 December 2022 06:55 PM
මීට වැඩිය හොඳයි...
යෝගා Monday, 12 December 2022 05:23 PM
දැන් ඒකටත් ඔය කාලකන්නි උද්ඝෝෂණය කරයි. පිනට උගන්වන එකේ සාපය තමයි ඔය.... සුලු හරි රස්සාවක් කරන ගමන් ගෙවලා ඉගෙන ගන්නවා නම් ඔය මගෝඩි වැඩ වලට වෙලාවක් නැති වෙනවා...
Lal Monday, 12 December 2022 05:49 PM
මේක තමයි ජවිපෙ දේශපාලනය... අපිට විශ්ව විද්‍යාල පද්ධතිය පිරිසිදු කළ යුතුය.
සෙනෙවිරත්න Monday, 12 December 2022 08:33 PM
ජවිපෙ කියන්නේ කොහොමද? රටටම ගහපු හෙනේ මෙතැනටත් වැදිලා... පාර්ලිමේන්තුවට මිරිස්කුඩු ගහන අය යවලා මෙතන රණ්ඩු කරන අය ජවිපෙ ගොඩට දාන්නේ කොහොමද? මේ ළමයි ජවිපෙ වෙනවා නම් වසර දෙක තුනයි, සමාජයේ දෙමව්පියන් ළඟ වැඩි කාලයක් හිටියේ, සමහරවිට ඔබගේ අසල්වැසියාගේ ළමයාත් මෙතන ඇති...
සුරංග Tuesday, 13 December 2022 06:34 AM
මෙතන ජවිපෙට වඩා කුරුට්ටො ඉන්නවා කියලා හිතෙනවා උන්දැලා ජවිපෙට වඩා අසික්කිතයි. ජවිපෙ අබමල් රේණුවක තරම් වත් හොදයි කියන්නෙ පුළුවන් වුනත් කුරුට්ටො එහෙම වත් නැහැ කියලා තමයි කියන්න වෙන්නෙ
sweneThursday, 15 December 2022 04:46 AM
පොහොට්ටු කාරයොන්ට රට කරන්න බැරිව සියලු නරක වැඩ ජවිපෙට දමනවා. ඔය ඉන්න පාර්ලිමෙන්තු මන්ත්‍රීලා පාර්ලිමෙන්තුවෙත්, පිටතත් කොතරම් චන්ඩි කම් කලාද?
ගමේ එකාලා Monday, 12 December 2022 05:50 PM
කිසිම විනයක් නැති අය. හිතන්න ඇති මහලොකු හපන්කමක් කෙරුවා කියලා. ලැජ්ජයි. විශ්ව විද්‍යාලයේ ඔවුන්ගේ හැසිරිම ගැන... විද්‍යා දදාති විනයං කියලයි බුදු දහමෙන් උගන්වලා තියෙන්නේ. දොට්ට දාලා විතරක් මදි, නීතියෙන් උපරිම දඬුවම් දිය යුතුයි.
dhamneth Monday, 12 December 2022 05:54 PM
විශ්ව විද්‍යාලවලට ඇතුළුවන සිසුන් බොහෝදෙනෙක් පාසලේදී ශිෂ්‍ය නායක තනතුරු දරා පහළ පන්තිවල සිසුන්ද බලාගනිමින් පාසලේ විනය පවත්වා ගැනීමටත් දායකත්වය දැරූ කොටසක්... නමුත් අවුරුද්ද යනවිට වෙනස්වී නවක සිසුන්ට නවක වදය දෙනවා. පෙළපාලි ගොස් කලබල කර කඳුළු ගෑස් කනවා. මොකද මේ විශ්ව විද්‍යාලය කියන්නේ රටට වැඩදායක ඵලදායක පුද්ගලයෙක් රටට බිහිකරන තැනක් නොවෙයිද? ඉහළට යනවිට නිදහස් අධ්‍යාපනය ඵලදායක නැද්ද? වහාම සොයාබැලිය යුතුයි.
ආරියරත්න Monday, 12 December 2022 05:55 PM
සම්පූර්ණයෙන් ශිෂ්‍යභාවය අහිමි කරන්න ඕනෑ. සම්බන්ධ හැමෝටම දැනෙන දඬුවම් දෙන්න ඕනෑ. දෙමව්පියන්ගේ, ගුරුවරුන්ගේ වටිනාකමක් නොදන්න පරම්පරාවක් මේක...
