IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


හෙන්රි පේද්‍රිස්ට මරණ දඬුවම දුන් අධිරාජවාදී උසාවි තීන්දුව ගැන දැන් සොයයි

(අංජුල මහික වීරරත්න)

යටත් විජිත යුද අධිකරණයේ තීන්දුවක් මත වසර එකසිය අටකට පෙර සිදුකළ එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් ඝාතනය පිළිබඳ පරීක්‍ෂණයත් පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකාවේ යටත් විජිත පාලන අධිකාරිය විසින් රජයට එරෙහිව කැරලි කෝලාහල සහ රාජද්‍රෝහී ක්‍රියාවන් සිදු කළේ යැයි චෝදනාව එල්ල කරමින් යුද අධිකරණයක් හමුවට පමුණුවා රාජා ද්‍රෝහී චෝදනාවට වරද කරු කොට එවකට 27 වියැති  එඩ්වඩ් හෙන්රි පේද්‍රිස්  මහතා 1915-7-7 වන දින කිසිදු අභියාචනයක් නොසලකා මරණ දඬුවමට ලක් කරනු ලැබ ඇත.

ඔහුගේ දේහය යුද නීතිය යටතේ වරදකරු වූ අපරාධකරුවකු ආදාහනය කිරීමට නියම කර ඇති ක්‍රියා පටිපාටිය අනුගමනය කරමින් හෙළි නොකළ පරිශ්‍රය පරිසරයක ආදාහනය  කර තිබේ.

හෙන්රි පේද්‍රිස්  ඝාතනය එවකට මෙරට පාලනය කරන ලද ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් සිදු කරන ලද සැලැස්මක ප්‍රතිඵලයක් වශයෙන් පසුව හඳුනා ගනු ලැබ තිබේ.

ඒ අනුව එම ඝාතනය පිළිබඳ සැබෑ තොරතුරු අනාවරණය කරගෙන එතුමාට යුක්තිය ඉටු කිරීම පිණිස අදාළ කරුණු අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව කබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.



අදහස් (25)

හෙන්රි පේද්‍රිස්ට මරණ දඬුවම දුන් අධිරාජවාදී උසාවි තීන්දුව ගැන දැන් සොයයි

Mahasen Tuesday, 12 December 2023 01:45 PM

88/89 කාලේ ඝාතනය කරපු උන් ගැන හොයන්න කොමිසමක් පත් කලොත් නරකද

:       16       117

සුරංග Tuesday, 12 December 2023 01:49 PM

අදහස හොදයි. ඒකට සෑහෙන වන්දියක් අයකර ගැනීමට කටයුතු කරන්න පුළුවන් නම් ඉතාමත් හොදයි .ඒ ගමන්ම එංගලන්තයේ රජා ලංකාවෙන් සමාව ගැනීමත් කරනවා නම් හොදයි. කොහොම වුනත් එහෙම පාලනය ගෙන ගිය රජ පවුලේ විනාශය සිදුවෙමින් පවතින බවක් දැන් දැන් පේන්න තියෙනවා

:       13       83

Don Tuesday, 12 December 2023 01:53 PM

ශතවර්ෂයකට පෙර සිදු වූ මරණයක් ගැන විමසීමට පෙර, කරුණාකර ෂාෆ්ටර් මහතාගේ මිනීමරුවන් සොයා ගැනීමට කාලය ගත කරන්න.

:       11       120

City Wednesday, 13 December 2023 06:11 AM

Shaffer පුද්ගලික ප්‍රශ්නයක්, මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්.

:       0       0

viraj ekanayake Tuesday, 12 December 2023 02:32 PM

භද්‍ර යෞවනය නිදහස වෙනුවෙන් කැපකළ එතුමා සිරිල් මැතිව් මහතාගේ පරපුරේ ළඟම නෑදෑයෝ... එතුමාට නිවන්සුව ලැබේවා..!

