(විමුක්ති එස් රුද්‍රිගු)
මූල්‍ය අපරාධ චෝදනාවලට වරදකරු වීම හේතුවෙන් හිටපු කාදිනල්වරයකු මෙන්ම පාප්තුමාගේ හිටපු උපදේශකයකු වූ ඇන්ජෙලෝ බෙචුට වාතිකානු අපරාධ අධිකරණය වසර පහයි මාස 6 සිරදඬුවමක් සහ යුරෝ 8000 ක් දඩයක් නියම කළේය.
ඇන්ජලෝ බෙචු වරක් පාප් ධුරය සඳහාද සුදුස්සෙකු ලෙස සැලකුවේය.
රෝමානු කතෝලික පල්ලියේ හිටපු අගරදගරුවරයකු වතිකානු අපරාධ අධිකරණය විසින් වරදකරු කරනු ලැබූ ප්‍රථම අවස්ථාව මෙය වූ අතර මෙම නඩුව වතිකානු ඉතිහාසයේ දීර්ඝතම නඩු විභාගයද විය.
වතිකානයට අයත් ඇමෙරිකානු ඩොලර් මිලියන 200.5 ක මුදලක් අවභාවිත කරමින් ඉතාලි ව්‍යාපාරිකයකු ළඟ ආයෝජනය කිරීම ඇතුළු මූල්‍ය අපරාධ චෝදනා කීපයක් හිටපු අගරදගුරු ඇන්ජෙලෝට එල්ල වී තිබිණ.
මෙම මූල්‍ය අපරාධ චෝදනා සම්බන්ධ නඩුව 2021 වසරේ ජූලි 27 වැනිදා ආරම්භ වූ අතර එම නඩුවේදී ඇන්ජෙලෝ බෙචු හැර තවත් විත්තිකරුවන් නව දෙනෙකුට මූල්‍ය අපරාධ චෝදනා ගොනු විය.
නඩුවාර 80 කට වඩා වැඩි ප්‍රමාණයකට පසු පෙරේදා(16) ඇන්ජෙලෝ බෙචු ඇතුලු විත්තිකරුවන් වරදකරුවන් කරමින් වතිකානු අපරාධ අධිකරණය තීන්දුව ප්‍රකාශයට පත් කළහ
එහිදී බෙචු මුදල් ආයෝජනය කළ ඉතාලි ව්‍යාපාරිකයාට සහ තවත් ව්‍යාපාරිකයකුට වතිකානයට වංචා කර 2018 වසරේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 381 ක් වටිනා ලන්ඩනයේ සුඛෝපභෝගී දේපළක් ආයෝජන මුදල් භාවිත කරමින් මිලට ගැනීම ඇතුලු මූල්‍ය අපරාධ චෝදනා කිහිපයක් එල්ල වී තිබූ අතර වංචාකර දේපළක් මිලට ගැනීමේ චෝදනාවට වරදකරු වූ ඔවුන්ටද සිර දඬුවම් නියම විය.
කැස්බෑව නගර මධ්‍යයේ සිදුවූ අනතුරකින් පසු ටිපර් රථ රියදුරුට මෙන්ම විමර්ශනයට පැමිණි පොලිස් සැරයන් වරයෙකුට දෙනෝ දහසක් දෙනා ඉදිරියේදී පහරදී පොලිස් ස්
නිවසේ මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී කඳු මුදුනක සිට පෙරළි ආ ගලක් හිසේ වැදි බරපතල තුවාල ලැබූ අවුරුදු 11ක සිසුවකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව
බහුතර බලයක් හදාගෙන සජිත් ප්‍රේමදාස මහතා අගමැති කරවා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් වැඩ කිරීමට සූදානම් බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්
ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා දී තිබු නිලධාරීන් 1145 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්‍ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා ඊයේ (06) සිට පොලි
ඌරන්ට ඇටවූ විදුලි රැහැනක පැටලී බෙලිඅත්ත දෙද්දුවාවෙල දඹේආර ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි විශ්‍රාමික පාසැල් ගුරුවරියක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි බෙලිඅත්ත
පොළොන්නරුව ගිරිතලේ - බකමූණ ප්‍රධාන මාර්ගයේ යාය 19 සෝමියෙල් ප්‍රදේශයේදී අද(07), මාර්ගය හරහා ගමන් කරමින් සිටි වන අලියෙකුගේ වෑන් රථයක් ගැටී සිදු වු අනතුරකින
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හිටපු කාදිනල් වසර පහක් හිරේ
පියන් Sunday, 17 December 2023 09:35 PM
බලපුවාම හැම ආගමකම නරක මිනිස්සු ඉන්නවා.
Bamunuarachchi Sunday, 17 December 2023 10:04 PM
දැක්ක ගමන් මම හිතුවේ ලංකාවේ කියලා. බලනකොට මෙහෙ නොවෙයි
A pohottu supporter Monday, 18 December 2023 04:54 AM
මේ හිටපු කාදිනල්තුමාට මාස 6ක සිරදඬුවමක් නියම වුණේ ඇමෙරිකානු ඩොලර් මිලියන 200;.0 මංකොල්ලකෑමේ වරදට. ඇමරිකානු ඩොලර් බිලියන 50.0ක් කොල්ල කා අහිංසක මිනිසුන් කිහිප දෙනෙකු ඝාතනය කළ හිටපු ජනපති ගැන කවර කතාද?
Bamunuarachchi Monday, 18 December 2023 07:43 PM
පොට්ටු සපෝටර් වතිකානුව මුදල් සම්බන්ධව පැමිණිලි කරලා ඒ සම්බන්ධව විභාග කරලා නඩුදමලා නඩුව 80 වාරයක් අහලා ඔප්පු වුනාම තමයි දඬුවම් දුන්නේ. එහෙම නේද? කෝ අපේ ගොයියෝ බෙහෙත් තෙල් වෙළෙන්දෝ වගේ හන්දිවල කෑගහනවා මිස එකෙක්වත් පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නේ නැහැනේ. ඒ ඇයි? කෝ ජෙප්පෝ ඉදිරියට ඇවිත් මෙපමණ මුදලක් හොරකම් කරලා තිබෙනවා කියලා විභාග කරන්න වුවමනා සියළුම සාධක දීලා නඩු දැම්මා නම් මෙලහකට චුදිතයෝ වැරැදි කාරයෝ කරන්න තිබ්බා. මේ ගොල්ලෝ බෙහෙත් තෙල් වෙළෙන්දෝ වගේ කෑගහනවා. හැබැයි ඔවුන්ගේ කියමන් විස්වාස කරලා තෙල් අරගන්න මිනිස්සුත් අපි දැකලා තිබෙනවා. ජෙප්පන්ගේ අර ෆයිල් මිටි ටික පරණ පත්තර වලට විකුණලා වෙන්න ඇති නේද? ජෙප්පෝ address කරන්නේ පේමන්ට් එකෙන් බෙහෙත් තෙල් ගන්න කෂ්ටියට මිසක් හිතන්න පුළුවන් කෂ්ටියට නොවෙයි.
සල්ලි Monday, 18 December 2023 07:19 AM
ගෞරවනීයයි ඒ නීතිය ...
saman Tuesday, 19 December 2023 08:22 AM
අපේ එක්කෙනත් දැන් බයවෙල ඇති