(යොහාන් භාසුර)
හම්බන්තොට, ගොන්නෝරුව සෝලාර් එනර්ජි පාක්හි මෙගාවොට් 150ක බිම්ගත සූර්ය පැනල බලශක්ති ව්‍යාපෘතිය සංවර්ධනය වෙනුවෙන් විදුලිය මිලදී ගැනීමේ ගිවිසුමට අස්සන් තැබීය. .
මෙම ව්‍යාපෘතිය දේශීය සංවර්ධකයන් සහ ආයෝජකයන් 17 දෙනෙකු එකතුව ක්‍රියාත්මක කරන අතර මෙගාවොට් 10 බැගින් වන බලාගාර 13 කින්ද, මෙගාවොට් 5 බැගින් වන බලාගාර 4 කින් ද සමන්විත බවත් එම සියලුම ව්‍යාපෘතිවල සමස්ත ධාරිතාවය මෙගාවොට් 150 ක් බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.
විදුලිබල මණ්ඩලයේ සම්මත විදුලිය මිලදීගැනීමේ ගිවිසුම යටතේ නව ව්‍යාපාර ව්‍යුහයකින් ඇමරිකානු ඩොලර් මිලියන 150ක ආයෝජකකින් මෙම ව්‍යාපෘතිය, එයට අවශ්‍ය සම්ප්‍රේෂණ පහසුකම් සහ ජාල පද්ධතිය ද ආයෝජකයා සංවර්ධන කරන බවත් මෙම වසරේ මැයි මසදි ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට බලාපොරොතු වන අතර විදුලිබලය 2025 වසරේ මැද භාගය වන විට ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා කීය.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ සහ විදුලිබල මණ්ඩලයේ, සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරීන් සහ ආයෝජකයන් ද මෙම අවස්ථාවට එක්වූහ.
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත
තමන්ට අපහාස වන අයුරින් තමාගේ හිටපු මාධ්‍ය ලේකම්වරයෙකු ඔහුගේම මුහුණු පොත හරහා අපහාස උපහාස සිදුකිරීම සහ තම සමීපමතමයන්ට දුරකථනයෙන් මරණ තර්ජන සිදු කිරී
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හම්බන්තොට මෙගාවොට් 150ක සූර්ය බලශක්ති උද්‍යානයක්