(සුමිත් පොතුපිටිය)
හිටපු පොලිස් කොස්තාපල්වරයකු අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අද අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර බොලොස්සගම ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි හිටපු පොලිස් කොස්තාපල්වරයකු බවත්, ඔහු අරලියගහ මන්දිරයේ අවසන් වරට රාජකාරී කරමින් සිට දුෂ්චරිත වාර්තා හේතුවෙන් පොලිස් සේවයෙන් ඉවත් කළ අයකු බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කලේය.
සැකකරු අයිස් මත්ද්‍රව්‍ය රැගෙන කුඩා ලොරි රථයකින් යමින් සිටින බවට ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායම කළුතර අල්විස් වත්ත ප්‍රදේශයේදී ලොරි රථය නවතා පරීක්ෂා කිරීමේදී කලිසම් සාක්කුයේ සඟවාගෙන තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් අටකට ආසන්න ප්‍රමාණයක් සහ රුපියල් පනස් දහසක පමණ ජාවාරම් මුදලක් සමග අත්අඩංගුවට ගෙන ජාවාරම සඳහා යොදාගත් කුඩා ලොරි රථයද පොලිස් භාරයට ගෙන තිබේ.
සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය
අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය
ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත
බස්නාහිර පළාත් සභාවේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ත්‍රිරෝද රථ නියාමනය කිරීම සදහා මැදිහත් වනතුරු පෙට්‍රල් නොමිලේ ලබා දුන්න ද ගාස්තු අඩු කිරිමට ය
මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්
වෛද්‍ය ජාත්‍යන්තර තැලසීමියා දිනය මෙම 8 වැනිදාට යෙදී තිබුණා . දැනුවත්භාවය සහ ක්‍රියාවෙන් වළක්වාගත හැකි රෝගයක් වන තැලසීමියාව නම් බරපතළ රෝගී තත්ත්වය ගැන
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හිටපු කොස්තාපල් අයිස් සමග මාට්ටු