IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


හිමිවරුන්ගේ අතුරු පෙත්සමට විරෝධතා ගොනු කරන්නැයි කාදිනල්ට කියයි

(මනෝප්‍රිය ගුණසේකර)

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කර ඇති අතුරු නියෝගය ඉවත දමන්නැයි ඉල්ලා බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධර්මරත්න හිමියන් ඇතුළු හිමිවරු තිදෙනකු ගොනුකොට ඇති අතරමැදි පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ලබන 13 වැනිදාට පෙර ගොනු කරන ලෙස අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ඇතුළු පාර්ශ්වකරුවන්ට ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) නියෝග කළේය.

අතරමැදි පෙත්සම අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් ුවු කරුණු සළකා බැලීමෙන් අනතුරුව එලෙස නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය අතරමැදි පෙත්සමට පාදක වු මුල් පෙත්සම විභාග කළ විනිසුරු මඩුල්ල හමුවේ අතරමැදි පෙත්සම කැඳවීමටද නියම කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලිණි.

බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධර්මරත්න, කොල්ලූපිටිය රාහුල හිමි සහ මහාචාර්ය අගලකඩ සිරිසුමන යන හිමිවරුන් විසින් මෙම අතරමැදි පෙත්සම ගොනුකොට ඇත.

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිධූරයේ කටයුතු කිරීමට එරෙහිව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි ඇතුළු පිරිසක් විසින් මෙහි මුල් පෙත්සම ගොනුකොට ඇත.

එම පෙත්සම විභාගයට ගැනීමෙන් පසුව පසුගිය ජූලි 24 වැනිදා දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිධුරයේ කටයුතු කිරීම වළකාලන අතුරු නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කෙරිණී.

ඊට එරෙහිව හිමිවරුන් තිදෙනෙකු විසින් අතරමැදි පෙත්සමක් ගොනු කරමින් දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිධූරයේ කටයුතු කිරීම වළකාලමින් නිකුත් කර ඇති අතුරු නියෝගය ඉවත් කර ඒ මහතාට එරෙහිව ගොනුකොට ඇති පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා සිටිති.

අතරමැදි පෙත්සම කැඳවු අවස්ථාවේදී අතරමැදි පෙත්සම්කාර හිමිවරුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර සිල්වා මහතා කරුණු දක්වමින් අතරමැදි පෙත්සම් සම්බන්ධයෙන් මැතිවරණයට පෙර කරුණු තහවුරු කිරීම අත්‍යවශ්‍ය බැවින් ඉතා කෙටි දිනයක් ලබාදෙන්නැයි ඉල්ලා සිටියේය.

 



අදහස් (0)

හිමිවරුන්ගේ අතුරු පෙත්සමට විරෝධතා ගොනු කරන්නැයි කාදිනල්ට කියයි

ඔබේ අදහස් එවන්න

දියත

අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 121 0

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5345 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 838 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 4147 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 3778 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුබපතයි
2024 සැප්තැම්බර් මස 22 2484 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


වැඩි දෙනා කියවූ පුවත්



ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16874 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 84 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 264 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 134 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site