IMG-LOGO

2025 අප්‍රේල් මස 26 වන සෙනසුරාදා


හිටපු ජනපති කනගාටුවෙන්

(ඩයනා උදයංගනී)
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් තමා සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ගැන කණගාටු වන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (5) පැවසීය.
හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ නාවල දී  පැවති ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ නියෝජිත මහා සභාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පළාත් සභාවට තනිව තරඟ කරන්නේදැයි මෙහිදී මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දුන් මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ ඒ ගැන සාකච්ඡා කළ යුත්තේ පළාත් සභා මැතිවරණයට අදාළ පනත සම්මතවීමෙන් පසුව බවය.
තවම පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධ පනත පාර්ලිමේන්තුවේ සම්මත විය යුතු බවත්, ඒ ගැන මෙතෙක් පක්‍ෂය සාකච්ඡා කර නොමැති බවත් හිටපු ජනාධිපතිවරයා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ද මේ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දැක්වූ අතර ඔහු පැවසුවේ කාදිනල්තුමන්ගේ ප්‍රකාශ පිටුපස කිසියම් දේශපාලන හස්තයක් තිබේදැයි සැක මතුවන බවයි.
පාස්කු ඉරුදින සිදුවූ කොමිෂන් සභා වාර්තාවේ කිසිම තැනක හිටපු ජනාධිපතිවරයා වරදකරුවකු කර නැතැයි කී දයාසිරි ජයසේකර මහතා එතුමාට එරෙහිව නඩු පැවරීමේ හැකියාවක් ඇත්දැයි සොයාබැලීමට නීතිපති දෙපාර්තමේන්තුවට අවස්ථාවක් දෙන ලෙස පමණක් එහි දක්වා ඇතැයි ද කීවේය.
එය නිවැරදිව තේරුම් නොගැනීම සම්බන්ධයෙන් කණගාටු වන බව කී මහලේකම්වරයා උසාවියකින් වරදකරු වන තුරු කිසිවෙකුත් වරදකරුවකු නොවන බව ද පැවසීය.
බෝම්බ ප්‍රහාරය එල්ල කළේ මෛත්‍රීපාල සිරිසේන මහතා නොවන බවත්, මෙවැනි ප්‍රකාශවලින් සැබෑ වරදකරුවන් යටපත් වන බවත් කී ජයසේකර මහතා පක්‍ෂය ගොඩනගාගෙන යන අවස්ථාවක මෙවැනි පහරදීම් සාමාන්‍ය බව ද සඳහන් කළේය.

 
 



අදහස් (15)

හිටපු ජනපති කනගාටුවෙන්

සමිත සේනක අලුත්ගමගේ. Monday, 05 April 2021 01:27 PM

කාදිනල් හිමිපාණන්ගේ ප්‍රකාශයට කනගාටුයිලු. උන්වහන්සේ පවසා ඇත්තේ මියගිය අයගේ දුක හා දුකට පත්වූ ජීවිත ගැන සානුකම්පිකව සිතාබලා... මෙයාට හා දයාසිරිලාට ඒ දුක පෙන්න හදවත් කියලා දෙයක් තියෙන්නට ඕනෑනේ.ඒ අයට හදවත් නැහැ.දයාසිරිගේ කතාවත්, එයාටම හොඳයි.බෝම්බ ගැහුවේ මෛත්‍රීපාල නෙමෙයි ලු.එතකොට එයාට විධායක ජනාධිපතිකම දීලා සියලු සැප සම්පත් දීලා, පඩි නඩි,සියලු වරප්‍රසාද දීලා තියාගත්තේ මොන කෙහෙල්මලකටද දයාසිරි මන්ත්‍රී තුමෝ.මොනවද මේ බාල බොළඳ කතා.ඔබලාගේ දේශපාලන පිරිහීම මේ කතාවන් වලින්ම පේනවා.

:       1       17

විපරමා Monday, 05 April 2021 02:39 PM

කාලෙකට පස්සෙ පත්තරයක් බැලුවා වෙන්ඩැ. ඔබතුමා ජනපති වෙලා හිටපු කාලේ කියපු,කරපු දේවල් වල දිහා බැලුවම මුලු මහත් ජනතාවටම කණගාටුවක්,කළකිරීමක් ඇති වෙන්ඩ ඇති .

:       1       13

ක්‍රිෂාන් Monday, 05 April 2021 05:05 PM

ආරක්ෂාව යනු සොයා බැලිය යුතු දෙයක් . අදාළ නිලධාරීන් දැනුම් දෙන තෙක්, බලා නොසිටිය යුතු දෙයක්.

:       0       12

kumara Monday, 05 April 2021 08:12 PM

මෙයා කණගාටුවෙන් කිව්වම මගේ බඩ පපුව දාල ගියා. මොන අපරාධයක්ද මේ කාදිනල් තුමා කරලා තියෙන්නේ?

:       0       12

මහේෂ් Tuesday, 06 April 2021 04:02 AM

ඔබතුමා කනගාටුවෙන්න ඕනේ. මොකද ඒ මිනිස්සු මරුනේ ඔබ ආරක්ෂක ප්‍රධානියා වෙලා ඉද්දි. රටේ මිනිස්සුන්ගේ ආරක්ෂාව එහෙම පිටින්ම නැති කරා මෙච්චර දේවල් දැනුම් දීලා තිබියදීත්.