Rohita Monday, 12 December 2022 05:56 PM
අපරාදෙ, නිකන් කැම්පස් එකේ ඉගෙනගන්න ලැබිච්ච චාන්ස් එකට කෙළවා ගත්තා. දැන් ඉතින් වීරකම් ඉවරයි පුතා. ඔය හිටපු යාළුවොත් නෑ. පලයන්..., දැන් ගිහින් ගමේ කුඹුරක්වත් කොටන්න දෙමව්පියන්ට, රටට බරක් නොවී.
Prase Monday, 12 December 2022 06:30 PM
ජීවිත කාලයේම සිරගත කරන්න. ජනතාවගේ බදුමුදල් වලින් ඉගෙන ගන්න කාලකණ්ණි.
kamal Monday, 12 December 2022 06:43 PM
උපකුලපති ගහනකම් හිටියා ඇස් ඇරෙන්න. නවක වදය නවත්වන්න මුකුත් කරන්නේ නැත්තේ ඒකෙන් උපකුලපතිට ප්‍රශ්නයක් නැති නිසා. ඔය තහනම් කිරීම් තාවකාලිකයි. ඊට පස්සේ හැමෝම පුරුදු තමන්ගේ පුරුදු දේවල් වලට බහිනවා...
Gamaya Monday, 12 December 2022 07:20 PM
මම දකින ආකාරයට රටේ අධ්‍යාපන ක්‍රමයේ විශාල දෝෂ තියෙනවා. උගත් කියන අය තමයි රට මෙතැනට වට්ටන්න දූෂිත, තක්කඩි දේශපාලුවන්ට කියලා දුන්නේ. ශිෂ්‍යයින් ගිරව් වගේ කට පාඩම් කරලා විභාග කරවනවා. මොලේ කිසිම බුද්ධියක් තිබුණා වෙන්න නැහැ. ඉතින් සමාජයට එන්නේ මෙලෝ වැඩක් නැති අය. නිකන් ඉඳන් ගිලින්න බලාගෙන ඉන්නේ. රටට ඵලදායි කිසිම දෙයක් ඔවුන් කරන්නේ නැහැ. හොයන්නේම රජයේ පුටු රත්කරලා අහින්සකයින්ගේ බදුමුදල් වලින් යපෙන්න. ඒ මදිවාට හොරා කනවා හිටු කියලා. නිකන් දෙන එකේ අගේ නැහැ. මොවුන්ට හොඳ නීති දන්න ඕනෑ උණ ගන්න..
Kumara Monday, 12 December 2022 11:09 PM
බැඳුම්කර වංචාව කළ අය ඇල්ලුවා වගේ නීති ගෙනැත් හිරේ දාන්න ඕනෑ.
Sk Monday, 12 December 2022 07:26 PM
කොන්දක් ඇති අයට හොඳ තීරණයක්...
thilakMonday, 12 December 2022 08:48 PM
ඔය කාගේත් කොන්ද තාවකාලිකයි...
Gamini Monday, 12 December 2022 08:30 PM
අවජාතක ළමයි...!
නිහාල් Monday, 12 December 2022 08:56 PM
පාස්කු බෝම්බ ප්‍රහාරය කළ අයට දඬුවම් දුන්නා, බැඳුම්කර වංචාව කළ අයට දඬුවම් දුන්නා, සීනි බදු වංචාව අතටම අල්ලා ගත්තා. ඒ වගේම මේ සිද්ධියටත් ඉක්මණින්ම නීතිය ක්‍රියාත්මක වීම ගැන සතුටු වෙනවා.
චන්දිම Monday, 12 December 2022 10:05 PM
මේ වගේ පාහර වැඩ කරන්නේ පහත් විදියට බැන ගන්නේ, ගහගන්නේ අර දියවන්නාවේ ඉන්න තිරිසන් නූගත්තු ටිකනේ... මතකනේ අර පොලු අරන් ගහපු හැටි. උගත්කම ලබන්න විශ්ව විද්‍යාලෙට ආපු මේ අයත් ඔවුන්ව ආදර්ශයට අරන් වගේ ගහන්න, මරන්න යනවනේ අම්මපා. රටම විනාශයි.
