ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා ලබන සතියේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත එංගලන්ත කණ්ඩායම හිම වැසි මැදත් සිය පුහුණුවීම් කරගෙන යයි. මේ වනවිට එංගලන්තයේ හිම පතනය ආරම්භ වී ඇති නමුත් ක්‍රීඩාංගණයක මැද තණතීරු වටකරමින් උණුසුම් කූඩාරම් තනාගෙන එංගලන්ත කණ්ඩායම පුහුණුවීම් වල යෙදෙමින් සිටී.
ලෝක ටෙස්ට් ශූරතාවලියට ඇතුළත් ටෙස්ට් තරග දෙකකට සහභාගි වීම සඳහා එංගලන්ත කණ්ඩායම ජනවාරි මස 3 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිය. එංගලන්ත කණ්ඩායම මේ වසරේ ජනවාරි මාසයේදීත් ටෙස්ට් තරගාවලියකට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි නමුත් කොරෝනා වසංගතයේ ලෝක ව්‍යාප්තිය ආරම්භ වූ හෙයින් තරගාවලිය ආරම්භ නොකරම ආපසු සියරට බලා ගියේය.
වැසි සහිත සමයක ක්‍රිකට් පුහුණුවීම් කිරීම සඳහා ගෘහස්ථ පුහුණු ශාලා ලොව පුරාම ඇතත් ඒ කිසිවක තණකොළ සහිත ස්වභාවික තණතීරු නැත. එබැවින් ස්වභාවික තණතීරුමත පුහුණුවීම් කිරීම සඳහා එංගලන්ත කණ්ඩායම ක්‍රීඩා පිටියක තණතීරු වටකරමින් උණුසුම් කූඩාරමක් තනාගෙන පුහුණුවීම් කරයි.
ශ්‍රී ලංකා - එංගලන්ත තරගාවලිය ජනවාරි මස 14 වැනිදා ගාල්ලේදී ආරම්භ වීමට නියමිතය.
වීඩියෝපටය - එංගලන්ත තේරීම් කමිටු සාමාජික ජේම්ස් ටේලර් මහතා වෙතිනි.
https://twitter.com/i/status/1343914919616507905
මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.
කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ
පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො
ජංගම දුරකතනයක් අස්ථානගතවීමේ සිද්ධියකට ඇතිවූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් පොල්ලකින් පහරදී සිය වැඩිමල් සහෝදරයා ඝාතනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙ
2024 ජනාධිපතිවරණයේ දී දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : සජිත් ප්‍රේමදාස 200384, ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හිම වැසි මැද එංගලන්ත පිලේ පුහුණුවීම්
kareena Tuesday, 29 December 2020 07:24 PM
නව කොරෝනා මාදිලියත් දායාදයක් ලෙස රැගෙන එන ලෙස ඉල්ලමි. එච්චරයි අඩු.
Shanaka Tuesday, 29 December 2020 11:32 PM
ලොකුවට පුහුණු වෙන්න දෙයක් නැහැ. 19න් පහළ ටීම් එක ආවත් දවස් 2න් ගහලා දාන්න පුළුවන්.
Perera Wednesday, 30 December 2020 03:55 AM
නව කොරෝනා කුසලානය අපිට ලැබේවි එහෙනම්...!!!