:       2       30

Lanka Tuesday, 06 April 2021 04:27 AM

ඔහු කනගාටු විය යුත්තේ ඔහු ජනාධිපතිවරයකු ලෙස තම වගකීම ඉටු නොකළ නිසාය.

:       2       40

නිරීක්ෂකයාTuesday, 06 April 2021 05:15 AM

ඔහුගේ අතින් අත් වැරදීමක් සිදු වූ බව සත්‍යයි එයට ඔහු පිළිතුරු දිය යුතුය. නමුත් ඇත්තටම මෙවැනි ඝාතන කිරීමට සැලසුම් කලේ කවුද ඒ අය සොයා ගත යුත්තේ.

:       4       22

chathuraTuesday, 06 April 2021 06:56 AM

හැමොම දන්නවා විරුද්ධ පක්ෂ දෙකම අඩු වැඩි ආකාරයෙන් මේ අපරාධය සමඟ කියැවෙන බව. එයින් ගැලවීමට නැති දෙයක් පොළොවේ පැළ කරන්ඩ හදනවා. කොහොම හරි කතාවක් හදන්ඩ ලොකු උත්සහයක් ගන්න බව පේනවා. කලින් ඡන්දේ පැරදුණාම තම පාක්ෂිකයන් රැකගන්න කොම්පිටර් ජිල්මාට් කිව්වා වාගේ..

:       1       9

Nihal Tuesday, 06 April 2021 06:13 AM

අසාර්ථකම නායකයා ලෙස ඉතිහාස ගතවීම නිසා අපිට මෙතුමා ගැන අත්තේ අනුකම්පාවක්.

:       2       16

Indhika Tuesday, 06 April 2021 11:14 AM

ඇත්ත... හැබැයි යන විදිහට දැන් ඉන්න කෙනා ඒ තැනට පත්වෙනවා ශුවර් එකටම...

:       2       9

PereraWednesday, 07 April 2021 03:31 AM

නිහාල්, අසාර්ථිකම නායකයා කාලයකට ඉස්සෙල්ලා මෙයා.... දැන් ......???

:       0       1

anaWednesday, 07 April 2021 10:20 AM

සාර්ථක නායකයො හිටියා නම් රට මෙහෙම වෙයිද?

:       0       0

fairoos Tuesday, 06 April 2021 08:38 AM

අයියෝ සිරිසේන කියලා තමයි කියන්න තියෙන්නේ. දැන් අපි ගෙවන්නෙත් මෙතුමාගේ දෙවැනි ධූර කාලය වගේම තමයි.

:       1       12

අසරණයා Tuesday, 06 April 2021 09:35 AM

සිරිසේන උන්නැහේට කණගාටුයි කියන වචනේ කියන්න නම් ලෙහෙසියි. වේදනාව, දුක දැනෙන්නේ පවුල් වල උදවියට... එය කොතරම් ද කියලා වචනවලින් කියන්න බැරි තරම්. දේශපාලකයන්ට මොනවා කියන්න බැරිද?

:       0       8

ranjith Tuesday, 06 April 2021 11:03 AM

බැරි වැඩ කරන්න ගියාම අපහාස තමයි විඳින්න වෙන්නේ... දැන්වත් ගෙදර ගියා නම් හොඳ නැද්ද? පෙන්ෂන් එකක් තියෙනවා නේද?

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

’හරක් කටා’ ළඟ දුරකථනයක්
2025 අප්‍රේල් මස 26 176 0

තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල අපරාධකරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සන්තකයේ තිබී ජංගම දුරකථනයක් සොයා ගෙන ඇතැයි බන්ධන


කෝටි 80 ක මත්කුඩු කොටිකාවත්තෙන් අල්ලයි
2025 අප්‍රේල් මස 26 356 0

රුපියල් කෝටි 80කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් ‍‍‍‍කොටිකාවත්ත නාගහ මුල්ල ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත් බව මාලඹේ පොලිසිය කියයි


රජයේ බෙහෙත් තොගයක් තේ වත්තකින් හමුවෙයි
2025 අප්‍රේල් මස 26 191 0

රජයේ රෝහල්වල හාවිතා කරනු ලබන බෙහෙත් තොගයක් හැටන් පුටිහිල් තේ වත්තට බැහැර කර ඇති බව වතු පාලන අධිකාරි හැටන් පොලීසිය වෙත දැනුම් දී ඇත.


චීන පටස් හපන්න ගිය දන්ත වෛද්‍යවරිය රෝහලේ
2025 අප්‍රේල් මස 26 1043 0

අවුරුද්දට පුතා ගෙනා චීන පටස් එකක් දත්වලින් හැපීමට ගිය මවක බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව පානදුර පොලිසිය


උතුරට අහිමි වූ හැම දෙයක්ම ආපහු දෙනවා
2025 අප්‍රේල් මස 26 276 0

යුද්ධය නිසා උතුරේ ජනතාවට අහිමි වූ නැවත ලබා දිය හැකි සෑම දෙයක්ම ජනතාවට ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වේ
2025 අප්‍රේල් මස 26 610 0

2024 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව මීට සුළු වේලාවකට පෙර නිකුත් කළේය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 877 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 393 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 547 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site