(ප්‍රසාද් රුක්මල් )
පොදු ජන පෙරමුණේ මහියංගණ ප්‍රාදේශීය සභාවේ හිටපු මංත්‍රීවරයකු ගේ හිසට හෙල්මටයකින් පහරදී බරපතළ තුවාල සිදු කලැයි සැකපිට තරුණයකු අද (28) අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි .
හෙල්මටයකින් හිසට පහරදීම නිසා තුවාල ලැබු මහියංගණ මාපාකඩවැව දබගොල්ල ප්‍රදේශයේ පදිංචි මහියංගණ ප්‍රාදේශීය සභාවේ හිටපු 42 හැවිරිදි මංත්‍රිවරයා කන්දකැටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා බදුල්ල ශික්ෂණ රෝහලට මාරු කර යැවූ බවද පොලිසිය කීය .
කන්දකැටිය බදුලුඔය ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගනු ලැබිනයි පොලිසිය පැවසීය .
මෙම හිටපු ප්‍රාදේශීය සභා මංත්‍රිවරයා කන්දකැටිය 21 හංදිය සිට කන්දකැටිය නගරය දෙසට රාත්‍රි යතුරුපැදියක ගමන් කරමින් සිටියදී පිටුපසින් යතුරුපැදියක පැමිණ ඇති සැකකරු මංත්‍රිවරයා ගේ යතුරුපැදිය ඉස්සර කර ගොස් හෙබරගොඩ වංගුව අසලදී එක්වරම මාර්ගය හරස් කර මංත්‍රිවරයා ගමන් ගත් යතුරුපැදිය නවතා ඇතැයි පොලිසිය සදහන් කළේය .
මෙහිදී දෙදෙනා අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් අනතුරුව සැකකරු මෙසේ හෙල්මටයකින් මංත්‍රීවරයාගේ හිසට පහරදී පලාගොස් ඇති බවත් පොලිසිය පවසයි .
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්
රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර
වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හිටපු ප්‍ර.සභා මන්ත්‍රීට හෙල්මටයෙන් පහරදුන්නැයි අයෙක් අල්ලයි
Bunny Preena Monday, 29 January 2024 10:05 AM
ලගදි චන්දයක් ප්‍රකාශයට පත්කරලයි කියලා එකට කරපු පෙරහුරුවක් වත්ද ??