:       0       0

රංබොඩ Tuesday, 12 December 2023 02:38 PM

වැට් ගැහිල්ලයි, විකිණිල්ලයි වහගන්න නාටකයක් ගෙනැල්ලා වගේ. ඒ ඇරෙන්න මෙතන වෙන සාධනීය ලක්ෂණයක් පේන්න නෑ. සුද්දෝ, කැප්පෙටිපොළ, පුරන්අප්පු, ගොංගාලේ ගොඩ බණ්ඩා ඇතුලු සියලු දෙනා ඝාතනය කළේ එහෙම තමයි. ඒ සේරමත් හොයයිද ?

:       0       0

Chandana Callistus Fernando Tuesday, 12 December 2023 02:56 PM

මෙතුමන්ගේ පරම්පරාවෙන් බොහෝ දේපළ මහජනතාවට පරිත්‍යාග කරලා තියෙනවා. හැව්ලොක් ටවුන්, හෙන්රි පේද්‍රිස් පාර්ක් ඇතුළුව...

:       0       0

yaka Tuesday, 12 December 2023 03:00 PM

පරණ මිනියක් හරි කමක් නෑ මේ වෙලාවේ ගොඩ අරගෙන ලංකාවට කීයක් හරි ගන්න පුළුවන් නම්....මේ අප්පගෙම වැඩ...යකෝ මේ රටේ එකම ප්‍රශ්නෙ ඕක ද

:       20       67

Asanga Tuesday, 12 December 2023 03:05 PM

තාජුදීන්, ලසන්ත වික්‍රමතුංග​, ඝාතන වල සුල මුල හොයා ගන්න අමාරුය​?

:       13       106

de silva Tuesday, 12 December 2023 03:26 PM

පිස්සු විකාර , මිනිස්සුන්ට වෙන වැඩ නැද්ද?

:       0       0

බද්රානි Tuesday, 12 December 2023 03:57 PM

මෙයාලාට පිස්සුද, එහෙම නැත්නම් අපට පිස්සුද කියලා තේරුම් ගන්න බැරිවයි මේ මම ඉන්නේ..? ඔය කියන යුක්තියට වන්දි මුදල් ගෙවන්න වෙන්නේත් මේ රටේ අසරණ ජනතාවටම තමයි... සුද්දන්ගෙන් කප්පම් ගන්න වෙන විදිහක් ඇත්තේම නැද්ද..?

:       0       0

ගමේ එකාලා Tuesday, 12 December 2023 04:08 PM

දූෂිත පවුල් පාලන ආණ්ඩුව කාලේ සුදු වෑන්, ඝාතන අතුරුදහන්, මිනීමෝරු, කරපු එවුන්, පාස්කු ප්‍රහාරය පිටුපස ඉන්න අය ගැනත් හරියට පරීක්ෂණ කරන්න බැරියැ...

:       0       0

Always break down Tuesday, 12 December 2023 04:20 PM

ඡන්දය කිට්ටු නිසා ... බයියෝ ටිකට පොඩි නාට්‍යයක්.

:       0       1

sachith Tuesday, 12 December 2023 04:52 PM

ඒ කාලේ ඕවා කරපු අයගේ මී මුණුබුරා කරපු දේවල් ගැනත් හොයන්න.

:       0       0

රට වැසියා Tuesday, 12 December 2023 05:38 PM

ඉතිහාසයේ ඇතැම් තැන් නිවැරැදි විය යුතුයි... පම්පෝරිය න්‍යාය කරගත් ඉතිහාසය ගැන සෙවීම හොඳයි. මේ සිද්ධිය ගැන පරීක්ෂණය පවත්වා ඇත්ත හෙලි කිරිම අගයකළ යුතුයි. හැබැයි රටේ තවත් ඝාතන තිබෙනවා... සුද්දට වඩා තිරිසන් විදියට කරපුවා, ඒවා ගැනත් හොයන්න.

