(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
හෝමාගම මූලික රෝහල යළි කොරෝනා ප්‍රතිකාර සඳහා යෙදාගන්නා රෝහලක් ලෙස භාවිතා කිරීමට එරෙහිව අද(14) උදෑසන රෝහල ඉදිරිපිට හා ඒ අවට විරෝධතා වැකි සඳහන් පෝස්ටර් අලවා තිබෙනු දක්නට ලැබුණි.
'දිනකට 4000ක් බෙහෙත් ගන්නා රෝහල වසා දැමීම සාධාරණද', 'ජනතාවනි අපේ රෝහල බේරාගැනීමට පෙළගැසෙමු', 'කොරෝනා රෝහලක් බවට පත්කිරීමෙන් රෝහල් අධිකාරීගේ මඩිය තර වේද?' වැනි වැකි සඳහන් විරෝධතා පෝස්ටර් රෝහල ඉදිරිපිට සහ ඒ අවට ස්ථාන රැසක ප්‍රදර්ශනය කර තිබිණි.
පසුව එහි පැමිණි පොලිසිය ඒවා ඉවත් කිරීමට පියවර ගත්තේය.
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම
මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හෝමාගම රෝහල කොරෝනා ප්‍රතිකාරවලට යොදාගන්නවාට විරෝධය
Wca Wednesday, 14 October 2020 07:48 AM
කොහොමත් මීට පෙරත් ඕකෙ ඔක්කොම කැමති නෑ කොරොනා රෝහලක් කෙරුවට, මොකද pp එකයි ot එකයි නැත්වෙන හින්දා. තනිකරම රෝහලේ අධිකාරිට ඕනේ විදියට වැඩෙ වුනේ. ඕක තනිකරම ඇතුලේ වැඩක්. ඔතන නිකන් පෝස්ටර් අලවන්න බෑ. ඔය පැත්තේ cctv බැලුවොත් තේරෙයි..
Nimal Wednesday, 14 October 2020 07:51 AM
හෝමාගම ජනතාව ඔය වගේ දෙකයි පනහේ පෝස්ටර් අලවන්න නෑ. තනිකරම ඕක රෝහලේ ඇතුලේ වැඩක්...
sakya Wednesday, 14 October 2020 08:40 AM
හන්දියේ කඩවල් වලිනුයි, වාහන පාර්ක් වලිනුයි ගහපු එකක් වෙන්න ඇති. බිස්නස් නැතිවෙනවාට.. අකුරු වලින්ම අඳුනාගන්න පුළුවන්. නිකන් බාල වැඩ. දාන්නවත් වටින්නේ නැහැ.
අසන්ක Wednesday, 14 October 2020 09:13 AM
මුල්ලේරියාවේ ඉන්න පොඩ්ඩක් එහා තියන IDH එකේ ඉන්න මිනිස්සු ඔහොම හිතුවා නම් කොහොම වෙයිද? මනුස්සකම කියන එක නොදන්න මිනිස්සු..!!!
nishanthaThursday, 15 October 2020 10:13 AM
ඔය පෝස්ටරේ ගහලා කියලා තියෙන කතාව සම්පූර්ණ ඇත්ත. මම අංගොඩ කෙනෙක් විදියට ඔය කාරණේට සම්පූර්ණ එකඟයි. අපිට ලඟ තියෙන අයි.සී.යූ. සහිත රෝහල් දෙකම අයි.ඩී.එච්. රෝහල සහ මුල්ලේරියාව රෝහල් දෙකම ආණ්ඩුවෙන් කොරෝනා ප්‍රතිකාර කියලා ගත්තාම ළඟදී ගිය සතියේ මුල්ලේරියාව රෝහලෙන් ශල්‍යකර්මයක් කරගත් මගේ මවට හෙට දැන් ජාතික රෝහලට යන්න වෙලා තියෙන්නේ තුවාල පැසවලා නිසා. ලෙඩෙක්ට හා ඒ අයගේ පවුලේ අයට තමයි ඒ වියදම හා අමාරුව දැනෙන්නේ.. එහෙම නැතිව මේ කමෙන්ට් කරන අයට නෙවෙයි.
