(සුජිත් හේවාජුලිගේ)
හිටපු මැති ඇමැතිවරුන් ඇතුළු ප්‍රභූවරුන්ගේ ගමන් බිමන් සඳහා කුලියට ගත් ගුවන් යානා වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අය විය යුතු රුපියල් එක්කෝටි විසි ලක්ෂයකට වැඩි මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.
මෙම මුදල් ගෙවීම පැහැර හරිනු ලැබ ඇතැයි පැවසෙන්නේ අමාත්‍යාංශ ඇතුළු රාජ්‍ය ආයතන 10 ක් සහ පෞද්ගලික ආයතන දෙකක් විසිනැයි එම කාර්යාලය නිකුත් කළ වාර්තාවක දැක්වේ.
මේ අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් 2003- 2013 අතර කාලයේදී ලබාගත් ගුවන් යානා වෙනුවෙන් රුපියල් ලක්ෂ 60කට වැඩි මුදලක්ද 2013- 2018 අතර කාලයේදී ලබාගත් ගුවන් යානා වෙනුවෙන් තවත් රුපියල් ලක්ෂ 60කට වැඩි මුදලක්ද ගෙවීම මෙලෙස පැහැර හැර ඇතැයි එම වාර්තාවේ දැක්වේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මෙම මුදල් මේ දක්වාම ගෙවා නැතැයිද වාර්තාවේ.
මේ සම්බන්ධයෙන් අප ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසූවේ 2003- 2013 අතර කාලයේදී ලබා ගත් ගුවන් යානා වෙනුවෙන් රුපියල් ලක්ෂ 60කට වැඩි මුදලක් නොගෙවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විමර්ශනයක් පවත්වා අයවිය යුතු හිඟ මුදල් පිළිබඳ වාර්තාවක් ආරක්ෂක අමාත්‍යාංශය මගින් මුදල් අමාත්‍යාංශයට දැනටමත් බාරදී ඇති බවයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් 2013-2018 අතර කාලයේදී ලබාගත් ගුවන් යානා වෙනුවෙන් අය විය යුතු තවත් රුපියල් ලක්ෂ 60කට වැඩි හිඟ මුදලකට අදාළව වාර්තාවක් මුදල් අමාත්‍යංශයට බාරදීම සඳහා මේ දිනවල පිළියෙල කරගෙන යන බවද ඔහු සඳහන් කළේය.
එම මුදල් මුදල් අමාත්‍යාංශය විසින් අයකර ගනු ලැබ ගුවන් හමුදාවට නැවත බාරදිය යුතුව ඇත.
ශ්රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය
මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි
රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ
වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (24) දහවල් වතිකාන තානාපති කාර්යාලය වෙත ගොස් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ සි
ලැගුම්හලකදී කාන්තාවක මරා ගමන් මල්ලක දමාගෙන විත් කොළඹ බැස්ටියෙන් පාරේ බස් නැවතුම්පොලේ දමා යෑමේ චෝදනාවන්ට වරදකරුවු පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
හිටපු මැති ඇමැතිවරුන්ගෙන් ගුවන් හමුදාවට පොල්ලක්
මහසෙන් Friday, 28 January 2022 08:10 AM
ඔව්...! මහන්සි වෙලා වාර්තා හදලා දෙන්න. අන්න කට්ටිය ගෙවන්න පෝලිමේ ඉන්නවා. මේවා හොඳයි ලංකාවේ වාර්තාවලට වෙන්නේ මොනවද කියලා දන්නැති අයට...
Pradeep Kumara Friday, 28 January 2022 08:52 AM
අර ගිණුමක කෝටි ගණනක් තිබුණු කෙනාත් ඔය අතර ඇති. එයාගෙනුත් අයකර ගන්න. කෝටි ගණනක් හොරෙන් ගන්න කොටත් ඒ දැනිලා තිබුනේ අවුරුදු කීපයක් ගියාට පස්සෙනේ....
ගගන Friday, 28 January 2022 11:27 AM
ගුවන් හමුදා ගිණුම් අංශවල දුර්වලතා වෙන්න පුළුවන්... මොකද ගුවන් යානා ගමනක් ගියාම ඒ ගාස්තු අයකරන ක්‍රමය ක්‍රියාත්මක වෙලා නැහැ.. බිල් පත්‍රය හා ගෙවීම් වවුචර අදාල අවස්ථාවලම යැව්වා නම් ඔහොම වෙන්නේ කොහොමද? එහෙම යවලත් නොලැබුණොත් අමාත්‍යාංශ ලේකම් හරහා ඉල්ලන්න තිබුණා.
කරුණාජීව Friday, 28 January 2022 12:37 PM
අනිවාර්යයෙන් ජවිපෙ අය වෙන්න ඇති...!
sharm warnMonday, 31 January 2022 09:07 AM
කියලා වැඩක් නෑ.
Rohana Friday, 28 January 2022 02:33 PM
ණයට ගුවන් ටිකට්පත් දීම වහාම නතර කරන්න. ගුවන් ගාස්තුව ගමනට කලින් අයකර ගත්තා නම් මෙහෙම ගැටළු ඇතිවන්නේ නැහැ. ගාස්තු අයකර ගැනීමේදී පුද්ගල තරාතිරම වැදගත් වන්නේ නැහැමයි.