IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


හිටපු මැති ඇමැති විස්සක් ඡන්දෙට පස්ස ගහති

(සුජිත් හේවාජුලිගේ)

හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.

මේ පිරිසට හිටපු ජනාධිපතිවරු තිදෙනෙක්ද ඇතුළත් වෙති. මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රිපාල සිරිසේන එම හිටපු ජනපතිවරු තිදෙනා වෙති.

මෙසේ තරඟ නොකිරීමට තීරණය කර ඇති පිරිසට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල ෂාන් විජයලාල් ද සිල්වා, විමල් වීරවංශ, ආචාර්ය බන්දුල ගුණවර්ධන, , ආචාර්ය විජයදාස රාජපක්ෂ, විමල වීර දිසානායක, ජනක බණ්ඩාර තෙන්නකෝන්,ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න,ගාමිණී ලොකුගේ, , මහින්ද යාපා අබේවර්ධන , සී.වී විග්නේෂ්වරන්, වාසුදේව නානායක්කාර, ගෙවිඳු කුමාරතුංග ෂෙහාන් සේමසිංහ, එස්බී දිසානායක , කනක හේරත් යන මහත්වරු ඇතුළත් වෙති.

මේ අතර පසුගියදා විසුරුවා හැරි පාර්ලිමේන්තුවට පෙර පාර්ලිමේන්තුවේ කටයුතු කළ කරු ජයසූරිය, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, අකිල විරාජ් කාරියවසම්, නවීන් දිසානායක යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් අප සමග අදහස් දැක්වූ හිටපු අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවසුවේ මූල්‍යමය දුෂ්කරතා හේතුවෙන් තමා ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බවයි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අදහස් දක්වන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසන්නේ තම පක්ෂය දේශපාලන පක්ෂයක් ලෙස සන්ධාන ගතව හෝ ස්වාධීනව ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී තරග නොකරන බවයි.

පාර්ලිමේන්තු මැතිවරණ සටන තුළ සම්ප්‍රදායනුකූලව විපක්ෂයේ භූමිකාව ඉටු කිරීමෙන් බහුතර මහජන අපේක්ෂා සහ අපගේ අපේක්ෂා අතර ගැටුමක් නිර්මාණය කිරීම අවසාන අරමුණට සාපේක්ෂව නිශේධනාත්මක ක්‍රියාවක් ලෙස අපි කල්පනා කරමු යැයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී විග්නේෂ්වරන් මහතා පැවසුවේ ඉදිරි මහ මැතිවරණයේදී තරුණ උගත් අයට අවස්ථාව ලබා දීමට තමා තීරණය කළ බවයි.

මේ අතර මෙවර මහ මැතිවරණයට තරග කරන අපේක්ෂකයන් අතර නවක මුහුණු රැසක් දැක ගත හැකි වනු ඇතැයි දේශපාලන නිරීක්ෂකයෝ සඳහන් කරති.

 



අදහස් (23)

හිටපු මැති ඇමැති විස්සක් ඡන්දෙට පස්ස ගහති

w.kavithilaka Friday, 11 October 2024 07:28 AM

තව 150කගේ විතර පස්සට ඡන්ද දායකයා ගහවි...

:       0       10

sam Friday, 11 October 2024 07:32 AM

සුනාමි, ජොලිසීයා, හිටන් හුටං, කරු, වාසු, ගෙදර යනගමන් නොහොත් ලොකුගේ, ජනක, කිරිඇල්ල, විග්නේෂ්වරන් ඇතුළු සෙට් එක අපායට නාම යෝජනා දීලා තියෙන්නේ. අනික එවුන් බයේම කට්ටිය එකඑක ප්‍රමාණයට කරලා තියෙන වැරැදි වැඩ සෑහෙන්න තියෙනවා.

:       0       8

jay Friday, 11 October 2024 07:51 AM

එක කතිරයයි තාම ගැහුවේ

:       3       69

රිතික් Friday, 11 October 2024 08:04 AM

පස්ස ගහනව කිව්වම මතක් වෙන්නෙම රනිල්ව

:       4       41

යෝගා Friday, 11 October 2024 08:20 AM

සමහරු ඉන්නේ වැල යන අත බලා මැස්ස ගහන්න.

:       1       40

priyanka Friday, 11 October 2024 08:21 AM

මේ ඔක්කොම හොඳම හොරු . දේශපාලනයෙන්ම සමු ගන්නවා නම් හොඳයි

:       2       49

samFriday, 11 October 2024 12:56 PM

නැතිනම් මිනිස්සු සමුදෙනවා...

:       0       12

jagath liyanage Friday, 11 October 2024 09:00 AM

කවුරු පත් උනත් හොරකම් නම් කරන්න ලෑස්ති වෙන්න එපා

:       0       42

achini Friday, 11 October 2024 09:00 AM

මහින්ද රාජපක්ෂගේ දේශපාලනය අවසන් කරවපු එකට මාලිමාවට පින් සිද්දවෙනවා

:       16       65

Ananda SooriyabadaraFriday, 11 October 2024 10:52 AM

ගෙදර මහ එවුන්ගෙන් අහපිය දන්නේ නැත්නම් තිස්වසරක යුද්දේ ජය ගත්තේ කොහොමද කියලා.

:       0       0

සෙනෙවිරත්න Friday, 11 October 2024 09:06 AM

උතුරෙ ජාතිවාදී දේශපාලඥයන් ඉවත්වුන පසු රටේ ජාතිවාදී ප්‍රශ්න ඉවරයි, උතුරෙත් දකුනෙත් සැමට සමාන , නීතිය සැමට සමානව සහ විනිවිද පෙනෙන පාලනයක් ජනගත උනහම 13,පලස් අරව මේව වැදගත් නැහැ.

