IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


හිතුමතේට වියදම් කළ පළාත් ආයතන රැසක් විසුරුවයි

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

අයවැය සම්මත කිරීමෙන් තොරව මුදල් වියදම් කර ඇතැයි පැවසෙන පළාත් පාලන ආයතන ගණනාවක් විසුරුවා හැරීමට රජයේ අවධානය යොමුවී ඇත.

අය වැය සම්මත කිරීමකින් තොරව ඉදිරි වර්ෂය සදහා මුදල් වැය කිරීමේ කිසිදු හැකියාවක් නැති හෙයින් එම නීතිය කඩකළ පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවැසීය.

ආණ්ඩුකාරවරුන් සහ පළාත් පාලන කොමසාරිස් වරුන් අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවට ඉදිරි දිනවල කැඳවා මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවද හෙතෙම සඳහන් කළේය.

මේ ආකාරයට මුදල් වැය කිරීම නරක පූර්වාදර්ශයක් බව පැවසූ ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා මෙම සාකච්ඡාවේදී පළාත් පාලන ආයතනවල අනෙකුත් ගැටලු පිළිබඳවද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව සඳහන් කළේය.

දූෂණයෙන් අක්‍රමිකතා වලින් තොරව පළාත් පාලන ආයතන පවත්වාගෙන යෑම සඳහා සියලු සැලසුම් සකස් කර ඇතැයිද අමාත්‍යවරයා පැවසුවේය.

අම්බලන්ගොඩ නගර සභාවද 2021 වර්ෂය සදහා අයවැය සම්මත කරගැනීමකින් තොරව මුදල් වියදම් කර ඇතැයි එම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී තොරතුරු අනාවරණය විය.

රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් සහ එහි රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා පැවැත්විණ. මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.

පළාත් පාලන ආයතනවල ව්‍යාපෘති අවසන් කිරීමට ඇති කාලය දීර්ඝ කිරීමේ අවශ්‍යතාවද මන්ත්‍රීවරු මෙහිදී කමිටුවට පෙන්වා දුන්හ.

සිමෙන්ති හිගය, කොවිඩ් තත්වය වැනි හේතු නිසා ව්‍යාපෘති අදාළ කාලය තුළ අවසන් කිරීමට නොහැකිව ඇති බැවින් එම කාලය ලබන වසරේ ජනවාරි දක්වා හෝ දීර්ඝ කළ යුතු බව මෙහිදී යෝජනා ඉදිරිපත්විය. මේ පිළිබදව කඩිනමින් සාකච්ඡා කර තීරණයක් ගන්නා බවද අමාත්‍යවරයා පැවසීය.

 



අදහස් (2)

හිතුමතේට වියදම් කළ පළාත් ආයතන රැසක් විසුරුවයි

Kule Sunday, 05 December 2021 06:21 PM

අනේ අපිට නම් ඕවා තුට්ටුවකට වටින්නේ නැහැ.. එයාලට නම් ව්‍යාපෘති හදවයි. කොන්ත්‍රාත්තු කාරයින්ගෙන් ගතමනාව ලැබෙනවා. ඒ නිසා ඕවා විසුරුවලා කොමසාරිස්ට පාලනය කරන්න දෙන්න..

:       0       7

ravin Sunday, 05 December 2021 07:39 PM

විසුරුවා හරිනකොට ඕනෙ ගැහිලි ගහලා ඉවරයි. කෙසේ නමුත් ඔය කියන ආයතන පාලනය කරපු උදවියගෙයි, ඔවුන් අයිති පක්ෂයයි, පළ කළොත් කවුද? මොකක්ද කියලා....

:       0       7

ඔබේ අදහස් එවන්න

දියත

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 1064 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 1879 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 642 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 1768 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 927 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 3927 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 396 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 664 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1893 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site