surangaFriday, 16 October 2020 11:35 AM
ලංකාවේ ඉන්න හැමෝම ඔය විදිහට හිතුවානම් ලංකාවේ කොහේවත් කොරොනා වලට බෙහෙත් කරන්න තැනක් හොයාගන්න බැරිවෙනවා. එතකොට එ මිනිස්සුන්ට මැරෙන්න ඉඩ දීලා බලන් ඉන්නද කියන්නේ? පොඩ්ඩක් අනිත් මිනිස්සු ගැනත් හිතමු...
kumaraSaturday, 17 October 2020 06:46 AM
සුරංග, නිශාන්ත කියලා තියෙන කතාව හරි. කොරෝනා වලට රෝහල් වෙන් කරනකොට ප්‍රදේශයේ තියෙන සියලුම රෝහල් ගන්නේ නැතිව මහජනයාට යාමට එක මූලික රෝහලක් වත් ඉතුරු කළොත් තමයි හොඳ. කොරෝනාවලින් විතරක් නෙවෙයි මිනිස්සු මැරෙන්නේ ඊට වඩා ඩෙංගු හා බෝ නොවෙන රෝගවලින් මැරෙනවා. අර කර්මාන්ත ශාලාවේ පාලනාධිකාරියට ආණ්ඩුව නියෝග කරන්න ඕනෑ... ලෙඩ්ඩු අඩුවෙනකන් තාවකාලික හමුදා රෝහලක් හරි පිහිටුවන්න මුදල් දෙන්න කියලා.
chandima Thursday, 15 October 2020 06:48 PM
ඊළඟ ඡන්දෙදී දෙන්නෙක්වත් පාර්ලිමේන්තුවට එවන්න රතු මල්ලිලා ගත්තු උත්සාහයක් වගේ.. මේ ගොල්ලෝ කියන විදිහට වැඩ කළොත් දිනකට 4000ක් වෙනුවට දිනකට 40000ක් බෙහෙත් ගන්න රෝහලක් බවට පත්කරන්නට පුළුවනි.
Bamunuarachchi Saturday, 17 October 2020 02:50 AM
මෙය ජෙප්පන්ගේ මෙහෙය වීමක්. කොරෝනා අනික් හැම ලෙඩේටම වඩා බලවත් ලෙඩක්.. එම නිසා කොරෝනාවලට මුල්තැන දෙන්න ඕනේ. අනික් රෝගවලට ඕනෙම ඉස්පිරිතාලයකින් බෙහෙත් ගන්න පුළුවන්. ජෙප්පන්ට මේ ටික තේරෙන්නේ නැද්ද? ජෙප්පෝ හදන්නේ කළදුටුකළ වළ ඉහගන්න. ජෙප්පෝ මොනවා කීවත් ඔවුන්ට ඉන්නේ 3% යි.
thilak Saturday, 17 October 2020 12:19 PM
2/3ක් නොවේ 9/10ක්ම... දැන් සැපද?
Prasad Saturday, 17 October 2020 01:48 PM
හෝමාගම බයියන්ට දැන් සනීපද?
janahitha UAESunday, 18 October 2020 04:42 AM
ජනතාව වෙන්කර හඳුනාගත හැකිය. 30 වසරක යුද්ධය අවසන් කළ යුතු වූ පිරිස 69 බයියන් ලෙසද? ප්‍රභාකරන් ජයගෙන පැවැති ආණ්ඩුව පරාජය වන තෙක් ඇඟිලි ගණන් කළ පිරිස ගොන් බයියන් ලෙසද හැඳින්විය හැකිය. ජාතිය පාවාදී හෝ තම අලියා පිටේම යන පාරම්පරිකයන් පිරිස බත්බැලයන් ලෙසද, ඔවුන් වෙනුවෙන් පෙනීසිටින රතු අලීන් කේවට්ටයන් ලෙසද හැඳින්වේ.