(*** මුදිතා දයානන්ද)
හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක, නැගෙනහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා භාවිත කළ පෞද්ගලික ජංගම දුරකථනය පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය භාරයට ගන්නා ලෙස එම කොමිසමේ සභාපතිවරයා ඊයේ (14) නියෝග කළේය.
ජයවර්ධන මහතා භාවිත කරන ලැප්ටොප් පරිගණකය ද මෙම පොලිස් ඒකකයට භාරදෙන ලෙස සභාපතිවරයා ඊයේ නියෝග කළේය.
සභාපතිවරයා මෙම නියෝගය කළේ ජයවර්ධන මහතා විසින් ඔහු හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අතර සිදුවූ දුරකථන සංවාදයක හඬ පටයක් කොමිසම කළ නියෝගයක් අනුව කොමිසම හමුවේ ඊයේ අසන්නට සැලැස්වීමෙන් අනතුරුවය.
මෙම සංවාදය ඇතුළත් හඬපටය රජයේ රස පරීක්ෂක වෙත යොමුකර එය යම් සංස්කරණයකට ලක්ව තිබේ දැයි පරීක්ෂා කර වාර්තාවක් කැඳවන ලෙස සභාපතිවරයා කොමිසමේ පොලිස් විමර්ශන ඒකකයට නියෝග කළේය.
එම හඬපටයත් මීට පෙර ඔහු විසින් කොමිසමට ඉදිරිපත් කර තිබෙන හඬ පටත් ජයවර්ධන මහතා තමන්ගේ පෞද්ගලික ලැප්ටොප් පරිගණකය භාවිත කර කොමිසමට ඇසෙන්නට සැලැස් වූ බැවින් එම පරිගණකයේ පාස්කු ඉරුදින ප්‍රහාරය හා සම්බන්ධ වන තවත් හඬ පට හෝ වෙනත් ලිපිලේඛන තිබේදැයි පරීක්ෂා කර බැලීමට අවශ්‍ය බව ද කොමිසමේ සභාපතිවරයා පැවසීය.
ඒ අනුව ජයවර්ධන මහතාගේ ලැප්ටොප් පරිගණකය කොමිසමේ පොලිස් විමර්ශන ඒකකයට භාරදෙන ලෙස සභාපතිවරයා ජයවර්ධන මහතාට නියෝග කළේය. එහි අඩංගු පාස්කු ඉරුදින ප්‍රහාරය හා සම්බන්ධ වන හඬපට හෝ වෙනත් ලේඛන තිබේ නම් ඒවා පමණක් ජයවර්ධන මහතා ඉදිරිපිටදීම පිටපත් කරගෙන නැවත පරිගණකය ඔහුටම භාරදෙන ලෙස ද සභාපතිවරයා නියෝග කළේය.
ජයවර්ධන මහතා කොමිසමට ඊයේ ඉදිරිපත් කළ දුරකථන සංවාදය සහිත හඬපටය අනුව එම සංවාදයේ ආරම්භක කොටසක් නොමැති බව කොමිසමට වැටහී යන බව ද ඒ නිසා ඔහු සංවාදය පටිගත කරනු ලැබු ජංගම දුරකථනය ද පොලිස් විමර්ශන ඒකකය භාරයට ගෙන එහි සම්පූර්ණ හඬ පටය ලබා ගැනීමට කටයුතු කරන ලෙස සභාපතිවරයා නියෝග කළේය.
එම දුරකථනය ඔහුගේ පවුලේ සාමාජිකයකු දැනට භාවිත කරන බැවින් එය නිවසේ ඇති බවට ජයවර්ධන මහතා කොමිසම කළ විමසීමක දී පැවසීය.
ඒ අනුව එම නිවසට ගොස් අදාළ දුරකථනය තම භාරයට ගන්නා ලෙස සභාපතිවරයා විමර්ශන ඒකකයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝග කළේය.
සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත
හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.
ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං
දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂගේ දුරකතනය-ලැප්ටොප් පොලිස් බාරයට