:       0       0

Lal Tuesday, 12 December 2023 05:42 PM

විජය කුමාරතුංග, සාගරිකා, ග්‍රාමසේවකවරු .. මරපු ඒවාත් හොයන්න..

:       0       1

අරවින්ද මොනරවිල Tuesday, 12 December 2023 06:14 PM

හෙන්රි පේද්‍රිස් ඝාතනය කරලා තියෙන්නේ නඩුවක් අහලා වරදකරු වුනාට පස්සේ, ඒ අවුරුදු 108 කට පෙර, 1948 සිට අද දක්වා දස දහස් ගණනක් ජනතාව කිසිම නඩු විභායක් හෝ අඩුම තරමේ චෝදනාවක් නැතුව දස වදදී ඝාතනය කරලා තිබෙනවා. ඒවා ගැන සොයන්න කොමිසමක් දැම්මා නම් මේ දූෂිත පාලකයින්ට එරෙහිව අනිවාර්යෙන්ම චෝදනා ගොනුවෙනවා ඇත.

:       2       0

Srilanka Tuesday, 12 December 2023 06:51 PM

මහබැංකුව කොල්ලකාපු එකා තවම එවුවද ?

:       0       0

don Tuesday, 12 December 2023 07:02 PM

මේ අයට පිස්සු...!

:       0       0

Buddika Tuesday, 12 December 2023 07:06 PM

එයට පෙර, තාජුඩීන්, ලසන්ත, එක්නැලිගොඩ වගේ මැත කාලීන මරණ ගැන හොයන්න. මොකද එවාගේ මිනිමරුවෝ ප්‍රසිද්ධියේ ජීවත්වෙනවා...

:       0       0

fairoos Tuesday, 12 December 2023 07:20 PM

මේවා තමයි දෙයියෝ සාක්කිවලට දාන්න ඕනේ..!

:       0       1

ජයන්ත මිලානො Tuesday, 12 December 2023 08:55 PM

අවුරුදු 100ක් එපිටට යන්න කලින්... බටලන්ද ගැන පරීක්ෂණ කරන්න ජනාධිපතිතුමාගෙන් අවසර ඉල්ලන්න...!

:       0       1

Perera Tuesday, 12 December 2023 10:57 PM

රාජපක්ෂ හැතිකර පරම්පරාවේ එකෙක් ඕකෙ මුලත් ඉන්නවද බලන්න...?

:       2       1

Kumar Wednesday, 13 December 2023 01:09 AM

මේ පරීක්ෂණයෙන් ආණ්ඩුවේ හිතවතුන් පිරිසකට ලොකු වැටුප් ගෙවීමට බොහෝ දුරට ඉඩ තිබේ. මේ මහත්තයට නයිට් හුඩ් සම්මානයක් මම දැක්කේ නැහැ. ඔහුව හමුදාව විසින් හඳුන්වනු ලැබුවේ කපිතාන් එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් ලෙසින්. අන්තර්ජාලයේ ඕනෑ තරම් තොරතුරු තිබේ.

:       0       1

Sidath Ranasinghe Wednesday, 13 December 2023 02:58 AM

අඩුම තරමින් පාස්කු කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ ටිකවත් ක්‍රියාත්මක කලොත් නරකද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කූඩුවේ සිටි සැකකරු මුදවා ගන්න ගිය පීසී අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 22 148 0

සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් කූඩුවේ සිටි සැකකරුවකු තමාගේ සහෝදරයකු බව පවසා උප සේවක භාරයේ තිබූ යතුරු කැරැල්ල බලෙන් ලබාගෙන පොලිස් සිර මැදි


අද සවස එකෙන් පසු තද වැසි
2025 අප්‍රේල් මස 22 195 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


සෙව්වන්දි - ප්‍රසන්න රට පැන්නාද?
2025 අප්‍රේල් මස 21 2683 0

පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල


පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 773 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 246 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 615 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 517 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 294 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 444 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site