:       2       51

අරවින්ද මොනරවිල Friday, 11 October 2024 09:13 AM

ආණ්ඩුවේ වාහන නැහැ .ආණ්ඩුවෙන් තෙල් ගහන්නේ නැහැ, ආණ්ඩුවෙන් ආරක්ෂාව නැහැ, කුඩු කසිප්පු ගල් වැලි ජාවාරම් කරුවන් ආධාර කරන්නේ නැහැ. ඉතිං කොහොමද දෙවියනේ චන්දය කරන්නේ.

:       4       73

සනත් වීරකෝන් Friday, 11 October 2024 09:20 AM

උන්ටම උන්ම එපාවෙලා.

:       2       59

Bunny Preena Friday, 11 October 2024 09:47 AM

ශ්‍රී ලංකාවේ අනාගතය සුබයි.

:       0       13

රම්බොඩ Friday, 11 October 2024 09:48 AM

අලුත්ම කට්ටියක් පාර්ලිමේන්තුවට යන එක හොඳයි. මාලිමාව ගැන සුපිරි සුදු කියන අන්ධ විශ්වාසය නම් මට නැහැ. නමුත් රට වෙනුවෙන් යමක් කරන්න හොඳ පාර්ලිමේන්තුවක් තියෙන්න ඕනෑ.

:       0       9

Chandana Friday, 11 October 2024 10:07 AM

මේ සම්බන්ධයෙන් අප සමග අදහස් දැක්වූ හිටපු අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවසුවේ මූල්‍යමය දුෂ්කරතා හේතුවෙන් තමා ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බවයි...

:       0       5

sene Friday, 11 October 2024 10:22 AM

මේ කොටන කාටවත් අපේ රටේ සහ අපට ඇති ප්‍රශ්න ගැන අවබෝධයක් නැති හැටි, තවමත් බොරුවෙන් ඒ දෑ වසන්න එපා. අපට ඇත්තේ දරුණු ආර්ථික ප්‍රශ්නයක්, එයින් ගොඩ නාවොත් අපි අවසානයි.

:       0       5

පිටරටවැසියා Friday, 11 October 2024 10:22 AM

ඇයි බොලං, ලංකාවේ බත් කන හරක් තවමත් ඉන්නවානේ... ඔබලා වගේ රට කන තක්කඩින්ට ඡන්දය දෙන්න. හිතුවාද එක මැතිවරණයෙන් බත් කන හරක් වඳ වුණා කියලා...?

:       0       8

Jayasekara Friday, 11 October 2024 10:40 AM

බලය දෙමු මාලිමා රජයකට පාර්ලිමේන්තුවේ පුරාණ බල මුළුවකට සුද්ද කරමු ජඩ හොරු දූෂිත රැලම. මාලිමාවට ජය.

:       6       36

samFriday, 11 October 2024 12:58 PM

මාලිමාවට නොගහපු ඡන්ද 10ක් වත් හැම කෙනෙක්ම හරවාගන්න බලන්න...!

:       5       11

ජයනාත් Friday, 11 October 2024 12:01 PM

මෙයාලා රට පනීවි. හොරු රැළක්. පියවරක් ගත්තොත් හොඳයි.

:       1       10

de silva Friday, 11 October 2024 12:55 PM

ඉල්ලුවත් පරදින බව දන්නවා. පොලිස් ගාර්ඩ් නැති නිසා ඡන්ද කරන්න තබා තනියම එළියටවත් බහින්න බැහැ.. මිනිස්සු දකින දකින තැන ප්‍රසිද්ධියේ මූණටම බැණ වදිනවා..

:       1       14

ගමේ එකාලා Friday, 11 October 2024 02:01 PM

ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු රටම ලෝකෙටම හිඟාකන තත්ත්වයකට පත්කරපු, කාලකන්නි බලලෝභී, බඩගෝස්තරවාදි දූෂිත දේශපාලුවන් සදහටම දේශපාලනයෙන් තුරන් වේවා...!

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ලංකාව ඩොලර් ලක්ෂ 13 ක එජා සාමාජික ගාස්තුව ගෙවයි
2025 අප්‍රේල් මස 20 228 0

ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13 ක පමණ මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන්


බද්ද ගැන කතා කරන්න මුදල් නියෝජ්‍ය ඇමති ඇමරිකාවට
2025 අප්‍රේල් මස 20 178 0

එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බද්දට යම් සහනයක් ලබා ගැනීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු කණ්ඩාය


පානදුරාවාදයේ ලේඛන හතරක් ලෝක උරුම ලේඛන අතරට
2025 අප්‍රේල් මස 20 59 0

මෙම වසරේ ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක්කළ ලෝක උරුම ලේඛන අතර මෙරට 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන හතරක් තිබෙන බව යුනෙස්කෝ සංවිධානය පසුගියදා ප්‍රකාශ


චයිනා හාබර් චෝදනාව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රතික්ෂේප කරයි
2025 අප්‍රේල් මස 20 485 0

මීට වසර 15 කට පමණ පෙර විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 7.91 ක හිඟ මුදලක් රජය ගෙවීමට තිබෙන බවට චයිනා හා



සැබෑ මිනිස්සුයි - රොබෝ මිනිස්සුයි මැරතන් දුවයි
2025 අප්‍රේල් මස 20 703 0

මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 348 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 261 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 414 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site