IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


හදිසියේ මියගිය අයගේ සිරුර පැය 8 ක් නිවසක දොරකඩ

 

(ලසන්ත නිරෝෂණ පෙරේරා සහ  ඉන්දීක නිරෝෂණ)                                      

කහවත්ත කෙටේතැන්න සදසිළුගම නෑදෑ  නිවසකට පෑලියගොඩ සිට පැමිණි අයෙකු එම නිවසේ මිදුලේ වැටී මියගිය පසු ඔහුගේ සිරුර රැගෙන යාමට පුද්ගලයින් නොමැති වීම නිසා සිරුර පැය 8ක කාලයක් නිවස ඉදිරිපිට තබාතිබුණි.  
                                                                                                            
මිය ගිය තැනැත්තා 66 හැවිරිදි අයෙකි. ඔහු මියගොස් සිටි නිවෙස බෑවුමක පිහිටා තිබීම නිසා දේහය රැගෙන යෑමට  වාහනයක් එම ස්ථානය වෙත ළගාවීමට නොහැකිව මෙම තත්ත්වය උද්ගත විය. සිරුර පාගමනින් රැගෙන ඒමට   ආරක්ෂිත ඇදුම් ඇති සෞඛ්‍ය සේවකයින් නොසිටි බව කහවත්ත පොලිසියේ නිලධාරීයෙක් පැවසීය.

පස්වරු 3.30 ට මියගිය පුද්ගලයාගේ සිරුර  නිවෙසින් රැගෙන යනවිට මැදියම් රාත්‍රී 12 .20 පමණ විය.  

දේහය ඔසවාගෙන ඒමට පුද්ගලයින් නොමැතිවීම නිසා කහවත්ත පොලිසියේ නිලධාරීන් සිව්දෙනෙක් මීටර් 500ක් දුර මාර්ගයක කර තබාගෙන පැමිණියහ. රෝහල් සේවකයෝ දෙදෙනෙක් ද ඊට සහාය වුහ.      
                                                                                                              
එම පුද්ගලයා අවදානම් කලාපයක් ලෙස නම් කර ඇති පැලියගොඩ සිට ඔහුගේ සොහයුරියගේ කහවත්ත කෙටේතැන්න සදසිළුගම නිවෙසට 16දා දහවල් පැමිණ තිබේ.ඔහු කහවත්ත සමරකන්ද පදිංචි අයෙකි.

කොරෝනාඅවධානම් කලාපයක සිට පැමිණි බැවින් කොරෝනා යැයි සැක සහිත බැවින් මියගිය පුද්ගලයාගේ දේහය පී.සී.ආර්. පරීක්ෂණය සදහා අද අලුයම රත්නපුර ශික්ෂණ රෝහලට යොමු කර ඇතැයි රත්නපුර මහජන සෞඛ්‍ය බලධාරීහු පවසති.

මෙම පුද්ගලයා හදිසියේ රෝගි වු අවස්ථාවේදී එම නිවෙසට පැමිණි අසල්වාසී පුද්ගලයින් සිව්දෙනෙකුගේ නිවාස, කෙටේතැන්න පිහිටි වෙළදසැල් දෙකක්ද,  ත්‍රිරෝද රථ රියදුරෙකුද ස්වයං නිරෝධායනයට යොමු කිරිමට කටයුතු කර ඇතැයි සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරීයෙක් පැවසීය.

අදාල පුද්ගලයා පෑලියගොඩ සිට කෙටේතැන්නට බස් රථයකින් පැමිණ ඇති බවට කරුණු අනාවරණය කරගත් අතර ආරක්ෂිත කැමරා  පරීක්ෂාකර බස් රථය හදුනා ගැනීමට නියමිත බව පැල්මඩුල්ල  සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.



අදහස් (2)

හදිසියේ මියගිය අයගේ සිරුර පැය 8 ක් නිවසක දොරකඩ

siri Tuesday, 17 November 2020 11:46 AM

මේවා ගැන අදහස් පලකරන්න බයයි. පොලිසියෙන් ගෙදරට එන්න පුළුවන්.

:       0       0

Rata Perata Wednesday, 18 November 2020 07:29 AM

මෙච්චර ප්‍රශ්න මැද නන්දසේනව උසාවි ගෙනියන්න බැහැ. පිටරට අයට පාර්ලිමේන්තු එන්න පුළුවන් වගේ ව්‍යවස්ථා සම්මත කරගත් කාලකණ්ණි පාලකයින් ඉන්න රටකනේ අපි ඉන්නේ... බයියන්ගේ ඇසි කවදා ඇරේවිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 1881 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


ධවල මන්දිරයට යන ළාබාලතම මාධ්‍ය ලේකම්වරිය
2024 නොවැම්බර් මස 16 1454 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.


වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 851 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 6389 36

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 2399 11

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 908 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 329 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 612 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1762 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site