IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


හබරාදූව ප්‍රා සබේ විරෝධතාවක්

(සුමතිපාල දීයගහගේ සහ ඩි ජී සුගතපාල)
හබරාදුව ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරයෙකු විසින් එම ප්‍රාදේශීය සභාවේ කාර්මික නිලධාරිනියකට බැණවැදී  තර්ජනය කර පහරදීමට උත්සාහකිරිමට විරෝධය පල කිරිම සදහා ප්‍රාදේශීය සභාවේ සියලුම නිලධාරින් සහ සේවකයින් අද (26) අසනීප නිවාඩු දමාසේවයට පැමිණිමෙන් වැලකී සිටිති.
 
 මේ අනුව එම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරිය ඇතුලු ප්‍රධාන කාර්යාලයේ නිලධාරින්ද,   අහංගම උප කාර්යාලයේ නිලධාරින් හා සේවකයින්ද   මාර්ග, විදුලි,සෞඛ්‍ය  පුස්තකාල,ආයුර්වේද යන අංශවල සේවකයින්ද ඇතුලුව 125 දෙනෙකුපමන අසනිප නිවාඩු ගෙන  සේවයට පැමිණ නොතිබු බව වාර්තාවේ.

හබරාදුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරයෙකු ඊයේ (25) උදෑසන කාර්යාලයට පැමිණ අඩුපාඩුවක් ඇති කොන්ත්‍රාත්තුවක් සදහා චෙක්පතක් නිකුත් කරන ලෙස බලපෑම් කරමින් ප්‍රාදේශීය සභාවේ කාර්මික නිලධාරිනියට බැණවැදී තර්ජනය කොට  පහරදිමට උත්සාහ කිරිමට විරෝධය පල කරමින් සේවකයින් අසනීප නිවාඩු  ගෙන සේවයට නොපැමිණ ඇත.

 මේ පිළිබද කළ විමසුමකදී ප්‍රාදේශිය සභාවේ ලේකම් සුමිලා රත්නවීර මහත්මිය  මෙසේ පැවසුවාය.

ප්‍රාදේශීය සභාවේකාර්මික නිලධාරිනියට බැණවැදි තර්ජනය කොට පහරදීමට මන්ත්‍රිවරයෙකු උත්සාහ කිරිම නිසා ඊට විරෝධය පල කිරිමට සේවකයින් අසනිප නිවාඩු දමා සේවයට පැමිණ නැහැ.මේ පිළිබද විදිමත් පරික්ෂණයක් සිදු නොකළහොත් හෙට (27) දිනයේ සේවකයින් සේවයට පැමිණ රාජකාරි කිරිමෙන් වැලකී සිටීමට තීරනය කර තියනවා. ඒ වගේම මෙම සිද්ධිය  දකුණු පළාත් පාලන කොමසාරිස්තුමාට සහ ගාල්ල දිස්ත්‍රික් සහකාර පළාත් පාලන කොමසාරිස්තුමියටද දැනුම්දි තියෙනවා.



අදහස් (0)

හබරාදූව ප්‍රා සබේ විරෝධතාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

අනුරගෙන් මෝදිට දුරකථන ඇමතුමක්
2025 අප්‍රේල් මස 25 16 0

පුද්ගලයන් 26 දෙනකුගේ ජීවිත අහිමි කරමින් ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහල්ගම්හි සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය තරයේ හෙලා දකින බව ජනාධිපති අනුර කුමාර දිසාන


දේශබන්දුගේ පැටිකිරිය හොයන වැඩේට තව පොලිස් පිරිසක් ඉල්ලයි
2025 අප්‍රේල් මස 25 72 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන පරීක්ෂණ කමිටුවේ විමර්ශන කටයුතු සඳහා සහයවීමට පොලිස් විමර්ශන කණ්ඩායමක් නම් කරන ලෙස එම ක


ඩිපෝ ලොක්කන්ට රතු එළියක්
2025 අප්‍රේල් මස 25 163 0

ලංකා ගමනාගමන මණ්ඩලයේ සියලුම ඩිපෝ ලාභ ලබන තත්වයට පත් කර ගැනීම සඳහා සියලුම ඩිපෝ කළමනාකරුවන්ට මාසයක කාලයක් ලබාදී ඇතැයි ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාං


එජාපයේ ’’භූතයන්’’ දෙන්නෙක් ගෙන් රවීට කරදර
2025 අප්‍රේල් මස 25 343 0

එක්සත් ජාතික ජාතික පක්ෂයේ භූතයන් දෙදෙනකු තමාට කිසිම දේකට එන්න දෙන්නේ නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පැවසීය.


කෝටි තුනක බඩු ගුවන්තොටේ දමා ගිහින්
2025 අප්‍රේල් මස 25 364 0

ගමන් මලු දෙකක් තුළ අසුරා තිබූ රුපියල් කෝටි තුනක් වටිනා නවීනතම ජංගම දුරකථන සහ ටැබ් පරිගණක 228 ක් කටුනායක ගුවන් තොටුපොළ , තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ අතහ


පහල්ගම් ප්‍රහාරය මෙහෙය වූ කෙරුමෙක් වෙඩි කයි
2025 අප්‍රේල් මස 25 418 0

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම බාරගත් ලෂ්කර්-ඊ-තලීබා සංවිධානයේ අණදෙන නිලධාරී අල්තාෆ් ලල්ලී ඉන්දීය ආරක්ෂක අංශ සිදුකළ මෙහෙයුමකදී වෙඩි වැදී මියගොස් ඇ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 779 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 375 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 525 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site