රුවන් Tuesday, 13 December 2022 08:14 AM
අපි හිතුවේ විශ්ව විද්‍යාලවල ඉන්නේ උගත්, බුද්ධිමත්, ගෞරවනීය ළමයි කියලා. දැන් මෙයාලාද මේ රට හදන්න එන්නේ...?
latha Tuesday, 13 December 2022 08:56 AM
ඔය වගේ කාලකන්නින්ට කිසිම සමාවක් දෙන්න නරකයි. අහිංසක මිනිස්සුන්ට ලොකුකම් පෙන්නන එවුන්
prasanna Tuesday, 13 December 2022 09:54 AM
ජේවීපී සහ පෙරටුගාමී පක්ෂ තරහනම් කල යුතුයි.
jayasekara Tuesday, 13 December 2022 09:59 AM
හොදම වැඩේ උන්ට.. අම්මල, තාත්තල දහදුක් විදල උගන්වල අමාරුවෙන් කැම්පස් ගිහින් රටෙ මිනිස්සුන්ගෙ බදු මුදලින් පිනට ඉගෙන ගන්නෙ නැතිව... කැම්පස් එක ඇතුලෙ පාතාල වැඩ කරනවට.... දොට්ට දාල විතරක් මදි.. ඔකුන්ට රටෙ නීතිය ක්‍රියාත්මක කරන්න ඕන... මුන් උපාදි අරගෙන එලියට ගියාම කොහොමට හිටීද?... තක්කඩි....
kapila Tuesday, 13 December 2022 10:43 AM
ගැහුව එක නෙමෙයි ගහපු හේතුව හොයන්න ඕන.
Santhu Tuesday, 13 December 2022 11:19 AM
ශිෂ්‍යභාවය අහෝසි කිරල පමනක් නොවේ අඩු තරමින් වසර 10 කට එහා සිර ගත කලයුතුයි. අහිංසක එවගෙම බහුතරයක් දුප්පත් දෙමාපියන්ගේ බලාපොරොත්තු සුන් කරල, විප්ලවකාරී දේශපාලන කරන්නවුන්ගේ කපටි කමට රැවටෙන දරුවන් බිලි බා ගන්නා සංවිධාන වලටත් දඞුවම් දිය යුතුමයි. දැන් ඔය කාලකන්නි පාරවල් හරස් කරගෙන උද්ඝෝෂණය කරයි. පිනට උගන්වන එකේ සාපය තමයි ඔය.... ඖ, දියුනු රටවල විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය කරන අතර තුර නිවාඩු කාල වලදී, (එරට වාසීන්) අඩු ආදායම් ලාභීන් ම පමනක් නොවේ, විදේශ රට වලින් උසස් අධ්‍යාපනයට ආ පමනක්ම අයම නොවේ, අමතර ආදායම් මාර්ග වල නියැලෙනව. විශ්ව විද්‍යාලවල ඉගෙන ගන්න කාලයේදී දෙන ණය මුදලද රැකියාවක් ලද දින සිට ඒ ණය මුදල අපසු ගෙවි යුතුයි. දියුනු ඒකයි ඒ රට වල්.
kapila Tuesday, 13 December 2022 11:49 AM
මුලිකවම ගහපු හේතුව හොයාගන්න ඔන.. හේතුවට ප්‍රතිකර නොකර පලය නැති කරන්න බෑ..
sriyal Tuesday, 13 December 2022 01:18 PM
විශ්ව විද්‍යාල වල ගුරු ශිෂ්‍ය සම්බන්ධය අඩුවීම නිසාම මෙවැනි ගැටුම් ඇතිවීම නොවැළැක්විය හැකිය. ගුරුවරුන් තම සිසුන් අතර දුරස්ථ භාවය අඩු කොට හොදින් අධ්‍යාපනය ලබාදෙන ලෙස කටයුතු කිරීම මගින් පමණක්ම මෙවැනි දේ වළක්වා ගත හැකිය
Asela Tuesday, 13 December 2022 07:24 PM
මුන් ටික ගෝල්පේස් පිට්ටනිය ගෙනිහිල්ලා ප්‍රසිද්ධියේ දඬුවම් දෙන්න ඕන.
මෝ Tuesday, 13 December 2022 10:42 PM
මුන්ට සහ නවක වදය දෙන උන්ට දැඩි දඩුවම් දිය යුතුයි. ඕකුන් හිතං ඉන්නේ විශ්ව විද්‍යාල කියන්නෙ වෙනම රාජදානි කියලා. ඒවයෙ රටේ නීතිය බලපාන්නෙ නෑ කියලා. ඒ විතරක් නෙවෙයි ඕකුන්ගෙ පිංතූරය සම්පූර්න නම ,ලිපිනය දෙමාපියන්ගේ නම් සහ ඉගෙනගත් පාසල් වල නම් සහ ලිපිනයනුත් ප්‍රසිද්දි යට පත් කල යුතුයි.