IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


හම්බන්තොට ඉඩම් කොල්ලයක්


(චන්ද්‍රසේන ගමගේ)

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවෙ,වනජීවී දෙපාර්තමේන්තුව හා මහවැලි විශේෂ බල ප්‍රදේශය සතු  ඉඩම් අක්කර සිය ගණනක් මේ වන විට විවිධ පුද්ගලයින් විසින් අනවසරයෙන්  අත්පත් කරගනිමින් සිටින බව ප්‍රදේශයේ ජනතාව පවසති.
 
පවතින ආණ්ඩුවේ දේශපාලකයින්ගේ හිතවතුන් වශයෙන් පෙනී සිටිමින් බොහෝ අය මෙම කැලෑ ඉඩම් එළිපෙහෙලි කොට අත්පත් කරගනිමින්  සිටින බව එහි පාරම්පරික වැසියෝ පවසති.
 
සූරියවැව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ වල්සපුගල හා හාමුදුරුවැව යන ප්‍රදේශ වල වනඅලීන්  බහුල ලෙස ගැවසෙන කැලෑ ඉඩම් අක්කර සිය ගණනක් මේ වන විට යන්ත්‍රසූත්‍ර යොදා එළිපෙහෙළි කොට තිබේ.
 
වන අලි කළමනාකාරණ බල ප්‍රදේශයට යෝජිත දිමුතුගම, පුස්ගල,වැවේගම අන්දරවැව දිමුතුගම, වැලිවැව යන ප්‍රදේශ වල කැලෑබිම් රැසක්ද විවිධ පුද්ගයින් විසින් මේ වන විට එළි පෙහෙළි කරමින් සිටී.
 
මෙම අනවසර ඉඩම් මංකොල්ලය නිසා වඩාත් පීඩාවට පත්ව ඇත්තේ සිය වාස භූමි බවට පත්කරගනිමින් සිටි වනඅලීන් මෙන්ම යාබද ගොවිබිම් වල සිටින පාරම්පරික ගොවි ජනතාව බව ප්‍රදේශයේ ජනතාව පවසති.ප්‍රදේශයේ ජනතාව වැඩිදුරටත් පවසන්නේ වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමත් සමඟ මෙම ඉඩම් මංකොල්ලය ඉහළ ගොස් ඇති බවත් සමහර ඉඩම් අත්පත් කරග ගන්නන් කොළඹින් පැමිණි අය බවද ප්‍රදේශයේ ජනතාව පවසති.ඔවුන් නිලධාරීන්ට බලපෑම් කරමින් මෙම ඉඩම් මං කොල්ල කන බද ජනතාව කියති.
 
පසු ගියදා පැවති හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදී මේ පිළිබදව සාකච්ඡා වූ අතර එහිදී දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය උපුල් ගලප්පත්ති මහතා පැවසුවේ අලි කළමනාකරණ රක්ෂිතය බල ප්‍රදේශය යෝජිත එකක් පමණක් බවත් ඒ ගැන සලකා කටයුතු කිරීමෙන් සංවර්ධන කටයුතු සදහා බාධා මතුවෙන බවයි.
 
එහිදී අදහස් දැක් වූ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්  එච්.ඩබ්. කරුණාරත්න මහතා පැවසුවේ යෝජිත අලි කළමනාකරණ ප්‍රදේශය නිශ්චිත වශයෙන්ම හදුනාගෙන ගැසට් කළ යුතු බවයි.’සභාපති තුමා මොන පදනමෙන් වැඩ කරනවාද කියා අපි දන්නේ නෑ.නමුත් මමත් මාගේ නිලධාරීනුත්  මේ නිසා අපහසු තාවයට පත් වෙන’ බවද දිස්ත්‍රික් ලේකම් වරයා එහිදී පැවසීය.



අදහස් (6)

හම්බන්තොට ඉඩම් කොල්ලයක්

ahinsaka Ratawesiya Tuesday, 17 November 2020 04:30 AM

ගලප්පත්ති මහත්තයාටත් තමන්ගේ වියදමින් කැලේ වවන්න හිතිලද කොහෙද? අහිංසක පුරවැසියෙක් උසාවි ගියොත් ඒක තමයි වෙන්නේ...

:       0       7

ayiyo neethiya Tuesday, 17 November 2020 05:17 AM

හිරෙ ඉන්න බදියුදීන් හම්බන්තොට ගිහින් කියහල්ලකෝ...

:       0       7

Kamal Koyrala Tuesday, 17 November 2020 05:27 AM

වනය සංරක්ෂණ, කඩොලාන, අභය භූමි, පූජා භූමි, ලෝක උරුම වනසන්න රජය අවසර දීලා තියෙන්නේ ගැසට් එක සහ චක්‍රලේඛනය ලෙස සලකන්න කිවෙ ... එමනිසා සිරිසේන ජනාධිපතිතුමා මෙවා රැකගන්න ගහපු ගැසට් මුද්‍රණය නොකර අවුරුද්දකටත් වඩා පුස් කන්නේ මෙවා එදා දෙන්න ඔනැ නිසා ...

:       0       7

samira Tuesday, 17 November 2020 06:00 AM

හොරු මදිවාට මංකොල්ලකාරයොත්

:       0       8

hasan Tuesday, 17 November 2020 07:20 AM

දැන් ඉතින් ඒ ගොල්ලන්ගේ සල්ලිවලින් එළි පෙහෙළි කරපු කැලෑව ආයෙ වවන්න කියන්නේ... ඒගොල්ලෝ සිංහල අය කියලා බලන්න එපා... මුස්ලිම් අයට දෙන නීතියම දෙන්න. එක රටක් එක නීතියක්

:       2       65

lal Tuesday, 17 November 2020 12:25 PM

දැන් එතකොට රජතුමයි, සර් දෙන්නමයි දොයිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 258 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 101 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 587 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 102 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 236 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2172 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 615 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1764 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site