ආජන්ටිනාවේ හිටපු පාපන්දු ක්‍රීඩක ඩියෙගෝ මැරඩෝනා, මොළයේ රුධිර කැටි ගැසීමක් සඳහා සැත්කමක් කර සති දෙකකට පසුව හෘදයාබාධයක් හේතුවෙන් ඊයේ (25) සිය නිවසේදී ගියේය. මිය යන විට ඔහු 60 වැනි වියේ පසුවිය.
පාපන්දු පිටියේ සිටි ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන ඔහු, මත්ද්‍රව්‍ය සහ මත්පැන් වලට ඇබ්බැහි වීම හේතුවෙන් ක්‍රීඩාවෙන් පිටත ජීවිතයේදීද දැඩි ලෙස කතාබහට ලක්වූ පුද්ගලයකු විය.
වසර 1986 දී පාපන්දු ලෝක කුසලාන දිනා ගැනීම සඳහා ආජන්ටිනා කණ්ඩායම මෙහෙය වූ හෙතෙම, එහි තරගයකදී එංගලන්ත කණ්ඩායම තරගාවලියෙන් ඉවත් කරමින් ‘දෙවියන්ගේ හස්තය’ නමින් ලොව ප්‍රචලිත ගෝලය වාර්තා කළේය.
ඉතාලි ක්‍රීඩා සමාජයක් වන නැපෝලි කණ්ඩායම සමඟ එක්ව ලීග තරගාවලි සඳහා සහභාගි වූ මැරඩෝනා, 1987 සහ 1990 වසරවලදී සෙරී ඒ ලීග ශූරතාවද, 1987 වසරේදී ඉතාලි කුසලානයද, 1991 වසරේදී යූෆා කුසලානයද දිනා ගැනීමට සමත් විය.
කෙසේ වුවත් එම කාල වකවානුව තුළ ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි අතර ඒ හේතුවෙන් ක්‍රීඩා සමාජයෙන් ඉවත් වූ 1991 වසරේදී ඔහුට එරෙහිව මාස 15 ක තරග තහනමක්ද පැනවිණ. වසර 1994 දී ඇමරිකාවේ පැවති ලෝක කුසලාන තරගාවලියකදී ඔහු මත්ද්‍රව්‍ය සම්බන්ධ පරීක්ෂණයකින් අසමත් වූ අතර 1999 සහ 2000 යන වසරවලදී හෘදයාබාධ හේතුවෙන් රෝහල් ගත කරනු ලැබීය.
මොළයේ සැත්කමක් සඳහා රෝහල්ගත කර දින අටක් වැනි කෙටි කාලයක් තුළ මැරඩෝනා, රෝහලෙන් පිටව ගියේය. සැත්කමෙන් අනතුරුව (නොවැම්බර් මස 11 වැනිදා පස්වරු 6 ට පමණ) මැරඩෝනා සිය පෞද්ගලික සායනයෙන් ඉවතට ගෙන ගිය මොහොතේදී රසිකයන් සිය ගණනක් ඔහුගේ ඡායාරූප ගැනීමට උත්සාහ කළහ.
එක්සත් රාජධානියේ වේලාවෙන් බදාදා පස්වරුවේදී ආර්ජන්ටිනාවේ ‘ක්ලැරින්’ පුවත්පත වාර්තා කළ මැරඩෝනාගේ අභාවය පිළිබඳ පුවත ලොව පුරා මහත් බලපෑමක් ඇති කළේය. මැරඩෝනාගේ නීතීඥවරයා මෙම කනගාටුදායක පුවත සනාථ කළ අතර ඒ සමගම ලොව පුරා පාපන්දු ක්‍රීඩා ලෝලීන් ඔහු වෙනුවෙන් ශෝකය පළ කළේය.
036
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හිටපු පාපන්දු ක්‍රීඩක මැරඩෝනා සමුගනී
Karunarathna Gampola Thursday, 26 November 2020 03:57 AM
ලොව බොහෝ දෙනාගේ ආදර, ගෞරව ලබාගත් සොහොයුරාණෙනි, ඔබ ඇදහූ ආගම කුමක්දැයි මම නොදනිමි. මේ ආත්මයේදී දැකපුරුද්ද, පලපුරුද්ද නිසා ඉතාමත් ඉහළින්ම ජනප්‍රිය වුණා. ඒ වගේම මතු භවයේදීත් පෙර පුරුද්දක් ලෙස ඔබට මේ හැකියාවන් ලැබේවා..!!! අවසානයේදී මම අදහන දහම අනුව භව ගමන නිමා වේවා..!!!
RaveendraThursday, 26 November 2020 10:00 AM
ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය. අප පාසැල් යන අවධියේ මොහු ඉතාමත්ම ප්‍රසිද්ධ මෙන්ම ජනප්‍රිය චරිතයකි. මොහු වෙනුවෙන්ම "Don't cry for me Argentinaa" නමැති සුන්දර ලස්සන ගීතය නිර්මාණය විය.. (සමහර විට මා වැරදිවිය හැක). අදටත් මේ ගීතය රසවිඳීමට හැකි තරමටම ලස්සන ගීතයකි.. මොහුට නිවන් සුව අත්වේවා...!!!
sharm warn Thursday, 26 November 2020 04:12 AM
ඔහුගේ ආත්මය සමාදානයේ සැතපේවා. සුබ ගමන් සොහොයුරා.
Jolly kolla Thursday, 26 November 2020 05:02 AM
ඒකට ඉතින් අපිට මොකද? මූසල ආණ්ඩුව අපිට කරලා තියෙන දේවල් හැටියට!!
SUNIL MILANO Thursday, 26 November 2020 07:38 AM
ජොලි කොල්ලා නම් අපත වැඩමයි කරන්නේ.
Dilan Thursday, 26 November 2020 09:28 AM
පාපන්දු ක්‍රිඩාවේදී හිසෙන් පන්දුවට පහර දීම... මෙවැනි පසුකාලීන ආබාධ වලට හේතු විය හැක.
පූජා Thursday, 26 November 2020 10:06 AM
මගේ මතකයේ හැටියට 1986 එංගලන්තය සමඟ ලෝක කුසලාන පාපන්දු තරඟයේදී ඔහු විසින්, සුලු අත් වැරදීමකින් ගසන ලද"හෑන්ඩ් බෝල්" එක ගැන අදත් විචාරකයින් මහත් ඉහළින් කතා කරනවා. අද මෙන් නවීන තාක්ෂණය භාවිතා නොවුණා. එකල ඔහු විසින්ම පිළිඅරන් තිබුණා එය හෑන්ඩ් බෝල් එකක් බව. එයින් ඔවුන්ට ජයග්‍රහණයත් හිමිවුණා. ඔහු අති දක්ෂ පාපන්දු ක්‍රීඩකයෙක්. සුබ ගමන් ඔහුට..!